මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මරණීය දණ්ඩනය හිමිවී ඇති සිරකරුවෙකු ද ලියන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම සිරකරු බන්ධන්ගාරගත කර සිටින කාලය තුළ “අනුශය ආසව” නමින් නවකතාවක්ද ලියා තිබුණි.

ඔහුද සමගින් වැලිකඩ බන්ධනාගාරයේ සිටින පුද්ගලයින් සිව් දෙනෙක් 2022/23 අපොස උසස් පෙළ විභාගය ලියන බවත් ඔවුන් වැලිකඩ නව මැගසින් විභාග මධ්‍යස්ථානයේ දී විභාගය ලියන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එසේම යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙක්ද මෙවර අපොස උසස් පෙළ විභාගය ලියන බව වාර්තා වේ..

මෙන්න බලන්න තවත් පුවත්