ස්වර්ණවාහිනී නාලිකාවේ මේ දිනවල විකාශනය වන ‘ඇස්’ ටෙලි නිර්මාණයෙන් ඇස් අතරින් කතා කරන දක්ෂ නවක රංගන ශිල්පිනියක් මෙවර සිරිකත කවරය හැඩ කරමින් අපත් සමග එකතු වෙනවා.
ඇය ඉමා වීරසූරිය යි. මේ සටහන ඉමා ගැනයි.

ඉමාගේ ජීවිතේ වෙනස් වෙන්නේ කොතැනින්ද?

වසර 2015 ස්වර්ණවාහිනියේ පැවැත්වුණු ස්වර්ණ කුමරිය තරගය හරහා. එහි වසරේ ස්වර්ණ කුමරිය වෙන්න අවස්ථා ලැබීමත් එක්ක තමයි රංගනයට අවස්ථාව ලැබෙන්නේ. මුලින්ම දායක වුණේ දෙරණ නාලිකාවේ විකාශනය වුණු රාවණා සීසන් 2 ටෙලි නාට්‍යයට. ඊට පස්සේ පොදු සීසන් 1, මිහී කියන ටෙලි නාට්‍යවලට දායක වුණා. ඒ අතර තමයි නොහිතපු වෙලාවක ඇස් ටෙලි නාට්‍යයට අවස්ථාව ලැබෙන්නේ.

මේ දවස්වල කාලය ගත වෙන්නේ ඇස් සමගද?

ඔව්, ඇස් නිසා අලුත් පවුලක් හමුවෙලා තියෙනවා. එයාලා එක්ක ආදරයෙන් කාලය ගතවෙනවා. ඊට අමතරව අලුත් ටෙලි නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

සිහිළැල් මන්දාරාට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොයි වගේද?

ඒක වශීවුණු ආදරයක්. ඇත්තටම මම මීට පෙර කරලා තියෙන හැම චරිතයක්ම දුෂ්ඨ චරිත. තරුණියක්. ප්‍රේක්ෂකයෝ පවා මේ තරම් සිහිළැලිට කැමති වෙන්න හේතුව ඇය අහිංසක නිවුණු ගැහැනු ළමයෙක් නිසා වෙන්න ඇති. මෙහි අධ්‍යක්ෂක හසුන් සමීර මහත්මයා සිහිළැලි මන්දාරා චරිතය ගැන කියද්දී මුලින්ම මට ආස හිතුනේ චරිතයේ නමට. ඒ වෙනුවෙන් මාව දායක කරගත් ඇස් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා.

සිහිළැලිට වගේම ඉමාට ඇස්වලින් කතා කරන ප්‍රේමයක් තිබිලා නැද්ද?

මට ඉගෙන ගත්තේ මිශ්‍ර පාසලක. මොකද නැත්තේ ඒ කාලේ මටත් තිබුණා ඇස්වලින් කතා කරපු ප්‍රේමයක්. හැබැයි ඇස්වලින් කතා කළා විතරයි. ඒ ප්‍රේමය හිත යට යටපත් වෙලා ගියා. කැම්පස් කාලේ නම් ප්‍රේමවන්තියක් වෙලා හිටියා. දැන් නම් මම ප්‍රේම කරන්නේ කලාවට විතරයි.

පාසල් කාලේ ඉමා කොයිවගේ චරිතයක්ද?

සිහිළැලි තරම් නම් අහිංසක නැහැ. හැබැයි නපුරුත් නැහැ. හොඳට හොඳයි. නරකට නරකයි. එහෙම නැතුව මේ සමාජයේ ජීවත් වෙන්න අමාරුයි. මම පාසල් කාලේ ඒ තරම් සමාජශීලී ළමයෙක් නෙමෙයි. අපේ පාසලේ නාට්‍ය ගුරුතුමා සරත් චන්ද්‍රවංශ සර් තමයි මාව නාට්‍යවලට, නාට්‍ය තරගවලට ඇදගෙන ගිහිල්ල වේදිකාව උඩ හිටගන්න හොඳ පෞරුෂයක් හැදුවේ. මට කලාවට ආසාව ඇතිවුණේ එතැනින්. එතුමාව මේ වෙලාවේ ආදරයෙන් සිහි කරනවා.

ටෙලි නාට්‍ය නිසා ඉමාට දැන් වේදිකාව මගහැරිලද?

මම කලාවේ තුළ ඉපදුණු තැන තමයි වේදිකාව. කවදාවත් මට වේදිකාව මගහරින්න බැහැ. වේදිකාවෙන් පසුගිය කාලේ ටිකක් ඈත්වෙන්න වුණේ විශ්ව විද්‍යාල අවසන් විභාග කටයුතු නිසයි. ඉදිරියට වේදිකා නාට්‍යයකට දායක වෙන්න සූදානමින් ඉන්නවා.

වෘත්තිමයමය නිළියක් වෙන්නද සූදානම?

රංගනය වෘත්තිය කරගන්නවාට අම්මා කැමති වෙයි කියලා මම හිතන්නේ නැහැ. මාව මේ විදිහට පුංචි තිරයෙන් දකින්න හිටපු තාත්තා අද අපි ළඟ නැහැ. එයා අද හිටියා නම් ගොඩක් සතුටු වෙයි. මගේ අම්මයි මල්ලියි තමයි මගේ ළග ඉන්න එකම ශක්තිය. ගෙදර ලොක්කි විදිහට වගකීම් ගොඩක් තියෙනවා. ජීවිතේ ඉදිරියට මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි.

පැරණි පුවත්

නතාෂා මේ දිනවල ජනප්‍රිය චරිතයක්. යතුරක් නිසා ඇයටත් නොදැනිම ඇයගේ ජීවිතය ගැන හොයන්න තව කෙනෙක් උත්සාහ කරනව. මේ නතාෂාට පණ දෙන්නෙ ඩිස්නි රාජපක්‍ෂ. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්‍ෂ නර්තන ශිල්පිණියක් බව කවුද නොදන්නෙ මේ කතාබහ ඇයත් එක්ක.

යතුරක් නිසා ඩිස්නි මේ දවස්වල හරි ජනප්‍රියයි?

ඔව්, කී ටෙලි නාට්‍යයේ නතාෂා චරිතයට මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙනව.

පිටපත ගැන සෑහීමකට පත්වුණාද?

මුලදිම මට පිටපත ලැබුණෙ නැහැ. මේ කතාව සහ මගේ චරිතය ගැන පැහැදිළි කිරීමක් තමයි කළේ. මෙතනදි මම ගොඩක්ම කැමති වුණේ මේ නාට්‍යය අධ්‍යක්‍ෂණය කරන්නෙ ශිවගුරුනාදන් මහත්මයා කියල දැනගත්තතට පස්සෙ. එතුමා මීට කලිනුත් ටෙලියක ප්‍රධාන චරිතයට කතා කළා. නමුත් ඒ මොහොතෙ මම ලංකාවෙ හිටපු නැති නිසා භාරගන්න බැරි වුණා. ඒ ගැන පසුතැවීමෙන් ඉන්න අතර තමයි මේ ආරාධනය ලැබෙන්නෙ. ඒ වගේම පිටපත අසංක සායක්කාරගෙ බව දැනගත්තාම ගොඩක් ආසාවෙන් මේ චරිතය භාරගත්ත.

මගතොට ප්‍රතිචාර?

ඇත්තටම මම හිතුවෙ මේ චරිතයට බැනුම් අහන්න වෙයි කියල. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. මම හිතන්නෙ එහෙම වුණේ ඒ චරිතය මම ඉදිරිපත් කරන විදිහ සහ අධිතාත්වික රංගනයක් ඉදිරිපත් නොකරන නිසාවෙන් වෙන්න ඇති. ‘ලංවී. ටෙලි නාට්‍යයේත් එහෙමයි. දාමරික චරිතයක් වුණත් හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නෙ.

මේ කී ටෙලියෙන් බලාපොරොත්තු වුණ ජනප්‍රියත්වයක්ද?

චරිතය මට ලැබුණාම මේ වගේ ජනප්‍රියත්වයක් ලැබෙයි කියල නම් හිතුවෙ නැහැ. නමුත් ජනප්‍රියත්වයට වඩා මම හිතුවෙ චරිතය තුළ මට යමක් කරන්න පුළුවන් වෙයිද කියල. මොකද මම කැමති ඒ දේට. මෙතෙක් මම කළ චරිත එකකට එකක් වෙනස්. එක චරිතයක් කළාම ඒ වගේම තවත් චරිතවලට ආරාධනා ලැබෙනව. නමුත් මම ඒ දේට කැමති නැහැ.

නතාෂා වගේ තවත් චරිතවලට ආරාධනා ලැබුණා?

ඔව්. එවැනි චරිත කිහිපයකටම ආරාධනා ලැබුණ. නමුත් මම ඒවා ප්‍රතික්‍ෂේප කළා. මොකද මම කැමති එක වරකට එවැනි චරිත එකක් කරන්න වගේම භාරගත්ත චරිතයට උපරිම සාධාරණයක් කරන්න.

‘සීරුවෙන්. සිනමා නිර්මාණයේ ඔබේ චරිතය ලැබුණ මොන වගේ අගැයීමක්ද?

ඇත්තටම කියන්න ඕන” මාධ්‍ය දර්ශනය දවසෙ සීරුවෙන් සිනමා නිර්මාණයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණ. මට කතාකරගන්න වචන නැතිවෙන තරමටම සමහර ප්‍රතිචාර බර වැඩි වුණා.

එහි ඔබ සමඟ රඟපෑ ජැක්සන් ඇන්තනී අද ඉන්නෙ රෝහලේ?

ඒ ගැන නම් තියෙන්නෙ ලොකු හිස් බවක් වගේම පාළුවක් දැනෙනව. එතුමා දැවැන්ත චරිතයක් වුණත් අපිත් එක්ක ඉන්නකොට හරිම නිහතමානී සුන්දර පුද්ගලයෙක්. රූගතකිරීම් අවසානයේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු අපි මේ විදිහට කරමු කියල කතාවෙලා හිටියෙ. නමුත් අපි දැකපු ඒ හීන එතුමා නැතිව දකින්න වෙනකොට ගොඩක් දුකයි. චිත්‍රපටයේ මාධ්‍ය දර්ශණය දවසෙ එතුමාව තිරයේ දකිනකොට ඇත්තටම අපිට ඇඬුනා. අපි ප්‍රාර්ථනා කරන්නෙ මහජන ප්‍රදර්ශනය දවස වෙනකොට එතුමාට අපි අතරට එන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල.

ඔබ තුළ සිටි නර්තන ශිල්පිණියට මොකද වුණේ?

ඇය ජීවත් වෙන්නෙ මා තුළමයි. ඉතිං මම ඉන්නතාක් ඇයත් මම එක්කම ඉන්නව.

නැවතත් නර්තන තරඟයකට ආරාධනයක් ලැබුණොත්?

මම සහභාගි වුණ රියැලිටි තරඟයේදි බොහෝ ප්‍රවීණ ශිල්පීන් අභිබවමින් තමයි මම ජයග්‍රහණය කරන්නෙ. ඉතිං නැවතත් එවැනි තරඟයකට ආරාධනයක් ලැබුණොත් මම භාරගන්නෙ නැහැ.

ඔබේ පාසලේ වැඩකටයුතු?

මේ මාසයේ නම් ඇත්තටම වැඩ වැඩියි. මොකද අවුරුද්ද අවසානය නිසා ප්‍රසංග කිහිපයකට සහභාගී වෙන්න තියෙනව. ඒ වගේම ලබන අවුරුද්ද වෙනුවෙන් පාසලේත් වැඩකටයුතු වැඩිවෙන මාසයක්.

ජනප්‍රියත්වය කරදරයක්ද?

අනේ නැහැ. ජනප්‍රියත්වය අපි බලාපොරොත්තු නොවුණත් ඒක අපිට ලැබෙනකොට ඇත්තටම ලොකු සතුටක් ලැබෙනව. ඇත්තටම කිව්වොත් කලාකරුවෙක් හෝ කලාකාරිණියක් ක්‍ෂේත්‍රය තුළ රඳවන රහස තමයි ජනප්‍රියත්වය කියන්නෙ.

රංගන ශිල්පිණියක් වීම අද දැනෙන්නෙ කොහොමද?

මම රංගනයට යොමුවෙනකොට මගේ දෙමවුපියන් ගොඩක් බය වුණා. ඔවුන් විතරක් නෙමෙයි මමත් ලොකු අවිනිශ්චිත තත්ත්වයකින් හිටියෙ. අපිට එදා තිබුණ වැරදි වැටහීමත් එක්ක මම අදත් කල්පනා කරන්නෙ මොකක්ද මෙතන තියෙන වැරැද්ද කියල. හරිම සුන්දර පිරිසක් ඉන්නෙ. එකම දේ තමන්ගෙ දක්‍ෂතාව. තමන් දක්‍ෂ නම් බයවෙන්න දෙයක් නැහැ.

ඩිෂ්නි කොළඹ හිටියත් දෙමව්පියන් ගමේ?

මගේ අම්මයි තාත්තයි පොඩි කාලෙ ඉඳන් අපිට නිදහස ලබාදුන්න. මට වගේම මගේ නංගිලා දෙන්නටත්. අවුරුදු දහඅටෙන් පස්සෙ පිටරටවල පවා යන්න අපිට අවස්ථාව දුන්න. ඒ නිසා මම කොළඹ ඉන්න එක ඒ අයට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මගේ දෙමවුපියන් ගමක හිටියත් ලෝකය දකිනව.

පිළිවෙළක් වෙන්න බලපෑමක් නැද්ද?

මගේ දෙමවුපියන් මට කියන්නෙ ඔයා කසාද නොබැඳ හිටියත් කමක් නැහැ” සතුටින් ඉන්නයි ඕන කියල. ඒ තීරණය ගන්න සම්පූර්ණයෙන්ම මට නිදහස දීල තියෙනව.

ඔබේ කැමැත්ත?

මට තව වැඩ කිහිපයක් තියෙනව සම්පූර්ණ කරගන්න. එතනින් පස්සෙ බොහෝ දුරට මම විවාහ වෙයි. තවම ඒ ගැන කිසිම සැළසුමක් නැහැ. මේ යන විදිහට අපිට එහෙම කරන්නත් බැහැ.

අලුත් නිර්මාණ?

අලුතින් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිල තියෙනව. ඉදිරියේදී ඒවාට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.

මෙන්න බලන්න තවත් පුවත්