රාත්‍රී කාලයේ දී වෙළදසලකට රහසිගත ලෙස ඇතුළුවී එහි තිබූ රුපියල් 39,000 පමණ වටින කිරිපිටි සහ සිගරැට්ද රුපියල් 2000 පමණ කාසි රැසක්ද රැගෙන ඒම වෙළදසල ආසන්නයේ නවතා තිබූ පාපැදියක්ද රැගෙන ඒ පිටුපස ගැටගසාගෙන යමින් සිටියදී ඔහු විසින් තේ ඒකක් බීමට වෙළදැලකට ඇතුළු වී නැවත ඒළියට පැමිණ බලන විට ඒම භාණ්ඩ තොගය වෙනත් අයකු විසින් සොරාගෙන ගෙන යෑමේ පුවතක් හිඟුක්ගොඩින් වාර්තා වේ.

ඒහි මෙම බඩු තොගය රැගෙන යන අයුරු ඒහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබී ඇත.

පසුව මොහු ඒම ප්‍රදේශයේම වෙළදසලක ගබඩා කාමරයකට ඇතුළු වී ඒහි කල් ඉකුත්වූ ටොෆි තොගයක්ද ආහාරයට ගෙන ඇති බවට අනාවරණය වී ඇත.

මෙම වෙළසැල් දෙක කැඩූ බව කියන සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 පමණ වන විවාහක පුද්ගලයකු වන අතර ඔහු මේවනවිට හිගුරක්ගොඩ නගරයේ නිරන්තරයෙන් ගැවසෙන පුද්ගලයෙකි.

පසුව මෙම වෙළසැල් දෙකෙහි හිමිකරුවන් හිගුරක්ගොඩ පොලීයට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ෂණයන්වලදී ආරක්ෂිත කැමරාවේ සිටින මෙම පුද්ගලයා පොලිසිය විසින් හදුනාගෙන අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු මීට පෙර වෙළදසැල් 317 කඩා වසර 17 සිර දඩුවම් ලැබ නැවත පැමිණි පුද්ගලයකු වීම හේතුවෙන් පොලිසියට මොහුව හදුනා ගැනීමට පහසු වී ඇත.

මෙම වෙළදසල් දෙක කැඩූ බව කියන දිනට පෙර දින මොහු අධිකරණයෙන් පුද්ගලික ඇපයක් මත නිදහස්ව පැමිණි අයකු බවටද මූලික විමර්ෂනවලදී අණාවරණය වී ඇත.

සැකකරු හිගුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදු කළ මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා  රහසිගත ලෙස සොරාගත් කිරිපිටි සහ සිගරැට් තොගය පාපැදියේ පිටුපස ගැටගසාගෙන යමින් සිටියදී ඔහු විසින් තේ ඒකක් බීමට වෙළදැලකට ඇතුළු වී නැවත ඒළියට පැමිණ බලන විට ඒම භාණ්ඩ තොගය වෙනත් අයකු විසින් සොරාගෙන තිබී ඇති බවයි. තවද මොහු මෙම වෙළදසල් දෙක කැඩීමට පෙර මැදිරිගිරිය ප්‍රදේශයේද වෙළදසල් දෙකක් ද කඩා ඇති බවට අණාවරණය වී ඇත.

උපුටා ගැනීම- lankadeepa

මෙන්න බලන්න තවත් පුවත්