
මේ දවස්වල ලංකාවේ බහුතරයක් නරඹන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි ස්වර්නවානිනී නාලිකාවේ විකාශනය ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගේම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දුටුවන්ගේ නෙත් වශී කරනවන සුන්දර රුවකට හිමිකම් කියන පියුමි ශ්‍රීනායක සමග,
ඔබට හිතෙන විදියට ඔයාට ගැලපෙනම විලාසිතා මොනවද..?
‘මට ගැලපෙනම විලාසිතා තමයි ඉන්දියානු විලාසිතා, මගේ මුහුණේ හැඩයි ඇඟේ පැහැයයි නිසා මම හින්දි විලාසිතා කරද්දී ගොඩක් අය කියනවා මම හින්දි නිලියක් වගේ කියලා, මම විලාසිතා කරද්දී දුඹුරු පාට හැරෙන්න ලෝකේ තියෙන ඕනෑම පාටක ඇඳුම් අඳිනවා මම දුඹුරු පාට ඒවා පෙන්න බෑ, අනිත් හැම පාටක්ම මට ලස්සනයි කියලයි මට හිතෙන්නේ,”
අපි දකිනවා ඔබ ඔබටම ආවේනික විලාසිතා කරනවා, ඉතින් ඒ ඇඳුම් නිර්මාණය කරගන්නේ ඔබමද..?
”ඇත්තම කියනවනම් නැහැ, මට මම වෙනුවෙන්ම ඇඳුම් නිර්මාණය කරන කෙනෙක් ඉන්නවා, එයා තමයි රුවන් චාමර මල්ලි, එයා මට නිර්මාණය කරලා දෙන එක ඇඳුමක් මම අඳින්නේ එක පාරයි, ඉතින් ඒ නිසා එයා අලුත් අලුත් ඇඳුම් ගොඩක් මට හදලා දෙනවා, ඇත්තම කියනවනම් එයා අති දක්ෂයෙක්”
විලාසිතා වෙනුවෙන් ලොකු මුදලක් වැය කරනවා ඇති නේද එහෙනම්
අනේ නෑ, මම නිතරම බලන්නේ අඩු මුදලකින් ලස්සනට අඳින්න පළදින්න, මම කොහොමත් බ්‍රැන්ඩඩ් ඇඳුම් විතරක් අඳින කෙනෙක් නෙවෙයි, මම මට ගැලපෙන ඕනෑම ඇඳුමක් අඳිනවා, මට එහෙම මානසික මට්ටමක් නෑ, පොඩි ගානකට ලස්සන ඇඳුමක් හම්බවුනොත් මම ඒකත් අරන් අදිනවා, ඒක පාටියකට හොඳයි කියලා හිතුනොත් මම පාටියකටත් ඒක අඳිනවා,”
පැරණි පුවත්
අපිව පෙන්නලා පස්සේ ගණන් අඩු අය දාලා එයාලා වැඩේ කරනවා-නදීෂා හේමමාලි හෙළි කල අමුතු කතාව
රංගන ශිල්පිනියන් අතරින් සුන්දරම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන නදීෂා එක්ක ටිකක් කතා කරන්න, ඉතින් නදීෂා මොනවද අලුත් වැඩ කටයුතු ”STAR GAZER තමයි මේ වසරේ කරන්න සුදානම් වෙන අලුත්ම වැඩේ, ඒ වගේම මම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා, එකේ නම KOYAL ඔන්ලි සාරි විකුණන බිස්නස් එකක්, ඒ වැඩවලටත් මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ, ඉතින් රංගන කටයුතු වගේම ව්‍යාපාර කටයුතුත් බැලන්ස් එකේ කරගෙන යන්න තමයි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ”
නදීෂා ටෙලිනාට්‍ය තෝරාගන්නේ බොහොම අඩුවෙන් ඇයි ඒ..?
”මෙහෙමයි මම ගොඩක් නිර්මාණ තෝරාගන්නේ ගොඩක් තෝරලා බේරලා, මම මුලින්ම කරන්නේ පිටපත් හොඳට කියවන එක, ඒ වගේම හොඳ අධ්‍යක්ෂකවරෙක් කරන දෙයක් නම් මම ඒ නිර්මාණය බාරගන්නවා, හැබැයි දැන් මේක ගොඩක් වෙලාවට මාෆියාවක් වෙලා තියෙන්නේ, අපෙන් නාට්‍ය පටන් අරගෙන පලවෙනි කොටස් පහ හය පෙන්නලා ඊට පස්සේ අලුතෙන් එන ළමයි දාලා මිල අඩුවට වැඩේ ඇදගෙන යනවා, දැන් කිසිම නාට්‍යක සම්පූර්ණ පිටපත මුලින්ම ලැබෙන්නේ නෑ, පලවෙනි කොටස් 50-60ක් පෙන්නලා තමයි පිටපතක් හදන්නේ, අන්තිමේදී පටන් ගත්ත තැනින් නෙවෙයි කතාව ඉවර වෙන්නේ”
ඔබ නිෂ්පාදිකාවක් විදියටත් කාලයක් කටයුතු කළා දැන් ඒ දේවල් නතර කරලද..?
”දැන් චැනල්වලින් කළා කරුවන් වෙන් කරගෙන ඉන්නවා, ඉතින් අපි නිර්මාණයක් කරද්දී එක එක චැනල් වලින් කියනවා මෙයා ඕන නෑ එයා අයින් කරලා ඒ වෙනුවට මෙයාව ගන්න කියලා අනවශ්‍ය බලපෑම් කරනවා, ඒ වගේම නිර්මාණවල absolute ownership එක ඒ අය ගන්නවා එතකොට අපිට බොහොම අඩු මුදලක් තමයි ලැබෙන්නේ, ඉතින් අපි ගෙවන පඩිත් අඩුවෙනවා, එහෙම වුනාම රංගන ශිල්පියන් අපේ නිර්මාණවලට සම්බන්ද වෙන්නේ නෑ, ඉතින් දැන් නිර්මාණ කරුවන් විදියට අපිට දැන් නිෂ්පාධනයක් කරන්න බැරි වෙලා ඉන්නේ”
නදීෂා ඔයා කලින් චෝදනාවක් කරලා තිබ්බා සම්මුඛ සාකච්ඡාවල දී කියන දේ නෙවෙයි පුවත් පත්වල දාන්නේ කියලා, ඒ චෝදනාව ඇත්තද..?
ඇත්තටම ඔව්, මම හිතන්නේ ඒක මාධ්‍ය සදාචාරයට ගැලපෙන්නේ නැති දෙයක් කියලා, මේ කාලේ සමාජ මාධ්‍ය ඉතාම දියුණු කාලයක්, අපිට අපේ අදහස් ඕනෑම වෙලාවක පලකරන්න පුළුවන්, එහෙම තිබිලත් අද අපි කියන දේවල් වෙනස් කරලා අවදානය දිනාගන්න වෙනස් කරලා පලකරනවානම් ඒක වැරදි වැඩක්, අපිට ආත්ම ගරුත්වයක් කියලා දෙයක් තියෙනවා, මම නිතරම ආත්ම අභිමානය ගැන හිතන කෙනෙක්, මට විතරක් නෙවෙයි ඒ වැඩ නිසා ඕනෑම ප්‍රසිද්ධ චරිතයකගේ චරිත හානියකට ලක්වෙන්න පුළුවන් ඒ දේවල් වලට මම කැමති නෑ”