පුංචි තිරයට පායපු තරුවක් විදියට නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් වන සංගීත් ප්‍රභූ හදුන්වන්නට පුලුවන්. ඔහු රංගනයෙන් දායක වුණු ප්‍රේක්ෂකයා ඉතා ආදරයෙන් වැළදගත්ත ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය කියන්නේ. මේ ටෙලිනාට්‍යයේ කවඩියා විදියට ඉහල ප්‍රේක්ෂක ආදරයක් දිනපු සංගීත් පසු ගිය දා සම්මානයකටත් පාත්‍ර වෙනවා.

ඉතින් කලාවට බොහොම අමාරුවෙන් සම්බන්ධ වෙලා මේ වන විට කලා ජීවිතය තුළ ඉතා සාර්ථක ගමනක් ඇවිත් තියෙන සංගීත් ඔහුගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ් කවුරුත් නොහිතන ව්‍යාපාර කිහිපයක්ද ඔහු සතුව තිබෙනවා. ඔහු මෑතකදී එක්තතරා යූටියුබ් නාලිකාවක් සමගින් කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී එම ව්‍යාපාරය ගැන පවසනවා. ඒ නයි මිරිස් වගාවක් ගැනයි. පර් 10 වැනි සාමාන්‍ය ඉඩ ප්‍රමාණයක වගා කරමින් මසකට ලක්ෂයට ආසන්න ආදායමක් ලබන බවයි ඔහු එහිදී පැවසුවේ. මේ කාරණාවන් සමග ඔහු පවසනවා තවත් ව්‍යාපාර කිහිපයක් සඳහා ‌‌යොමු වූ බවයි.

ඒ වගේම මේ වසරේ සංගීත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරා කියලයි ඔහු සදහන් කලේ. ඉතින් සංගීත් ප්‍රභූ ගැන පසු ගිය දා එක් එක් අවස්ථාවන් වලදී වැඩිපුර කතා බහ කරන්නට වුණා. ඒ ඔහුගේ පෙම් කතාවක් ගැනයි. ඉතින් සංගීත් ආදරය කරන්නේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න සුරූපි රංගන ශිල්පිනියකටයි. ඒ ගැන ඔහු මේ විදියටයි පුවත්ඔඅත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මගෙයි කස්තුරිගෙයි ආදර කතාවට දැනට අවුරුදු 4 ක් වෙනවා. තමන් ආදරෙ කරන කෙනාගේ ක්ශේෂ්ත්‍රය වැදගත් නෑ. මම පෙම්වතෙක් වුණත් තවම විවාහය ගැන තීරණය කරල නෑ. මමයි කස්තුරියි ටෙලිනාට්‍යය කිහිපයකම එකට වැඩ කරලා තියෙනවා. අපි දෙන්නගෙ මුම රංගනය වුණේ හුස්මක් තරමට ටෙලිනාට්‍යය.

අපි දෙන්නගෙ දැන හදුන ගැනීමත් එක්ක පෙම්වතුන් බවට පත් වූනා. අවංකවම මට අද ඉන්න තැන ගැන සතුටුයි. මට මේ තැනට එන්න ලැබුණේ මගේ කැපවීමත් එක්කයි. මට අද කොහේ ගියත් ආදරේ කරන පිරිසක් ඉන්නවා. මට මංම ආදරෙයි.”

පැරණි පුවත්

ගින්දරී 3 ජනප්‍රිය වුණොත් ගින්දරී 4ත් එනවා

නිර්මාණකරුවකුගේ ප්‍රතිභාසම්පන්න බව විද්‍යමාන වන්නේ සමාජයේ පවතින තත්ත්වය තේරුම් ගෙන නිර්මාණකරණයේ යෙදීම තුළයි. පීඩාකාරී ආර්ථික, සමාජීය රටාව පැය කීපයකට හෝ අමතක කරවන ගින්දරී 3 චිත්‍රපටය නොසිතු විරූ ලෙස විජයග්‍රාහී ගමන් මඟක ගමන් කරන්නේද ඒ නිසයි. එකී අපූරු චිත්‍රපටයේ නිමැවුම්කරු වූ උදයකාන්ත වර්ණසූරියව අප සම්බන්ධ කරගත්තා

ගින්දරී 3ට ලැබෙන ගින්දර ප්‍රතිචාර කොහොමද?

බොහොම සතුටුදායක කාල පරිච්ඡේදයක් ගෙවමින් සිටිනවා. හිතුවටත් වඩා එය සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසා සතුටින් ඉන්නවා.

මේ වගේ අර්බුදකාරී සමයක චිත්‍රපටියක් ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යෑම ම අභියෝගයක් නේද?

තවම අපේ රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වී නැහැ. ඒ නිසා පොඩි ගැටලුකාරී තත්ත්වයන් පවතිනවා. නමුත් එකී කරුණු යටපත් කරමින් සිනමාවට ප්‍රේක්ෂකයන් ඇදී ඒම සිංහල සිනමාවේ සුබ ලකුණක් ලෙස දකින්න පුළුවන්. ඒවගේම චිත්‍රපටයක් නැරඹීමේ ප්‍රවේශ පත්‍රය තවම මිල ඉහළ ගිහින් නැහැ. ඒ වගේම රටේ පවතින පීඩාකාරී තත්ත්වයෙන් අත්මිදෙන්න මිනිසුන් සිනමා ශාලාව තෝරා ගත්තා යැයි සිතන්නත් පුළුවන්. ඒවගේම බහුබූතයෝ හා ගින්දරී 2 චිත්‍රපටිවල දිගුවක් ලෙස මෙය නිර්මාණය වූ නිසා එයින් ගොඩනැ‍ෙඟන කුතුහලයත් මෙයට ප්‍රේක්ෂකයන් ඇදී ඒමට හේතු වන්නට ඇති. මගේ අභියෝගය මං යම්තාක් දුරකට ජයග්‍රහණය කළා යැයි ඒ නිසා විශ්වාස කරනවා.

ප්‍රහසනය මේ යුගයේ අවශ්‍යතාවක් යැයි ඔබ විශ්වාස කරනවාද?

ප්‍රහසනයට පවතින රුචිකත්වය එදත් අද වගේම පැවතුණා. ඔළුව වෙහෙසන්නෙ නැතුව සරල විනෝදයක් ලබන්න බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ගින්දරි 3 මිනිසුන් බොහොමයක් වැලඳ ගැනීමට එකී කාරණය බොහෝ සෙයින් බලපාන්නට ඇති.

සිනමා විචාරකයන් සම්භාව්‍ය චිත්‍රපටවලට පමණක් කොටු වුණු ස්වභාවයක් දක්නට ලැබෙනවා. විනෝදාත්මක චිත්‍රපටි ඔවුන්ට මඟ හැරෙන්නේ ඇයි?

සිනමා විචාරකයන් විනෝදාත්මක චිත්‍රපට ඕනෑකමින්ම මඟහරිනවා. සිනමා විචාරකයන් පෙනී සිටින්නට කැමැති සම්භාව්‍ය චිත්‍රපටි සඳහා පමණයි. සිනමාව පවතින්නේ විනෝදාත්මක චිත්‍රපට නිර්මාණය වීම තුළයි. නමුත් විචාරකයන්ට එය අදාළ වෙන්නේ නැහැ. සිනමාව සරලව හසුරවනවා කියන චෝදනා විනෝදාත්මක චිත්‍රපටිවලට ඔවුන් එල්ල කරනවා. නමුත් විනෝදාත්මක චිත්‍රපටයක වුවත් හොඳ සිනමාරූපි බවක් තිබිය යුතු යැයි මම විශ්වාස කරනවා. එවන් චිත්‍රපටයක් විචාරය කිරීමට විචාරකයන් පෙළගැසිය යුතු යැයි මම විශ්වාස කරනවා. නමුත් සිනමා විචාරකයන් තම ප්‍රතිරූපය එයින් විනාශ වේ යැයි බියෙන් එය මඟ හරිනවා.

සිනමා ශාලා වැසුණු, රිදී තිරයට රතු එළි දැල්වූ මෙවන් යුගයක නිර්මාණකරණයේ යෙදෙන විට පැන නැඟුණු අභියෝග මොනවාද?

ගින්දරී 3 චිත්‍රපටය මම නිර්මාණය කළේ මීට වසර තුනකට කලින්. නමුත් රටේ අර්බුදකාරී තත්ත්වය තුළත් මම චිත්‍රපටි දෙකක් නිර්මාණය කළා. ‘ගිනි මල් පොකුරු‘ හා ‘රිදී සිහින‘ එම චිත්‍රපටි ද්විත්වයයි. රිදී සිහින ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ගින්දරී ප්‍රදර්ශනය කිරීමේදීත් අභියෝග බොහෝමයක් පැවතුණා. නමුත් එකී අභියෝග ගැන නොහිතා මම ගින්දරී 3 ප්‍රදර්ශනයට මුදා හැරියා. චිත්‍රපටියක් නිර්මාණය කිරීම හා ප්‍රදර්ශනය කිරීම මට ලොකු ගැටලුවක් නෙමෙයි. ඉදිරියේදීත් හොඳ නිර්මාණ කිරීමට බලාපොරොත්තු වෙනවා.

ගින්දරී 3 ප්‍රදර්ශනයට මුදාහැරීම ප්‍රමාද කිරීම හොඳ තීරණයක් කියලා ඔබ විශ්වාස කරනවද?

ගින්දරී 3 නිර්මාණය කළ අවධියේ ප්‍රදර්ශනයට මුදා හැරියා නම් ගැටලුකාරි තත්ත්වයන් බොහොමයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ගැටලු මේ වන විටත් යම් තාක් දුරකට මඟහැරී තිබෙනවා. ඒ නිසා අවදානම තරමක් අඩුයි. කලින් මුදා නොහැරිය එක ගැන සතුටුයි.

ගින්දරී 3ට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ගින්දරී 4ත් නුදුරේදීම කලඑළි බසියි කියලත් හිතෙනවා. කලින් මුදා නොහැරිය එක ගැන සතුටුයි‍ද?

ගින්දරී 3 අතිශය ජනප්‍රිය වුණොත් ගින්දරී 4 චිත්‍රපටිය කරන්නත් පෙලඹෙන්න පුළුවන්. මේ වන විට ගින්දරී 4 වෙනුවෙන් වස්තු බීජයක් නිර්මාණය වෙමින් පවතිනවා. එය වෙනස්ම කතා තේමාවකට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

සෑම බිරියක්ම යකින්නියක් නොවේ කියන ගින්දරී චිත්‍රපටයේ තේමා පාඨය තුළම ප්‍රහසනය අභ්‍යන්තරයේ ස්ත්‍රීවාදී නැඹුරුවක් දක්නට ලැබෙනවා. ඒ ගැන කිවුවොත්?

සෑම සුන්දර ගැහැනියක් පිටුපසම යකින්නියක් සිටිනවා කියලා කතාවක් තියෙනවා. එහි සත්‍යතාවක් නැත්තෙමත් නැහැ. බිරියක් කියන්නේ පවුල් කුටුම්බය රකිමින්, සැමියාට හා දරුවන්ට ආදරය දක්වන කෙනෙක්. නමුත් ඇයට ඇතිවන පීඩාකාරී තත්ත්වයන් මත ඇය යකින්නියක් බවට පත්වන අවස්ථාත් උදාවෙනවා. නමුත් සෑම ගැහැනියක්ම යකින්නියක් නොවෙයි කියන තේමාව යටින් යථාර්ථවාදී කියැවීමක් තියෙනවා.

කලාත්මක චිත්‍රපටවලට වඩා වාණිජ චිත්‍රපටිවලට ප්‍රේක්ෂකයන්ගේ වැඩි නැඹුරුව ඔබගේ නිර්මාණකරණයට හේතුභූත වී ඇතැයි කිව්වොත්?

ඔව් එය නිවැරදියි. මම නිර්මාණය කළ චිත්‍රපට 25 තුළම වැඩියෙන්ම පවතින්නේ වාණිජ චිත්‍රපටියි. කලාත්මක හැඩරුව තියෙන චිත්‍රපටි කිහිපයකුත් මම නිර්මාණය කළා. මම කලාත්මක චිත්‍රපටවලට නැඹුරු වූවා නම් මේ තරම් දුරක් එන්න අපහසුයි. සිනමාරූපී බව වාණිජ චිත්‍රපටවලටත් අදාළයි. වාණිජ චිත්‍රපටයක් කළත් සරල, බොළඳ නිර්මාණවලට මම කොටු වෙන්නේ නැහැ. වාණිජ චිත්‍රපටි වලට වැඩි වියදමක් හා වැඩි වෙහෙසක් දැරිය යුතු වගේම සිනමාරූපී බවත් ආරක්ෂා කරගත යුතුයි.

මෙන්න බලන්න තවත් පුවත්