කෑගල්ලෙන් ප්‍රදේශයේ දී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පියා සමග ත්‍රීරෝද රථයෙන් විභාග මධ්‍යස්ථානයට යමින් සිටි සිසුවියකට පරගම්මන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි ඇයගේ පෙම්වතා යැයි පැවසෙන තරුණයෙකු විසින් ත්‍රීරෝද රථය හරස් කර නවතා සිසුවියගේ ගෙලෙන් අල්ලා ඇසිඩ් පෙවීමට උත්සාහ දරා ඇත.

එහිදී අදාළ තරුණයා ඇසිඩ් පෙවීමට උත්සාහ කරන විට ඇසිඩ් විසිරී යෑමෙන් සිසුවියට, ඇයගේ පියාට හා අදාළ තරුණයා පිළිසුම් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.දැරියගේ පියා අදාළ තරුණයා සමග පොර බැද ඇති අතර, එහිදී ඇසිඩ් විසිරී ගොස් තිබේ.

මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, කෑගල්ල හෙට්ටිමුල්ල, උඩුමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි පාසල් සිසුවියකි. ඇගේ පියා 45 හැවිරිදි අයෙක් වන අතර අදාළ තරුණයා ද 21 හැවිරිදි අයෙකි.

සිසුවිය මෙවර උසස් පෙළ විභාගය සඳහා දෙවනවරට පෙනී සිටීමට කෑගල්ලේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට පැමිණෙමින් සිටිය දී එලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව තිබුණි. එම අවස්ථාවේ දී පියා විසින් ඇසිඩ් බෝතලය උදුරාගෙන තරුණයාට පහරදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෑගල්ල නගරයේ පදිංචිව සිටින තම හිතවතියකගේ 21 හැවිරිදි පිරිමි දරුවා සමග කාලයක සිට තම දියණිය ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවත් එයට දෙපාර්ශවයේම කැමැත්ත තිබූ බවත් සිසුවියගේ මව පොලීසියට පවසා තිබේ.

දියණිය වැඩිදුරටත් ඉගෙනුම ලැබීම ගැන පෙම්වතා කිහිපවරක් අකමැත්ත පළ කර ඇති අතර, දියණිය දුරකථනයෙන් වෙනත් අයෙකුට කතා කරනවාට පවා අදාළ තරුණයා අකමැත්ත පළ කළ බව මව පොලීසියට පවසා තිබේ.

පෙම්වතාගේ දැඩි නීතිරීති නිසා පෙම් සම්බන්ධතාවය නතර කිරීමට තරුණිය යෝජනා කර ඇති අතර, එයින් කෝපයට පත් තරුණයා උසස් පෙළ ලිවීමට යන සිසුවියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන බවට ඇයගේ ජංගම දුරකථනයට පවා කෙටි පණිවුඩ එවා ඇති බව අනාවරණය වී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්

views

58 Views