ඊයේ (25) නාඳුනන පිරිමි මළ සිරුරක් කටුගස්තොට පොලිස් වසමේ කුඩා රත්වත්ත ප්‍රදේශයේ, මහවැලි ගඟේ තිබියදී සොයා ගෙන තිබේ.

මරණකරු වයස අවරුදු 40ත් 50ත් අතර වයසේ පසු වන බවට අනුමාන කෙරෙන අතර අතර කළු ඉරි සහිත කමිසයක් සහ කළු පැහැති කලිසමක් ඇඳ තිබුණ බව සදහන් වේ.

මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට ලැබුණු පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ. මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙන්න බලන්න තවත් පුවත්