
නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයෙන් පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු මෙරට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.
එම වැඩසටහන් නැවතත් අරඹමින් මෙම ජගුවර් සත්වයා පෙරේදා (26) දෙහිවල සත්වෝද්‍යානයට ලබාගැනීමට හැකි වූ බව ද සදහන් වේ.
නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම පිරිමි සත්වයා, වසරේ නෙදර්ලන්තයේ රෝයල් ආ(ර්)ටිස්ට් සත්වෝද්‍යානයේ සත්ව හුවමාරු වැඩසටහන හරහා 2019 වසරේ දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු කලු ජගුවර් ගැහැණු සත්වයාගේ සහායකයා ලෙස ලබාගත් බවත් මේ වන විට ජගුවර් සත්වයා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අතර, සුදුසු පරිසර තත්ත්වයට හුරු කළ පසු කලු ජගුවර් සිටින ස්ථානයට යොමු කර ජගුවර් පවුලක් ලෙස ජනතාවට දැකබලාගැනීමට සලස්වන බවත් ඔහු කියා සිටී.
Source – lankadeepa