පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර වැඩියෙන්ම කතාවුන දක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනෙක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ, ඒ වගේම ලංකාවේ ජනප්‍රියතම නිවුන් රංගන ශිල්පිනියන් දෙදෙනා විදියටත් අනුශ්කි සහ කනුශ්කි හඳුන්වන්න පුළුවන්. මේ දිනවල හැමෝම කතා කරන මාතෘකාවක් නිසා අනු කනුගේ නමුත් කියවෙනවා. ඒ පිලිබදව ඔවුන් දක්වා තිබුනේ මෙවන් අදහසක්

මිනිස්සුන්ට ගොසිප් හදන මඩ ගහන සමාජයක් මේකනම්. ඇත්තටම මේ වගේ සමාජයක ජීවත් වෙන්නත් ලැජ්ජයි අපිට ? හරි වැරද්ද කාටවත් ඔප්පු කරන්න යන්න එපා අයියෙ ඔයා අපි දන්නවා දන්න අය දන්නවා ඔයා කවුද කියලා

ඉතින් අපි අද අපේ කතා බහට එකතු කරගෙන ඉන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න අනුශ්කි සහ කනුෂ්කිවයි,

අනුශ්කි කොහොමද අලුතෙන් උදාවුණ 2023 අවුරුද්ද..? ”නංගිටයි මටයි මේ අවුරුද්දේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා, ඒ අතරින් ප්‍රධානම එක තමයි අපි අපේම කියලා ඩාන්සින් ස්ටුඩියෝ එකක් පටන් ගන්න එක, ඒක අපි දෙන්නා පොඩ්කාලේ ඉඳලම දැක්ක හීනයක්, ඒ හීනය 2023 වසරේදී සැබෑ කරගන්න මූලික පියවර ටික අරගෙන ඉවරයි, මේ දවස්වල අපි නිතරම මහන්සි වෙන්නේ ඒකෙ වැඩ වලට”

ඔයාලා දෙන්නා කලාවට සම්බන්ද වෙන්නේ ටික්ටෝක් හරහාද..? ”මෙහෙමයි අපි දෙන්නගේ මුලික අරමුණ වුනේ පොඩි කාලයේ ඉඳලම නර්ථන ශිල්පිනියන් දෙදෙනෙක් වෙන එක, ඉතින් ඒ ආසාව එක්ක ලැබුන දෙයක් තමයි රංගනය කියන්නේ, ඒ හැමදේකටම මූලික වුනේ ටික්ටෝක්, අපි දෙන්නා කරපු ටික්ටෝක් වීඩියෝ එකක් වයිරල් වුනා ඒක නිසා තමයි ජනප්‍රිය වෙන්න ලැබුනේ, අපිට රඟපාන්න අවස්තාවක් ලැබෙන්නේ හරිම අහම්බෙන්, අපිට හෂාන් රුක්ෂාන් අයියා තමයි මුලින්ම ටෙලිනාට්‍යකට ආරාධනා කලේ, ඒ ‘සින්’ කියලා නාට්‍යකට, එකට ටුවින්ස්ලා දෙන්නෙක් ඕන වෙලා තිබ්බා, ඒ වෙද්දී අපිට ඒ ගැන කිසිම අත්දැකීමක් නෑ, ඉතින් ඒ නිසා අපි දෙන්නා රඟපාන්න බය වුනා, හැබැයි හරියන්න හරි වරදින්න හරි අපි දෙන්නා ඒ නාට්‍යයේ රඟපෑවා,

ඒ කාලෙයේ තමයි ‘මල් පිපෙන කාලයේ’ ටේලිනාට්‍යට ටුවින්ස්ලා හොයනවා කියලා දැන්වීමක් දාලා තිබ්බා, ඒ නාට්‍යයේ අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් මහතා ගේ ෆේස්බුක් ගිණුමේ, අපේ ලොකු අක්කා ඒක දැකලා අයදුම්පතක් දාලා තිබ්බා, ඊටපස්සේ අපිට තිර පරීක්ෂණයකට ආරාධනාවක් ආවා. එතනට ටුවින්ස්ලා ගොඩක් ඇවිත් හිටියා, එතනින් සමත් වෙලා කියලා තුෂාර සර් ඇතුළු කණ්ඩායම අපි දෙන්නාට කිව්වා, අපි දෙන්නගේ නර්ථන හැකියාවත් ලොකු උදවුවක් වුනා ඒ චරිත දෙක ලැබෙන්න”

කනුශ්කි අනුශ්කි දෙන්නම එකම වගේ ඉතින් කොහොමද මේ පටලැවිල්ල ලිහාගන්නේ..? ඇත්තටම හැමෝටම ඒක ලොකු ප්‍රශ්නයක් අපි දෙන්න ඉස්සරහින් දැක්කත් එක වගේ පිටිපස්ස හැරිලා හිටියත් හැමෝටම දෙන්නා පටලැවේනවා, වැඩිය ඕන නෑ පස්ස හැරිලා ඉද්දී ගෙදර අයටවත් අපිව අඳුරගන්න බෑ, ඉස්කෝලේ කාලේ තමයි හරිම ජොලි වැඩ වෙන්නේ, ඒ කාලේ කොල්ලෝ අක්කා කියලා හිතලා මගේ පස්සෙනුත් ඇවිත් තියෙනවා, මට දෙන ලියුම් වැරදිලා අක්කට දීලා තියෙනවා, තාමත් ගොඩක් අයට අපිව හරියට අඳුර ගන්න බෑ,”

කියන්නකෝ ඔයාලා දෙන්නගේ අම්මා ගැන ”අපේ පවුලේ ඉන්නෙම ගැහැණු දරුවෝ හයක්, අපේ අම්මා ගොඩක් ධෛර්යවන්ත කාන්තාවක්. තාත්තා නැතිවෙච්ච දවසේ ඉඳලා අපි හයදෙනා වෙනුවෙන් කැපවෙලා වැඩ කලේ මගේ අම්මා, ඇත්තම කියනවනම් අපි දෙන්නා අපේ තාත්තා දැකලා තියෙන්නේ පොටෝ එකකින් විතරයි, තාත්තා නැති අඩුව කවදාවත් අම්මා අපිට දැනෙන්න දීලා නෑ, කොච්චර අපහසුතා තිබ්බත් අම්මා අපිට ඒ අමාරුකම් දැනෙන්න දීලා නෑ, ගැහැනු ළමයි හයදෙනෙක් එක්ක මේ සමාජයේ හැප්පෙනවා කියන්නේ ලේසි නැහැ. ඇත්තම කියනවනම් අපේ අම්මට තියෙන ධෛර්යවන්තකම අපිට නැහැ.”

පැරණි පුවත්

මම කඩාගන්නේ නැතුව මේ ක්‍ෂේත්‍රයේ ඉස්සරහට යනවා – සුරඟනක් වගේ හැඩකාර දුනේෂා

හුගිය කාලයේ ලංකාවේ හැමෝම ගොඩක් ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ, මේ වනවිට නාඩගම්කාරයෝ නාට්‍ය විකාශනය වෙලා අවසන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝම ආදරේ කරපු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ ටීනක්කි සමග, දුනේෂා ඔයා පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වුනා, මොකද දැන් පේන්න නැත්තේ රංගනය එපා වෙලාද ”අනේ නැහැ මම මේ දවස්වල මගේ අධ්යාපනයට් මුල් තැන දීලා තියෙන්නේ ඒ නිසා මම ලැබෙන නිර්මාණ බාරගත්තේ නෑ, මේ වැඩ ඉවර වුනාට පස්සේ ආයෙමත් රංගනයට සම්බන්ද වෙනවා”

දුනේෂා මොනවද ඉගනගන්නේ ”මම මේ දවස්වල ෆාමසි කෝස් එකක් කරනවා, ඉතින් මම අනාගතයේදී ඒ පැත්තට යොමුවෙන්න හිතාගෙන ඉන්නේ, හැබැයි රංගන යකියන්නේ මගේ ජීවිතේ වගේ, ඒක මගේ ඇඟේම තියෙන දෙයක්, ඒ නිසා මම කීයටවත් රංගනයෙන් ඈත් වෙන්නේ නෑ, මගේ පොඩි කාලේ ඉඳලම ලොකු ටාගට් එකක් තිබ්බා ඩොක්ටර් කෙනෙක් වෙන්න, හැබැයි ඒ හීනෙට යන්න මට ලකුණු මදි වුනා, ඒ නිසා මම ෆාමසි කොස් එකක් කරලා නාගතයේ බෙහෙත් නිෂ්පාධනය කරන්න කැමැත්තෙන් ඉන්නවා, හැබැයි මොන දේ කලත් මම රංගනය අත්හරින්නේ නෑ,”

දුනේෂා කොහොමද රංගනයට පිවිසෙන්නේ ”මම මුලින්ම එන්නේ 2016 වසරේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරි තරඟය හරහා, එකෙන් මම අවසන් වටයට තේරෙනවා, 2017 වසරේත් ඒ තරඟයෙන් මම අවසන් වටයට තේරෙනවා, හැබැයි 2018 වසරේදී මම තුන්වෙනි තැන ලබා ගන්නවා, 2018 වර්ෂයේ මිස් ඩයමන්ඩ් ක්වීන් ලෙස අභිෂේක ලබනවා, 2019 වසරේදී රීජන්සි ක්වීන් වෙනවා එහෙම තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ,

පැජන්ට් වලින් දිනුවට අවුරුදු කුමරිය තරඟ වලින් දිනන්න බැරි වුනා නේද..? මෙහෙමයි නේ අවුරුදු කුමරිය තරඟයේදී බලන්නේ ලස්සන විතරයි, හැබැයි නිරූපිකාව විදියට පැජන්ට් එකකට ගියාම ඊටවඩා ගොඩක් දේවල් බලනවා, එතන මූනේ ලස්සන විතරක් මදි ඇඟේ හැඩය වගේම තව තව දේවල් ගොඩක් බලනවා, ඒකට බොහෝ කුසලතා තියෙන්න ඕන.”

රංගන ක්‍ෂේත්‍රයේදී ප්‍රශ්න ඇවිත් නැද්ද..? ”අම්මෝ ඕන තරම් ප්‍රශ්න ඇවිත් තියෙනවා, එක එක අයගේ පෞද්ගලික ප්‍රශ්න අරගෙන ඇවිත් අපට දාලා බුලි කරලා තියෙනවා, තැනකට යන්න හදද්දී එක එක කටකතා හදලා පලටම ඇදලා දැම්ම අයත් ඉන්නවා, හමයි මම විශ්වාස කරලා හිත කඩාගන්නේ ගන්නේ නැතුව ඉස්සරහට යනවා, මගේ මේ ගමන පිටිපස්සේ ඉන්නේ මගේ අම්මා, අවුරුදු කුමාරි තරගවලට ඉල්ලුම් කළෙත් එයාමයි. තාත්තගෙත් අකැමැත්තක් නැහැ. ඒ නිසා මට බයක් නෑ”

මෙන්න බලන්න තවත් පුවත්