
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද ( 25) ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේදී එලෙස ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.