
අපි හැමෝම ගොඩක්ම ආදරේ කරන රංගන ශිල්පිනියන් අතරින් වඩාත්ම ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුෂන්කා කියන්නේ, පුංචි තිරය හරහා වගේම රිදී තිරය හරහාත් හැමෝගෙම ආදරේ දිනාගත් මහේෂි වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් විදියටත් ලාංකේය ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රියයි. ඇය තම සමාජ මාධ්‍ය ඔස්සේද බොහෝ දෙනාගේ ආදරයට පත්ව තිබෙනවා. මෑතකදී ආරම්භ කරනු ලැබූ ඇයගේ යූටියුබ් නාලිකාව ඔස්සේද ඇයගේ එදිනෙදා වැඩකටයුතු දැක බලා ගැනීමටද බොහෝ දෙනෙකුට හැකියාව තිබෙනවා. ඉතින් අද අපේ මේ කතාබහ මහේෂි මධුෂන්කා සමග, ඉතින් මගේෂි කොහොමද මේ දවල ජීවිතේ ”මේ දවස්වල ඉතින් සුපුරුදු පරිදි වැඩ වලට සම්බන්ද වෙලා ඉන්නවා ඒ වගේම මේ දවස්වල ගෙදර වැඩ ටිකකුත් කරනවා පොඩි පොඩි රෙපයාර් වැඩ ඉතින් ඒ වැඩ කරන බාස් උන්නැහේලා ගැනත් බලන්න ඕන ඉතින් ඒ වැඩයි ක්‍ෂේත්‍රයේ වැඩයි එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ”
දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට කොහොමද මහේෂි තාම ඔච්චර ලස්සනට ඉන්නේ..? ”ඕක මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක්, පහුගිය දවසක ‘ගේම්’ ෆිල්ම් එකේ විශේෂ ධර්ශනයක් පෙන්නුවා ඒක බලන්න රන්ජන් අයියත් ඇවිත් තිබ්බා ඉතින් එතනට ඇවිත් හිටපු කළා ක්‍ෂේත්‍රයේ කාන්තා පිරිමි දෙපාර්ශවයේම අය මාව ගොඩක් ලස්සනයි කියලා වර්ණනා කළා. ඒ වගේම මගේ ලස්සනේ රහස මොකද්ද කියලත් ඇහුවා, අනේ මම විශේෂ දෙයක් කරන්නේ නෑ, බබාලත් බලාගෙන ඉන්නේ හැබැයි මම මහන්සි වෙලා වැඩ කරන අතරේ මගේ ගැන බලන්නත් අමතක කරන්නේ නෑ, ඒක තමයි මගේ සුන්දරත්වයේ රහස”
මැස්සා නාට්‍යයේ මහේෂි පන පොවන්නේ පොලිස් කාන්තාවකගේ චරිතයකට ඉතින් මහේෂි ඔයා වගේම ලස්සන පොලිස් නිලධාරී යෙහෙලියන් එහෙම නැද්ද..? ”අපෝ ඉන්නවා, මට වඩා ලස්සන මගේ යාළුවො ඉන්නවා, පොලිස්සියට බැඳෙනවා කියන්නේ පොලිස් සේවයට බැඳුනම ලොකු කැපකිරීමක් කරන්න වෙනවා, බබෙක් ලැබුනම අනිත් රාජ්‍ය සේවකයන්ට වගේ ගෙදර ඉන්න ලැබෙන්නේ නැහැ, සේවයට යන්න වෙනවා, සමහර වෙලාවට එයාලට රෑට පවා ඩියුටි කරන්න වෙනවා, ඉතින් මටනම් හිතෙන්නේ ලෝකේ ඉන්න මානුශීයම පොලිස්සිය ලංකාවේ පොලිස්සිය කියලයි”
පැරණි පුවත්
මම අපේ ගෙදර බාලයා වගේම බුවිත් එයාගේ ගෙදර බාලය, ඉතින් දරුවෙක් හිටියට අපි තාම සෙල්ලක්කාරයි
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර කියලා කියන්නේ. ඒ වගේම ඔහු දක්ෂ නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් මෙන්ම නර්ථන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. කොහොම නමුත් සජිත පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් 2022 අවුරුද්ද ඔහුට වයස අවුරුදු තිහ සම්පූර්ණ වුණා කියලයි සජිත කියන්නේ. ඉතින් මේ අවුරුදු තිහ පුරාම ඔහු ලබපු අත්දැකීම් එක්ක ඔහු 2023ට මුහුණ දුන්නා කියලත් සජිත කියනවා. ඒ වගේම අවුරුදු විසි නවයක අත්දැකීම් එක්ක ඔහු තිස්වැනි අවුරුද්ද ගිය වසරේ සැමරුවා. ඉතින් ජීවිතේ ගන්න තීරණ, කරන දේවල්, එකතු කරගන්නා අත්දැකීම් එක්ක 2022 අවුරුද්ද ගත කළා කියලයි ඔහු කියන්නේ. කොහොම නමුත් ඔහුගේ අප්පච්චි වන ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අනතුරට මුහුණ දුන්නේත්, ඔහුගේ පුංචි පුතා නිසා ඔහු පිය පදවිය ලැබුවේත් 2022 අවුරුද්දේ. ඒ නිසාම ඒක දුක සතුට කියන අන්ත දෙකේම සීමාවල් ඉක්මවා ගෙවපු අමුතු අවුරුද්දක් කියලත් ඔහු කියනවා.
ඉතින් ඔහුගේ පුතා ඉපදුණේ 2022 මැයි මාසෙ. ඒ වගේම සජිත අපේ ගෙදර බාල දරුවා වගේම බුවිත් එයාගේ පවුලේ බාල දරුවා නිසා මේ දෙන්නම පුංචි කාලේ ඉඳන් හැමෝගෙම ආදරය, රැකවරණය පුරුදුවෙලා හිටියා කියලයි ඔහු කියන්නේ. ඒ නිසාම විවාහයෙන් පස්සේදී වුණත් ජීවිතේ වගකීම් දරන වැඩිහිටියන් විදිහට ඔවුන් හිතුවේ නැහැලු. ඉතින් සෙල්ලක්කාර විදිහට, විනෝද වුණ දෙන්නෙක් විදිහට ජීවත් වුණා කියලයි සජිත කියන්නේ.
කොහොම නමුත් පුතාගේ ඉපදීමත් සමඟ පුතා ඔවුන් දෙන්නා එක්ක මේ යන ගමනේදී එයාගේ පුංචිම පුංචි දේවල්, පුංචි ඉරියව් පවා ඔවුන් මාර දෙයක් විදිහට සමරනවා කියලත් ඔහු කියනවා. ඉතින් දැන් ජීවිතේ දවසින් දවස හරි වෙනස් වෙන නිසා ජීවිතේ සැහැල්ලුවෙන්ම ගතකරපු කාලෙට වඩා පොඩි බරකට ජීවිතේ ගෙනියන බව දැනෙනවා කියලයි ඔහු කියන්නේ.
ඒ වගේම ඔවුන් දැන් ඉන්න ගෙදර බුවීගේ දෙමව්පියන් නිර්මාණය කරපු ගෙදරක් කියලත් ඔහු කියනවා. ඉතින් ඒ ගෙදර බුවියි ඔහුයි යාළු වුණ කාලේ ඉඳන් දැකපු හීනයක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් කොහේ මොන රටකට ගියත් අවසානයට එන ගෙදර ලස්සනට තියාගෙන ඉන්න එක හිතට සහනයක් කියලයි සජිත අවසාන වශයෙන් පවසලා තිබුනේ.