එළිමහන් ප්‍රසංග වේදිකාව තුල බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්තු අදටත් ආදරය කරන නිහතමානී ගායිකාවක් තමයි කේ සුජීවා කියන්නේ. ඉතාමත් දුක්මහන්සියෙන් කේ සුජීවා කියන නාමය ජනතාව අතර හදාගත්ත කෙනෙක් තමයි ඇය.

මේ වන විට ආදරණීය දරුවන් දෙදෙනා සමග ඉතාමත් සුන්දර විනෝදකාමී ජීවිතයක් තමයි ඇය ගත කරනවා. ආදරය කියන තැනදී එහෙමත් නැත්නම් විවාහය කියන තැනදී නොයෙකුත් හැලහැප්පීම් වලට මුහුණ දීපු සුජීවා තුන් හතර වතාවක්ම ඒ දේවල් වලින් පාඩම් ඉගෙන ගත්තු කෙනෙක්. එක්තරා අවස්ථාවක දී බොහෝ කාලක් තනිකඩව ජීවත් වෙච්ච ඇය ක්ෂේත්‍රය අතිශයින් ජනප්‍රිය වූ ගායකයෙක් වන අජිත් මුතුකුමාරණ සමග යුග ජීවිතයක් ගත කළා.

නමුත් ඒ යුග ජීවිතය තුළත් ඇති වූ යම් කිසි ගැටළුකාරී තත්වයන් නිසා ඔවුන් දෙදෙනා මේ වන විටත් වෙන්වෙලා ජීවත් වෙනවා කියන්න බොහෝ දෙනෙක් දන්නවා. මෙවැනි ප්‍රශ්න හමුවේ බොහෝ ආර්ථික කඩාවැටීම් ආවත් ඒ සියල්ලම දරාගෙන ආදරණීය දියණියන් දෙදෙනාට හොඳම මවක් වෙන්න ඇය කවදාවත් අමතක කළේ නැහැ.

ඒ වගේම තමයි ඇගේ ලොකු දුව අංජලි රාජ්කුමාර් ඉන්දියාවට ගිහින් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා ඒ වගේම පුංචි දියණිය මේ වෙද්දි සංගීත වැඩකටයුතු වගේම රංගනය පැත්තටත් අවතීර්ණ වෙලා කියලා ආරංචි වෙනවා. ඉතින් ඒ සියලුම දේවල් මේ විදියට ලස්සනට සිද්ධ වෙන්න ඒ හැම දේකම පිටිපස්සේ ඉඳලා ඒ දේවල් කලේ මේ ආදරණිය නිහතමානී කලාකාරිනියයි.

සෑම අවස්ථාවකදීම දරුවෝ දෙන්නත් එක්ක සමාජ මාධ්‍ය ඔස්සේ ඇවිල්ලා ප්‍රේක්ෂකයන් හිනා ගස්සන දේවල් කරන මේ තුන්දෙනාට පසුගිය කාලසීමාව පුරාවට හොඳ කියපු අය වගේම නරක කියපු අයත් හිටියා. ඒත් නරක කියලා දොස් කියන අයට හැමදාමත් කටවහන් ඉන්නෙ නැතුව මෙදාපාර සුජීවා සහ ආදරණීය ලොකු දියණිය ඔවුන්ගේ youtube නාලිකාව හරහා ඇවිදින් ඒ විදිහට කමෙන්ට් කරපු අයගේ නම් ගම් සහ ඒ කමෙන්ට් එක්ක හැමෝටම ඇහෙන්න කියවලා හරි අපූරුවට පිළිතුරු දුන්නා. ඒ කමෙන්ට් අතරේ එක්තරා පුද්ගලයෙක් සඳහන් කරනවා

“මුන් යන එන මං නැතුව ඉන්දියාවෙන් ආව දෙමළුනේ”

කියන අදහසක්. ඉතින් මේකට අන්ජලී සහ සුජීවා කනේ ඇගිලි ගහගන්න පිළිතුරු දුන්නේ මෙන්න මේ විදිහටයි.

“අපි ඉන්දියාවෙන් ආපු දෙමළු ද එයා කියනකං අපි දැනගෙන හිටියේ නැහැ. අනේ මෝඩ හැත්ත ගෑනියෙක් හරි මිනිහෙක් හරි කමක් නෑ මොකා වුණත් කමක් නෑ. අපෙ අම්මා යාපනේ. අපේ තාත්තා මඩකලපුවේ ඉතිං එයාලා ජීවත් වෙන්නේ එහේ. ඉතින් අපිත් ලංකාවේ. මේ ඉන්න මගේ ළමයත් ලංකාවේ. පොඩි ළමයට්ග් ලංකාවේ. ඉතින් හරි අපි යන එන මං නැතුව ඉන්දියාවෙන් ආපු එවුන් කියමුකො ඉතින් උඹට මොකද ඇයි මං ළමයි දෙන්නත් අරගෙන තමුසෙගෙ ගෙදර ඇවිල්ලා නැවතුනාද”

ඇය ඉතින් මේ පුද්ගලයාට දැනෙන්න පිළිතුරු දීලා තිබුණේ ඒ විදිහටයි. අවසානයේ ඇය සඳහන් කළේ නොදන දේවල් කතා කරන්න ගිහින් අනුන්ගේ ජීවිත වලට හොට දාන් නැතුව පාඩුවේ තමන්ගේ දෙයක් බලාගෙන ඉන්න කියන පණිවිඩයයි. මේ විදිහට කරපු වීඩියෝවට ගොඩක් දෙනෙක් ඔවුන්ට සුබදායී පිළිතුරුත් එකතු කරල තිබුණා. ඉතින් ඔවුන්ගේ ජීවන කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා හදවතින්ම අපි සුභ පැතුම් එක් කරන්නෙමු.

පැරණි පුවත්

මට පාරේ බැහැලා යන්නවත් බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.ඒ තරමට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙනවා

බොහෝ රූපවාහිනී නාලිකා වල මේ දිනවල ප්‍රේක්ෂකයන් ඇද බැද තබා ගන්නා ආකර්ෂණීය ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඉතින් ඒ අතරින් මෙගා ටෙලි නාට්‍ය ගණයට වැටෙන ටෙලි නිර්මාණයක් තමයි සංගීතය ටෙලි නිර්මාණය කියන්නේ. ඒ නිර්මාණය තුළින් නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසකගේ මුහුණු කලා ලෝකයට හඳුන්වා දුන්නා. ඒ විදිහට නව පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට රංගනයෙන් නිර්මාණවලට දායක වන ඇය නමින් ගිත්මා බණ්ඩාර යි.

මේ සුන්දර සුරූපී රංගනශිල්පිනිය මේ දිනවල සංගීතය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකින් රසිකයන් හමුවට එනවා. ඒ වගේම විවිධ ආකාරයේ වෙළෙඳ දැන්වීම්වලටත් ඇය තමන්ගේ රංගන දායකත්වය ලබා දෙනවා ඒ වගේ වැඩ රැසක් එක්ක මේ දවස් වල ගිත්මා කාර්යබහුලයි. ඇයව ගොඩක් දෙනෙක් අදුරගත්තේ සංගීතය ටෙලිනාට්‍ය නිසයි ඒ ටෙලි නාට්‍යය පිළිබඳව ගිත්මා කිව්වේ මේ වගේ කතාවක්.

“සංගීතය නාට්‍ය අසිනි කියන චරිතය තමයි මම කරන්නේ.ඒ අසෙනි කියන්නේ අහිංසක ගැහැණු ළමයෙකු චරිතයක් ඉතිං ඇගෙත් ආදරය පාසල් කාලේ පටන් යන ආදර කතාවක්. ඉතින් ඒ ආදරේට විරුද්ධකම් ගොඩක් තියෙනවා ගෙදරින් ගුටි කන්න වෙලා තියෙනවා නමුත් ඒ ආදරේ ජය ගන්න සටනක යෙදෙනවා ඒ වගේ දුක් බාධක මැදින් දිවෙන චරිතයක් මේක මේ වෙද්දි ප්‍රේක්ෂක ආදරය උපරිම විදිහට ලැබිලා තියෙනවා මේ වෙනුවෙන් ඒ ගැන නම් මට ගොඩක් සතුටුයි.”

ඇය ඒ විදියට අදහස් දක්වන අතර ආධුනික රංගන ශිල්පිනියක් නිසා සෑම අවස්ථාවකදීම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩ කටයුතු කරන්න ලැබීම ම ජීවිතය මහත් භාග්‍යයක් කියලත් සඳහන් කරනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ මඟ පෙන්වීම සහ ඔවුන් ලබා දෙන අවවාද අනුශාසනා සියල්ල ඇය රංගන ජීවිතය සාර්ථක කරගන්න යොදා ගන්නවා කියලත් සඳහන් කරනවා.

“මගේ කලා ජීවිතය ආරම්භයේ නම් ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන් එක වැඩ කරන්න අවස්ථාව තියෙනවා ඒ ප්‍රවීණ චරිතයන්ගෙන් අපිට ගන්න තියෙන දේවල් වගේම අපිට ලබාදෙන මගපෙන්වීම ඇත්තටම විශිෂ්ටයි. ඇත්තට අද පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා ඉතින් ඒ තරමට ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා ඒ ආදරය මම විඳිනවා හරිම සතුටින්”

ගිත්මා ඇයගේ රංගන ජීවිතය පිළිබඳව ඒ විදිහට තමයි අදහස ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඇගේ ඒ ජීවිතය සහ ඉදිරි අනාගත බලාපොරොත්තුව එයාකාරයෙන් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්