ලබන මස 09 වන දින ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවලට එරෙහිව ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් එම එකමුතුව සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව එම විරෝධතාව පැවැත්වීමට පියවර ගන්නා බවයි.

මෙරට බදු මුදල් වියදම් කර ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා සඳහන් කරයි.

 

 

 

මෙන්න බලන්න තවත් පුවත්