මේ දිනවලා ස්වාදීන රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයේ සුද්දිගේ චරිතය හරහා වසර 9කට පසුව ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සේමිණී ඉද්දමල්ගොඩ කියලා කියන්නේ. ඉතින් සුද්දි කියන්නේ ඇයට නුපුරුදු ආමන්ත්‍රණයක් නෙමෙයි කියලයි ඇය කියන්නේ. මොකද ඇය සුදු හින්දා පුංචි කාලේ ඇයගේ ආච්චි අම්මත් ඇයට කතා කරලා තියෙන්නේ සුද්දි කියලා. ඒ නිසා ඒ නම ඇයට හොඳට හුරුයි. ඉතින් 28 චිත්‍රපටයේ දිගුවක් තමයි එයා දැන් බැඳලා ටෙලි නාට්‍ය.

ඉතින් ඒ වගේම මෙම ටෙලිනාට්‍යයේ ෂූටින් කළේ නුවර ගලහ ප්‍රදේශයේ. ඉතින් සුළං කපොල්ලක් මැද්දේ රූගත කිරීම් කරන්න සිදු වුණා කියලත් ඇය කියනවා. එතකොට සීතල නිසා නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනා ජැකට් දාලා කන් වහගෙන ඉන්නකොට ඇයගේ ඇඳුම් ඇත්තෙම නැහැ වගේ කියලයි ඇය කියන්නේ. පුදුමාකාර සීතලක්ලු තිබුණේ. නමුත් ඇය කොච්චර සීතලක් මැද්දේද රූගත කළේ කියලා කාටවත් පේනේවි කියලා ඇයට හිතෙන්නේ නැහැලු. ඒ වගේම තමයි මේ චරිතය නිසා පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහ මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ චරිතයට ඒ රංගනය සහ ඇඳුම් පැළඳුම් අනිවාර්යයි කියලයි ඇය කියන්නේ. සුද්දිට ඒ කියන වස්ත්‍රාභරණ නැතිනම් එළියක් ලැබෙන්නේ නැහැලු. ඒ වගේම ඇයට කිසිම ලැජ්ජාවක් තිබුණේ නෑ කියලත් ඇය කියනවා. ඉතින් නගරයේදීවත් කිසිම කෙනෙක් වැරදි ඇහැකින් ඇය දිහා බලන්න, වැරදි දෙයක් කියන්න එහෙම අවේ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම බොහොම ගෞරවයෙන් තමයිලු රසිකයෝ ඇවිත් ඇයට කතා බහ කළේ.

ඒ වගේම ඇය ටෙලි නාට්‍යයක රඟපෑවේ අවුරුදු නවයකින් විතර කියලත් ඇය කියනවා. මොකද පසුගිය කාලයේ ඇය චිත්‍රපටවල විතරයි රඟපෑවේ. ඒ නිසාම ඇය බොහොම පොඩි ටෙලි නාට්‍ය කිහිපයකට තමයි සම්බන්ධ වුණේ. නමුත් ඇය කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු විසි ගණනක් වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයට ඕනෑ නම් ටෙලි නාට්‍ය 200 ක 300 ක විතර වැඩ කරන්න තිබුනත් ඇය වැඩ කළේ ටෙලි නාට්‍ය අතළොස්සක විතරයි. ඉතින් ඒ අතළොස්සටත් ප්‍රේක්ෂකයාගේ ආදරය, ගෞරවය අදටත් ලැබෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

පැරණි පුවත්

මම වැඩිපුරම රඟපෑවේ බොලිවුඩ් චිත්‍රපට වල, ලංකාවේ අය දන්නැති වුනාට මම ලෝකෙම ගොඩක් ජනප්‍රියයි – ගම්‍යා විජයදාස

2009 දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමෙන් සිනමා රංගනයට පිවිසි ගම්‍යා විජයදාස කියලා කියන්නේ බොලිවුඩ් සිනමාවේ රංගනයට අවස්ථා ලබා ගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම වෘත්තියෙන් ව්‍යවසායිකාවක් වන ඇය අලෙවි හා කළමනාකරණ අංශයේ උපාධිධාරිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. Aalaap 1970 ලව් ස්ටොරි සහ යූටරින් චිත්‍රපටය වගේම ඇය රඟපෑ තවත් බොලිවුඩ් චිත්‍රපටයක් වන Wrongway චිත්‍රපටය මේ දිනවල ප්‍රේක්ෂකයින් වෙත මුදාහැර තිබෙනවා. ඒ Disney Hotstar (ඩිස්නි හොස්ටාර්) ඇප් එක ඔස්සේ.

ඉතින් ලෝකයේ වැඩිම දෙනෙක් දැන් ෆිල්ම්ස් නරඹන නෙෆ්ලික්ස් ඇප් එකට පමණක් දෙවැනි වූ ඩිස්නි හොස්ටාරි ඔස්සේ වැරදි මග හෙවත් Wrongway චිත්‍රපටය නිසා ලෝකයේ බොහෝ දෙනෙක් දැන් ගම්‍යා කියන්නේ කව්ද කියලා දන්නවා. ඉතින් අපේ රටේ තරුණියක් වන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුණා.

ඉතින් රංගනයේ දී බොහෝ දුරට ලංකාව ඇතුළේ කෙරෙන වැඩ අඩුයි කියලයි ඇය නම් කියන්නේ. නමුත් මේ අවුරුද්දේ ඒක වෙනස් වේවි කියලත් ඇය කියනවා. ඒකට හේතුව ඇය කළ වැඩ කිපයක්ම මේ අවුරුද්දේ එළියට එන්න තියෙන නිසා. ඒ වගේම ඇය මේ දිනවල චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන ‘චණ්ඩි කුමාරිහාමි’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. ඉතින් මේක වෘතාන්ත ටෙලි නාට්‍යයක් විදිහට ටෙලි නිර්මාණයකට එක් වූ ප්‍රථම අවස්ථාව කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම එහි ප්‍රධාන චරිත අතරින් එක් චරිතයක් වන හින් මැණිකේගේ චරිතය රඟපාන්නෙ ඇය.

ඒ වගේම ඇය ලෝකයේම ජනප්‍රිය වෙලා ඉන්න ‘වැරදි මග’ Wrongway චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ 2015 දී විතර. ඉතින් අවුරුදු 6ක් 7ක් පමණ කාලයක් බොලිවුඩයේ නිර්මාණවලට දායක වෙමින් ඉන්නකොට මේ චිත්‍රපටය තමයි මේ විදියට ඊලිස් වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ළඟදීම තව චිත්‍රපටයක් එන්නත් තියෙනවාලු. ඉතින් මේ චිත්‍රපටයේ පිරිස අතරින් අද කිප දෙනෙක් සුපිරි තරු වෙලා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒක හරි සතුටක් කියලත් ඇය කියනවා. ඒත් එක්කම මේ චිත්‍රපටයේ ෂූට් කළ අන්දම ඇයට ගෙනත් දුන්නෙ ත්‍රාසජනක බවක් කියලයි ඇය කියන්නේ. මොකද රාත්‍රියේ කැලෑවක තමයි ෂූට් කරලා තියෙන්නේ.

ඒ නිසාම ඇය බය වුණේ හොල්මන්වලට නොවෙයි සර්පයන්ට කියලත් ඇය කියනවා. ඒ වගේම කාට හරි ටොයිලට් යන්න අවශ්‍ය වුණාම කැලෑවෙ සවිකර තිබූ ටොයිලට් එකට පවා යද්දී ආරක්ෂාව ලබා දුන්නත් හැබැයි හැමෝම රාත්‍රිය ගත කළේ බයෙන් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්