
හර්ෂි රසාංගා අවුරුදු ගාණක ඉඳන් හුරු පුරුදු රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට හුරු පුරුදු චරිතයක් වෙන්නේ ළමා රංගන භූමිකාවෙන්. සුජාතා ටෙලි නිර්මාණයෙන් හැමෝගෙම ආදරය දිනාගත්ත හර්ෂි දැන් පුංචි තිරයේ පෙම්වතියක් දක්වා දුර ඇවිත්.මම පුංචිම කාලේ මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. හය වසරෙදි තමයි මට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ රවින්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ සුජාතා ටෙලි නාට්‍යය. පළමු ටෙලි නාට්‍යයෙන්ම මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. බොහෝ අයට ජනප්‍රිය වෙන්න කාලයක් ගියාට මට වාසනාවකට වගේ බොහෝ දෙනාගේ ආදරය ලැබුණා පුංචි කාලෙදීම.
අදටත් සුජාතා නාට්‍යයේ හිටපු පුංචි රංගන ශිල්පිනිය විදිහට මාව හඳුනගන්න බොහෝ පිරිසක් ඉන්නවා. අවුරුදු දහයක් වගේ කාලයක් ඇතුළත මේ වගේ තැනකට එන්න ලැබීම ඇත්තටම සතුටක්.රංගන ශිල්පිනියක් වෙන්න මට එහෙම හීනයක් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. හැබැයි මාව හම්බෙන්නත් කලින් අම්මටනම් ඒ වගේ හීනයක් මං ගැන තිබිලා තියෙනවා. අම්මා කවදාවත් එයාගේ හීනය මගේ ඔළුවට දැම්මේ නැහැ. දෛවය නිසා වෙන්න ඇති මට රංගන ශිල්පිනියක් වෙන්න ලැබුණා. අහම්බෙන් තමයි මට ඒ අවස්ථාව ලැබුණෙත්.මම මේ දවස්වල හිරු නාලිකාවේ ලංවී කතාවේ සහ තාදි ටෙලි නාට්‍යයේ සමන්ති කියන චරිතවලින් තමයි ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙන්නේ.
ඒ නිර්මාණ දෙකට අමතරව චරිත් අබේසිංහ අයියා අධ්‍යක්ෂණය කරන නම්බර් 9 කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් එකතු වෙලා ඉන්නවා.ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයට අපි ගැන හොයනවා. ඒ උනාට මම මගේ පුද්ගලිකත්වයට ගොඩක් කැමතියි, සමහර අය කරන දේවල් නිසා මට රංගනයෙන් අයින් වෙන්නත් හිතෙනවා. හැබැයි දැන් මට දැනෙනවා අපි ආශ්‍රය කරන සමහර අයට එයාලා හිතපුවත් නැති දේවල් වෙලා තියෙනවා කියලා ඉතින් මට වෙච්ච දේවල් මොනවද කියලා හිතෙනවා. දැන් ඉතින් මම පොඩි පොඩි දේවල්වලට වැටෙන්නේ නැතිව කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කළත් මගේ ගමන යනවා.
ඉතින් ඒ වගේම ආදරේ ගැන කතා කරනකොට ඇය විස්වාස කරන දෙයක් තමයිලු තමන්ට ගැලපෙන කෙනෙක් කොහේ හරි තැනක ඉන්නවා කියන දේ. ඉතින් ජීවිතේට ගැලපෙනම කෙනා හම්බ වෙනකම් හරිම පරිස්සමෙන් අනිත් අයත් එක්ක ගනු දෙනු කරන්න ඕන කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම කෙනෙක්, කීදෙනෙක් එක්ක යාලුවෙනවද, එයා කීදෙනෙක් එක්ක විවාහ වෙනවද, ඩිවෝස් වෙනවද කියන දේ කවදාවත් අපිට වෙනස් කරන්න බැහැ කියලත් ඇය කියනවා. ඒවා ජීවිතේ ලියවිලා තියන විදිහටලු වෙන්නේ. ඉතින් වැරැද්ද ගැහැණු කෙනාගේ වුනත් පිරිමි කෙනාගේ වුනත් දෙගොල්ලොම මිනිස්සු කියලයි ඇය කියන්නේ.
ඉතින් ඒ වගේම ගොඩක් වෙලාවට හම්බ වෙන්න ලැබෙන්නේ නැති දෙන්නෙක් ෆෝන් එකෙන් ආදරේ කරන එක ගොඩක් සුන්දරයි කියලයි ඇය කියන්නේ. හැබැයි වෙලාවකට ඒක ලොකු දුකක්ලු. ඉතින් ඇය කියන්නේ සම්බන්ධතාවයක් ඇතුලේ ඇත්තටම ආදරේ කියන දේ තියනවානම් ඕනෑ එපාකම් කොච්චර තිබුනත් ඒ දේවල් ඉවසන්න පුළුවන් වෙන්න ඕන කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය කැමති නැහැලු අදරේදී ෆොටෝ වීඩියෝ ෂෙයාර් කර ගන්න. මොකද ඇය පොඩි කාලේ ඉදන්ම දැකලා තියනවාලු ගොඩක් ළමයින්ට වෙලා තියන දේවල්. ඉතින් ඒ වගේම ඇයගේ ජීවිතේ දැන් ඇයට තියන එකම බලාපොරොත්තුව සතුටින් ජීවිතේ කිසිම දුකක් නතුව ජීවත් වෙලා සතුටින් මැරිලා යන එක කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
පැරණි පුවත්
මම ගොඩක්ම තෝරාගන්නේ මට ගැලපෙන මගේ ඇඟ පේන ඇඳුම් අඳින්න- ඩිලුෂි හංසිකා
රංගන ශිල්පිනියක වගේම නිරූපිකාවක විදියටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඩිලුෂි හංසිකා කියන්නේ, දෙරණ නාලිකාවේ විකාශනය වුන ධරණී ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත ඩිලුෂි හංසිකා මේ වනවිට ටෙලිනාට්‍ය ගණනාවක්ම හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්නවා, ඉතින් අපි අද කතා අකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන ඩිලුෂි හංසිකා සමගයි. ඩිලුෂි අපි දකිනවා ඔයා ගොඩක් සුන්දර විලාසිතා කරනවා, ගොඩක් ආසයි නේද විලාසිතා කරන්න ”මම ආසම විෂයන් වලින් එකක් තමයි විලාසිතා කියන්නේ, ඉතින් මම විශ්වාස කරනවා විලාසිතා වලට පුළුවන් අපේ ගත මනස දෙකම සතුටින් තියන්න,”
විලාසිතා කියන විෂය දකින්නේ කොහොමද..? ”මෙහෙමනේ විලිවසාගන්න නිර්මාණය වුන ඇඳුම් අද වෙද්දී රටින් රටට පලාතෙන් පලාතට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙමින් පවතිනවා, ඒ වගේම වටිනාකම් ගොඩක් එකතුවෙලා තියෙනවා, ඒ වගේම ලෝකේ අවධානය දිනාගන්න පුළුවන් වෙලා තියෙන පුළුල් විෂයක්, ඉතින් අදවෙද්දී මේ දේවල් නැතුවම බැරි දෙයක් වෙලා,”
ඇඳුමක් තෝරාගන්න කලින් ඔයා අවදානය දෙන කරුණු මොනවද..? ”මෙහෙමයි අංක එකට මම ඇඳුමක් ගද්දී බලන්නේ මගේ පහසුව, මොන තරම් වටිනා ඇඳුමක් වුනත් කොච්චර ලස්සන වුනත් මම ඒක ඇඳන් ඉන්න අපහසුනම් අඳින්නේ නෑ, අනිත් කාරනාව තමයි මගේ ඇඟේ හැඩය පේන ඇඳුම් අඳින්න මම ආසයි, මම ගොඩක්ම තෝරාගන්නේ මට ගැලපෙන මගේ ඇඟ පේන ඇඳුම් අඳින්න, ඒ වගේ විලාසිතා කරන්න”
හැමෝම ගොඩක්ම ලස්සනයි කියන්නේ මොනවගේ ඇඳුම් ඇන්දම කියලද ඔයා හිතන්නේ ” කොයි ඇඳුම ඇන්දත් මට ලස්සනයි කියලයි මම හිතන්නේ, හැබැයි මට ගවුම් සහ ඔසරිය ඇන්දම තමයි වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ, මගේ මුහුණේ පෙනුම උස ඔක්කොමට ගැලපෙන්නේ ඔසරිය, හැමෝම කියන්නේ මම ඔසරිය ඇන්දම ගොඩක් ලස්සනයි කියලා ඉතින් මමත් ආසයි ඔසරිය අඳින්න”
ඩිලුෂි ගොඩක් අයට උදවු කරනවා කියන්නේ ඇත්තද..? ”මෙහෙමයි කවුරුහරි කිවුවොත් එයාලගේ පොඩි පොඩි බිස්නස් වලට උදවු කරන්න කියලා මම උදවු කරනවා, එයාලා වෙනුවෙන් ඇඳුමක් ඇඳලා සපත්තු දෙකක් දාලා, හෑන්ඩ් බෑග් එකක් දාලා ෆොටෝ අරගෙන මගේ ශෝෂල් මීඩියාවල දාලා ප්‍රසිද්ධ කරලා එයාලට හෙල්ප් එකක් දෙනවා, මම එහෙම උදවු කරපු අය අද ගොඩක් හොඳ තැන්වලට ඇවිත් ඉන්නවා, මට හරිම සන්තෝසයි ඒවා දකිද්දී, මම මට පුළුවන් උදවු කරනවා,”