සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියලා කියන්නේ. ඉතින් දැන්නම් අපට ඇයව වැඩිය රූපවාහිනිය ඔස්සේ දකින්න නොලැබුනත් ඇය කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය සැමියයි දරුවන් දෙන්නයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බව කවුරුත් දන්නවා. ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් දෙන්නෙක් විවාහ වුනාට පස්සේ එයාලට ලොකු වයසක් නැත්නම් දරුවෝ හදන්න හදිස්සි වෙන්න එපා කියලයි ඇය කියන්නේ. මොකද විවාහ වුන ගමන් දෙන්නෙක් යාළුවෙලා ඉන්න කලේ වගේ නෙවෙයිලු, ඒ දෙන්න එක වහලක් යටට ආවට පස්සේ දෙන්නගේ රුචි අරුචිකම් සමීපව දැනෙන නිසා ඒවාට හුරු වෙන්න කාලයක් ඕන කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇයගේ අම්මා ගොඩක් ජෝතිෂ්‍ය විස්වාස කරන කෙනෙක් කියලයි ඕෂදී කියන්නේ. ඒ නිසාම ඇය විවාහ වෙද්දී අනිවාර්යයෙන්ම ජෝතිෂ්‍යානුකූලව විවාහ වෙන්න ඕන කියලා මතේ ඇයට එදා ඉදලම තිබුනා කියලත් ඇය කියනවා. ඉතින් ඇය යාලු වුනාට පස්සේ මේ දෙන්නගේ කේන්දර බලුවම කිවුවලු අනිවාර්යයෙන්ම අවුරුද්දක් ඇතුලත විවාහ වෙන්න කියලා. ඒ නිසා ඔවුන් විවාහ වුනේ හදිසියේ කියලයි ඕෂදී කියන්නේ.

ඉතින් මේ ආදරණීය යුවලට දරුවෙන් දෙදෙනෙක් ඉන්නවා කියන්නත් දැන්නම් නොදන්නා කෙනෙක් නැහැ. ඒ පුතෙක් සහ දුවෙක්. ඉතින් ඇයට පලවෙනි දරුවා, ඒ කියන්නේ පුතා ලැබිලා තියෙන්නේ සීසා කරලා. හැබැයි ඇය නැකත් හදලා හරියට වෙලාවට දරුවාව බිහි කරන්න කැමති වුනේ නැහැලු. නමුත් දෙවෙනි දරුවා ලැබෙද්දී ඇය ජෝතිෂ්‍ය වේදියෙකුගෙන් ඇහුවම ඇයට හෝරාවක් දුන්නාලු මේ වෙලාව ඇතුලත දරුවාව බිහි කරන්න කියලා.

හැබැයි ඇයට ඒ ජෝතිෂ්‍යට අනුව ලබා දුන්න කාලය තුල දරුවාව බිහි කරන්න බැරි වුණා කියලත් ඇය කියනවා. ඉතින් දරුවාගේ දෛවය අනුව දරුවට ඕන වෙලාවට මේ ලෝකෙට ආව නිසා ඇයට ඒ ගැන කිසිම දුකක් නැහැ කියලයි ඕෂදී පැවසලා තිබුනේ.

පැරණි පුවත්

මගේ පස්සෙන් ආව අයට මම හොඳට දීලා තියෙනවා – ජනප්‍රිය නිලි අසංකි ද සිල්වා

අපේ සිනමාව අලලුත්ම මානයකට අරගෙන ගියපු සුපිරි සිනමාපටයක් තමයි මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රෂ්’ කියන්නේ, ඉතින් මේ ‘රෂ්’ සිනමාපටයේ චරිතයක් වුන පූජා ඔබට මතකද..? පූජා චරිතයට පන පෙව්වේ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක වන අසංකි ද සිල්වා විසින්, ඉතින් අද අපේ කතාබහට එකතු කරගන්න සුදානම් වෙන්නේ ඔයාල ගොඩක් ආස කරන අසංකි ද සිල්වායි, ඉතින් අසංකි මොකද වෙන්නේ මේ දවස්වල..? ” පහුගිය කාලේ මම යූ.ඒ. පල්ලියගුරුගේ ‘ජිගලෝ’ කියන සිනමාපටයට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම චන්න පෙරේරා අධ්‍යක්ෂණය කල යුගාත්‍රා ෆිල්ම් එක එන්න තියෙනවා, තව මම ලබන මාසේ අලුත් ෆිල්ම් එකකට සම්බන්ද වෙනවා, ඒ වගේම මම දැන් රූපගත කිරීම් කරන්න දිනත් දාගෙන ඉන්නේ, තව ලැබුන පිටපත් කිහිපයක් බලනවා, හිතට දැනුන එකක් තිබ්බොත් බාරගන්නවා”

අසංකි කියන්නේ කළා පවුලකින් එන රංගන ශිල්පිනියක් නෙවෙයි, හැබැයි අසංකි දැන් ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් පහසු උනාද ඔබට මේ ගමන එන්න ” මෙහෙමයි කළා පවුලකින් එන අයට දෙමාපියන්ගෙන් ලැබෙන සහයෝගය එක්ක මේ ක්‍ෂේත්‍රයට එන්න ලේසියි, හැබැයි එහෙම නැහැ කියලා මේ ක්‍ෂේත්‍රයට එන්න බැරි නෑ හැබැයි විශාල කැපකිරීමක් කරන්න ඕන, තමන්ගේ උත්සාහය කැපවීම තියෙනවනම් ඔඅනම දෙයක් කරන්න පුළුවන්, කළා පවුලකින් වෙන්නම ඕන නෑ හැබැයි ටිකක් අමාරුයි තැනකට එන්න, උත්සාහය තමයි අංක එක”

පවුලේ බාලයෙක් වෙලා කලාවට එද්දී ගෙදර අයගෙන් ලැබුන සහයෝගය කොහොමද? මට අයියලා දෙන්නෙක් ඉන්නවා, ඉතින් අයියලා දෙන්නක් එක්ක හැදෙනවා කියන්නේ එච්චර ලේසි වැඩක් නෙවෙයි, මටනම් මතක් වෙද්දීත් බය හිතෙනවා, ඉස්සර ක්ලාස් යද්දී අයියලා දෙන්නම පස්සෙන් එනවා, සමහර කොල්ලෝ දන්නේ නෑ මගේ පිටිපස්සෙන් එන්නේ අයියලා දෙන්නා කියලා, කොල්ලෝ වැරදිලා හරි විහිළුවක් කලොත් එයා ඉවරයි, මට පාසල් ප්‍රේමයක් තිබ්බෙම නෑ, මොකද අයියලා දෙන්නා නිසා, මගේ පස්සෙන් ආපු සමහර අයට මමත් හොඳට දීලා තියෙනවා ආයේ නොඑන්නම, මෑතම කාලේ තමයි මට තනියම යන්න දුන්නේ, අයියලනම් එකට වැඩිය කැමති වුනේ නෑ, හැබැයි තාත්තා මට ගොඩක් උදවු කළා,

කටකතා ගැන ගොසිප් ගැන මොකද හිතෙන්නේ, ”ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ, ජනප්‍රිය වුනාම කට කතා හැදෙනවා වැඩියි, හොඳ දේට වඩා අද සමාජයේ තැන තියෙන්නේ නරක දේවල් වලට නේ, අපි පොඩ්ඩක් කොට ඇඳුමක් ඇඳලා පොටෝ එකක් දැම්මම ඒකට එක එක ඒවා කියලා කතා හදලා වයිරල් කරනවා, මමනම් ඕවා ගණන් ගන්නේ නෑ,”

පැරණි පුවත්

ඔයාලට පේන දේට වැඩිය දෙයක් මගේ ළඟ තියෙනවා -කොල්ලෝ පිස්සුවෙන් වගේ ආදරේ කරන අප්සරාවිය චුලක්ෂි

මීට කාලෙකට කලින් ලෝකේ හොඳම නිරූපිකාව කිරුල දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ, ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසේ සිනමාපටය හරහා රංගනයට පිවිසෙන චුලක්ෂි මේ වනවිට ලංකාව ආදරේ කරන සිනමා නිලියක්, ඒ වගේම වර්ථමානයේ සමාජ ජාලා හරහාත් ජනප්‍රියම චරිතයක් විදියට චුලක්ෂි හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චුලක්ෂි රණතුංග සමග,

ඉතින් චුලක්ෂි මොකද වෙන්නේ, කොහොමද ජීවිතේ ”මේ දවස්වල ජීවිතෙනම් සුන්දර විදියට ගලාගෙන යනවා, නිර්මාණ කිහිපයකට සම්බන්ද වුනා, ඒ වගේම මම රංගන දායකත්වය දුන්න නිර්මාණ කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා, ඒ වගේම මට තව පිටපත් කිහිපයක්ම ලැබිලා තියෙනවා ඒ වෙනුත් කාලය වෙන් කරගෙන සතුටින් විනෝදයෙන් ඉන්නවා, වෙන කියන්න තරම් විශේෂ දෙයක් නෑ, සාමාන්‍ය විදියට කාලය ගෙවිලා යනවා”

චුල්ක්ෂි දකින්න ලැබෙන්නේ ටිකක් කළාතුරකින් මොකද ඒ..? ”ඒකට ප්‍රධානම හේතුව තමයි මම ලැබෙන හැම නිර්මාණයකටම රංගන දායකත්වය ලබාදෙන්නේ නෑ, චරිතය ලොකුද පොඩිද කියන එක අදාල නෑ, ඒ චරිතය තුල මට නිරුපනය කරන්න තියෙන දේ ගැනයි මම අවදානය දෙන්නේ, මොකද අපේ රංගනයට වටිනාකමක් එකතු වෙන්නේ ඒකෙන්. ඒ වගේම මම එකවගේ චරිතවලට කොටුවෙලා ඉන්න කැමති නෑ. මොකද හැමදාම පෙම්වතියගේ චරිතය කරන්න මම කැමති නෑ. මම කැමතියි අභියෝග බාරගන්න”

රූපය සහ ඔබගේ සුන්දරත්වය පවත්වාගෙන යන්න මොනවද ඔයා කරන්නේ ”මම ඉතින් ඒ වෙනුවෙන් කරන්නේ ජිම් යන එක තමයි, මම රඟපාන්න එද්දී කිලෝ 75ක් බරයි, ජිම් ගිහින් ලොකු කැපකිරීමක් කරලා තමයි අද මම මේ විදියට ඇඟ හදාගෙන ඉන්නේ, මම ආස කෑමක් කන්නේ නෑ, ඇඟ ගැන හිතලා මම ගොඩක් දේවල් කැපකලා, ජිම් යන්න බැරිවුණ දවසට මම ගෙදර ඉඳන් ව්‍යායාම කරනවා, එදිනෙදා ගන්න කැලරි ප්‍රමාණය ගැන මම ගොඩක් සැලකිලිමත්”

ඉතින් මේ විදියට කාගේත් අවධානය දිනාගෙන ඉන්න චුලක්ෂි පසුගිය දවසක අපූරු සටහනක් ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා ඒ, ‘I’m more than just a title Or a comment going viral, There’s more to me than people know’ කියලා, කොහොම වුණත් ඇය ඉන් අදහස් කරලා තිබ්බේ මිනිසුන් දන්නවාට වඩා වැඩි යමක් ඇය තුල තියෙනවා කියලයි, ඒ වගේම අපිට ආරංචි වුන විදියට මේ වෙද්දී චුලක්ෂි ඉන්දියානු සිනමාව සමගත් සම්බන්ද වෙන්න අවස්තාව හිමිකරගෙන, කොහොම වුනත් අපිට ඒ ගැන දැන්ම හරියටම කියන්න බෑ, බලමු අපේ රටේ සුරුපිනියක් ඉන්දියාව හොල්ලයිද කියලා

මෙන්න බලන්න තවත් පුවත්