කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධක්ෂක වරයෙක් විදියට හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි චන්න පෙරේරා කියන්නේ. ඡන පෙරේරා විවාහ වෙන්නේ ක්ෂේත්රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පිනියක් වෙච්චි ගයත්‍රි ඩයස් සමඟ.

මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාටම ආදරණීය දියණියන් දෙදෙනෙක් මෙ වෙද්දි ඉන්නවා.පෙම්වතුන් වෙලා ඉන්න කාලේ ගොඩක් හොඳ අවබෝධයකින් කටයුතු කරපු චන්න සහ ගයත්‍රි විවාහ ජීවිතය තුළදී විවිධාකාරයේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දුන්නා. ඒ ප්‍රශ්න ගැටළු නිසාම ඔවුන් දෙදෙනා තීරණය කරනවා කසාද ජීවිතයට සමුදීලා දෙන්නම දෙපැත්තකට වෙන්න.

එ විදියට දික්කසාද වුණත් ආදරණීය දියණියන් දෙදෙනාගේ ඕනෑම දෙයකට විශේෂයෙන් උපන්දින සාද සහ උසස් අධ්‍යාපන කටයුතු ආදී බොහෝ දේවල් වලට චන්න තමන්ගේ දියණියන් එක්ක එකටම හිටියා. මොකද දෙමව්පියන් අතර මොන ප්‍රශ්න වුණත් දරුවන්ට ඒ ප්‍රශ්න දෙන්න හොඳ නෑ කියන තැන මේ ආදරණීය දෙමව්පියන් දෙදෙනාම හිටපු නිසා. ගැහැණු ළමයි දෙන්නෙක්ම ඉන්න නිසා ඔවුන් දෙදෙනා ආයෙ විවාහයක් ගැන හිතුවේ නෑ කියලත් කලින් සඳහන් කරල තිබුණා.

ඉතින් පසුගිය දවසක අපි දැක්කා චන්නගේ වැඩිමහල් දියණියගේ උපාධි උත්සවය සුන්දර අවස්ථා කිහිපයක්. ඒ අවස්ථාවට චන්න සහ ගයත්‍රි දෙන්නම බොහොම ලස්සනට සැරසිලා ඇවිල්ලා හිටියා.මේ විදිහට එකමුතුව යාලුවෝ වගේ ඉන්න අම්මයි තාත්තයි ගැන වැඩිමහල් දියණිය කිව්වේ මේ වගේ කතාවක්.

“මට ඒ දෙන්නා අම්මා තාත්තා උනාට එයාලටත් කියලා ජීවිතයක් තියෙනවා.එයාලටත් කියලා ජීවිතයක් තියෙන්න ඕනේ අම්මා තාත්තා වෙන්න වුණු එකට මට සතුටුයි මොකද එයාලා දැන් සතුටින් ඉන්නවා.ඒ කාලෙ දෙන්නට දෙන්නා සතුටින් හිටියේ නෑ ඉතින් මං ඒක දැක්කා.

ඒගොල්ලො ඒ තීරණය අරගෙන වෙන් වෙච්ච එක ගැන මට සතුටුයි. මොකද ඒ දෙන්න දැන් වෙන්නම සතුටින් ඉන්න නිසා.ඒ දෙන්න වෙන් උනාට අම්මා තාත්තා හැටියට එකට එක තැනකට එද්දී අපිව මග හරින්නෙ නැහැ.ඒ දෙන්නා යාළුවෝ වගේ අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්කම එකට ඉන්නවා.තාත්තිට වෙන කාව හරි හොයා ගන්න ඕනි නම් මම ඇත්තටම සපෝට් කරනවා.මොකද මට ඕනේ දෙන්නම සතුටින් තියන්න’

ඉතිං චන්න පෙරේරා ගේ ආදරණීය දියණිය එක්තරා රූපවාහිනිය වැඩසටහනකට සම්බන්ධ වෙලා තමන්ගේ ආදරණීය පියා ගැන කිව්වේ ඒ විදිහේ සුන්දර කතාවක්.

පැරණි පුවත්

රංගන ශිල්පිනියන් අතර වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියලා කියන්නේ, කාලෙන් කාලෙට අලුත් මාතෘකා හරහා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න පියුමි සමගයි අද අපේ මේ කතාබහ ඉතින් පියුමි කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල හරිම සතුටින් කාලය ගතකරනවා, ඒ වගේම මේ දවස්වල රූපවාහිනී නාලිකා කිහිපයකම මම රංගනයෙන් දායක වෙන නිර්මාණ විකාශනය වෙනවා, ඉතින් ඒ නිසා වෙනදට වඩා ටිකක් කාර්යබහුලයි හැබැයි සතුටින් ඉන්නවා”

අපි දකිනවා පියුමි ලස්සන ලස්සන විලාසිතා ගොඩක් කරනවා ”ඔව් මම විලාසිතා වලට ගොඩක්ම ආස කරන කෙනෙක්, ඒ වගේම මම මම ආස විලාසිතා මම ආස ඇඳුම් පැළඳුම් අරගෙන අඳින කෙනෙක්, විලාසිතා කිවුවම ඇඳුම් විතරක් නෙවෙයි කොන්ඩේ පාටකරන එක නියපොතු පාටකරන එක පවා විලාසිතාවක්, ඉතින් මම ඒ හැම විලාසිතාවක්ම කරනවා, ජීවත්වෙන පුංචි කාලේ හැමදෙයක්ම විඳින්න ඕන”

සාමාන්‍යයෙන් විලාසිතා කිරීමේදී ඔයා අනුගමනය කරන කරුණු මොනවද ”මෙහෙමයි ගැලපීම් ගැනනම් ගොඩක්ම හිතන කෙනෙක් මම, අනිත් කාරනාව තමයි අපි මිලදී ගන්නා දේවල් අපි ගෙවන මිල අපේ පෙනුම කොච්චර වැඩි කරනවද කියන එක ගැන මම සැලකිලිමත් වෙනවා ඒ වගේම තමයි මගේ අත් ටිකක් මහත නිසා මම විලාසිතා කරද්දී ඒ ගැනත් හිතනවා, ඒ වගේම මගේ හමේ පාටට ගැලපෙන්නත් ඕන ඒ වගේම මගේ ඇඟේ හැඩයට ගැලපෙන්නත් ඕන, ඔය දේවල් තමයි මම මුලිකව බලන්නේ”

පුංචි කාලේ ගැන මතක් කලොත් ”ඒ දවස්වල මොනතරම් දේවල් අඳින්න ආසාවෙන් හිටියත් ඒ කාලේ අපේ අම්මලා තාත්තලාට ඒ තරම් සල්ලි නෑ, මම ඉස්සර වැඩිපුරම ඇන්දේ අයියලගේ කලිසම් ෂර්ට්, ඒ කාලේ මගේ වයසේ ළමයි ලස්සන ඇඳුම් ඇඳලා මට පේන්න යද්දී මම අනන්තවත් අඬලා තියෙනවා ඒ වගේ ඇඳුම් ඉල්ලලා, මටනම් මේවා කියන්න ලජ්ජා නෑ, ඒ කාලේ තිබ්බ පීඩනය දන්නේ මම විතරයි ඉතින් අද මම මට ඒ පීඩනය දැනෙන්න දෙන්නේ නෑ මම ආස දේවල් මම කරනවා”

මෙන්න බලන්න තවත් පුවත්