ඊයේ (22) පස්වරුවේ මහව උක්වත්තේගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා උක්වත්තේගම ප්‍රදේශයේ කුකුළු ගොවිපොළක් රැකබලා ගැනීමේ නිරතව සිට ඇති අතර, ගොවිපොළට බල්ලන් ඇතුළුවීම වැළැක්වීමට අදිනලද විදුලි රැහැනක් එම පුද්ගලයාගේ පාදයේ පැටලීමෙන් විදුලිසැර වැදී මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙන්න බලන්න තවත් පුවත්