
මනමාලයාට පහර දී කන සපා කෑල්ලක් කඩා විවාහය නිමා කළ සිද්ධියක් පිළිබද පුවතක් ගම්පොලින් වාර්තා වේ.
විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කලයි උරනවූ මනමාලිය මනාලයාගේ සිරුරද සූරා තුවාළ කොට මනමාලයාගේ නැගණියට ද පහර දී, නැන්ද මාමාට බැණ වැදී පැලද සිටි මංගල මුදුව මනමාලයාට ගලවා දී ඇති බවත් මෙම මනමාලයා හා මනමාලිය වසර හතක් ආදරය කොට විවාහ වූ යුවළක් බවත් ගම්පොල පොලිසිය පවසයි.
මනමාලිය ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇය පුද්ගලික මුල්‍ය ආයතනයක ද සේවය කොට ඇති අතර මනමාලයා ගලත ප්‍රදේශයේය. ඔහුද පුද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි. දෙදෙනාගේ විවාහය මීට දින පහකට පෙර සිදුකර ඇත්තේ විශාල මුදලක් වැය කරමිනි ඡායාරූප ශිල්පියාට පමණක් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලකි.
දෙදෙනාම දෙවැනි ගමන නිමා කොට ගොස් දින හතරක් පමණ ගත කොට යලි ගලත පිහිටි මනමාලයාගේ නිවසට පැමිණ තිබෙන අතර එහිදී මනමාලයාගේ මිතුරකු හමුවී ඇති මනමාලයා දෙදෙනාම බියර් එකක් පානය කොට තිබේ. මේ හේතුව නිසා මනමාලයාට නිවස තුළට පැමිණීමට පැය භාගයක ්‍රමාදයක් සිදුව තිබේ. මින් දැඩි ලෙස කෝපයට පත්ව ඇති මනමාලිය නිවසට පැමිණ ඇති මනමාලයාට බැන වැදී පහර දී මට පටන් ගෙන තිබේ පසුව ලේ පෙරෙන තුරු කන සපා කා ඇති ඇය ඔහුගේ ශරීරයද නියපොතුවලින් සුරා තිබේ.
කලබලය නැවතීමට මැදිහත් වූ මනමාලයාගේ මවට හා පියාට බැණ වැදී ඇති මනමාලිය මනමාලයාගේ මව ද තල්ලු කර දමා තිබේ අනතුරුව මනමාලයාගේ නැගනියට ද පහර දී ඇති ඇය සිය නිවසට දුරකථන ඇමතුමක් දී තමා රැගෙන යාමට පැමිණෙන ලෙස දන්වා තිබේ . ඒ අනුව මනමාලියගේ පාර්ශවයේ විශාල පිරිසක් ත්‍රිරෝද රථවලින් මනමාලයාගේ නිවසට පැමිණීමත් සමග සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.