අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු  වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කොට තිබෙන බව වාර්තා වේ.

ඊට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කළ විනිසුරුවන් එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණි.

මෙම තීන්දුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් විසින්  ප්‍රකාශයට පත් කොට තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්