රෝහල් තොරතුරු පද්ධතිය මිලදී ගන්න නිලධාරීන් 15ක් ඉන්දිය සවාරියක… සේවකයින්ගෙන් චෝදනාවක්…
Thursday, 2023 Jan 26 - 18:21
නාරාහේන්පිට පිහිටි රජයට අනුබද්ධ ප්‍රධාන රෝහලක ‘රෝහල් තොරතුරු පද්ධතිය’ (එච්.අයි.එස්.) මිලදී ගැනීම සඳහා එම රෝහලේ නිලධාරීන් 15 දෙනෙක් පමණ ඉන්දියාවට ගොස් ඇති බව රෝහලේ සේවකයෝ චෝදනා කර තිබේ.රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලක් අදාල නිලධාරීන් 15 දෙනාගේ ඉන්දීය සංචාරය සඳහා වැය කරන බව පැවසූ එම සේවකයන් පෙන්වා දුන්නේ එම රෝහල රජය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලධාරීන්ගේ අවධානය මෙවැනි දෙයට යොමුවිය යුතු බවයි.
අදාල කටයුත්ත සඳහා උපරිම නිලධාරීන් සිවුදෙනෙක් සහභාගි වූයේ නම් ප්‍රමාණවත් බව කියන එහි සේවකයෝ මෙවැනි පිරිසක් පරිඝණක මෘදුකාංගයක් මිලදීගැනීමට පිටත්ව යෑම මුදල් නාස්තියක් බවත් පහළ මට්ටමේ සේවකයන්ගේ දීමනා රැසක් කප්පාදු කර ඇති පාලන අධිකාරිය එම මුදල් යොදාගෙන රට සවාරි යෑම අනුමත කළ නොහැකි බව ඔවුන් සදහන් කරයි. එමෙන්ම මෙවැනි නාස්තීන් නැවැත්වීමට බලධාරීන් මැදිහත්විය යුතු බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.
source – lankadeepa
මෙන්න බලන්න තවත් පුවත්