පසුගිය දා  නානුඔය, රදැල්ල මාර්ගයේදී පාසල් ළමුන් රැගත් බස් රථයක් වෑන් රථය ගැටීමෙන් සිදු වූ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වලට කඩිනමින් වන්දි මුදල් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ අද ( 24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පාසල් දරුවන් රැගෙන සංචාරක කටයුතුවල නියැලෙන බස් රථ අනුගමනය කළ යුතු රීති සොයා බැලීම සඳහා ත් දරුවන්ගේ සහ දෙමව්පියන්ට ආරක්ෂාව සැලසෙන පරිදි එය සංවිධානය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමට මොරටුව විශ්ව විද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික ගමනාගමන කොමිසම සමග සමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටවුවක් විද්වත් කමිටුවක් පත් කර ඇති බවත් ඔහු කියා සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“පාසල් සිසුන් ඇතුළු මගී ප්‍රවාහනයේදී මෙවැනි ඛේදවාචකයන් වළක්වා ගැනීම සඳහා වාර්තාවක් කෙටි කාලයක් තුළදී ලබා දෙන ලෙස තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. ඒ නිසා මෙවන් රිය අනතුරු වළක්වා ගැනීම සඳහා සමාජ වගකීම ඉටු කරන්න අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළක් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. වන්දි ගෙවලා කරන්න පුළුවන් උදව් කරන්න රජය ත් රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලයින් මැදිහත් වෙලා තිබෙනවා.”

මෙන්න බලන්න තවත් පුවත්