
විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (26) පස්වරුවේ පැවසීය.
විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බවත් උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410 ක් අවශ්‍ය බවත් ඔහු කියා සිටී.
විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදු නොකළ අතර කිසියම් ප්‍රදේශයකට විදුලි විසන්දි වූයේ නම් එය වෙනත් දෝෂයක් බව කී ඉලංගකෝන් මහතා පැවසුවේ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් පැවසූ ඔහු ඉන්ධන නොමැතිව විදුලිය සැපයිය නොහැකි නිසා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකඟ වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් ඔහු කියා සිටී.
මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි වූ බව කී සභාපතිවරයා සඳහන් කළේ එහිදී විදුලිය නොකපන බවට නිලධාරීන් එකඟ වී නොමැති බවත්ය.
source – lankadeepa