ආකර්ෂණීය රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන පෙනෙන මේ සුන්දර තාරකාවිය තමයි විනූ සිරිවර්ධන. ඇය ගැන ආයෙ ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මොකද තරුණ බොහෝ දෙනෙක් විනූ කියන චරිතයට ආදරේ කරන නිසා. විනු සිරිවර්ධන එක්තරා රූප රාජිනී තරගයක් ජයග්‍රහණය කරලා තමයි ක්ෂේත්‍රයට එන්නේ. එතැන් පටන් නිවේදිකාවක් විදිහටත් ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසත් ඇයව පුංචි තිරයෙන් සහ රිදී තිරයෙන් අපට දැකබලා ගන්න අවස්ථාව ලැබුණා. මේ වන විට තමන්ගෙ පෞද්ගලික ජීවිතයත් එක්ක විනූ ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. විවාහ වුණාට පස්සේ ඉස්සර වගේ ඇය කලා කටයුතුත් එක්ක නිතරම කාර්යබහුල වුණේ නැහැ. ඒකට මූලිකම හේතුව ආදරණීය සැමියා ගාව බිරිඳක් විදිහට ඇය ට ඉන්න ඕනේ නිසා කියලත් සඳහන් කළා.

මේ වන විට විනු ගෘහණියක් විදිහටත් කලාකාරිනියක් ලෙසත් තමන්ගෙම ව්‍යාපාරයකින් ජීවිතයේ ඉහලට යන උත්සහ දරන ව්‍යාපාරිකාවක් ලෙසත් අපිට හඳුන්වන්න පුළුවන්. ඇය තමන් කරන විලාසිතා ගැන ගොඩක් දෙනෙක් අහන නිසා තීරණය කරනවා විලාසිතා සම්බන්ධයෙන් ව්‍යාපාරයක් පටන් ගන්න. මේ ව්‍යාපාරයත් අද වෙද්දි සාර්ථක මට්ටමක තියෙනවා කියලා ඇය සඳහන් කළා.

ගොඩක් අය කියන දෙයක් තමයි විනු විවාහ වුණාට පස්සේ එන්න එන්නම තව තවත් ලස්සන වෙනවා කියන දේ. ඒකට මූලිකම හේතුවක් විදිහට හදුන්වන්න පුළුවන් ඇය නිතර කරන ආකර්ෂණීය විලාසිතාවන්. විවාහයෙන් පස්සේ ඇය ලස්සන වීමේ රහස ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“හැමෝම ඔය කතාව කියනවා.මට හිතෙන්නෙ ඒකට හේතුව ස්වාමියාගෙන් ලැබෙන අසීමිත ආදරයයි රැකවරණයයි එක්ක බොහොම සතුටින් ඉන්න තරම් මම වාසනාවන්ත වීමයි” ඇයගේ ආදරණීය සැමියා ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. ඒ වගේම ඔහුත් එක්ක හරිම ආදරණීය ජීවිතයක් ඇය ගත කරනවා. නිතරම ආකර්ෂණීය චරිතයක් වෙන්න හැමෝටම බැහැ. නමුත් වෙනුවට එය අවස්ථාව උදා වෙන්න ඇය තෝරා බේරාගෙන විලාසිතා කරන නිසා වෙන්න ඇති.

කොච්චර මිලෙන් අධික ඇඳුමක් වුනත් ඇයට ගැළපෙන නැත්නම් ඇය ඒක අදින්නේ නැහැ කියලත් සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි විවාහයෙන් පස්සේ ඇගේ බොහෝ විලාසිතා ඇයට තෝරා දෙන්නේ ඇගේ ආදරණීය සැමියා කියලත් සඳහන්. ඒ වගේම කොයි තරම් විලාසිතා කරත් බාහිර පෙනුම කොයි තරම් ලස්සන උනත් අපි හැමෝගෙම හදවතත් ලස්සන වෙන්න ඕනේ කියලා ලස්සන වෙන්න ඕනේ කියලා ඇය සඳහන් කරනවා. විලාසිතා කරද්දී සාමාන්‍යයෙන් විශාල මුදලක් වැය වෙනවා. විනුට නම් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඒ ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මම ආසම ලොකු ලොකු මුදු පලදින්න. ඉහළ මිල ගණන් යටතේ තියන විලාසිතා කරන්න ඕනි branded ඇඳුම් අඳින්න ඕනෙ කියන මතය මට නැහැ. මට ගැළපෙනවා නම් මිල ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. නමුත් මගේ ආදරණීය සැමියා නම් මට අරන් දෙන්න බොහෝ විලාසිතාවන් මුදලින් වැඩියි.”

ඉතින් ඇය තමන් කරන විලාසිතා සම්බන්ධයෙන් සහ ඒ විලාසිතා වලට සැමියාගෙන් ලැබෙන සහයෝගය පෙනුම නොව ඒ විදිහට තමයි අදහස් ඉදිරිපත් කළේ. තවත් බොහෝ කාලයක් ලස්සනට මේ ආදරණීය යුවලට ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා ය කරන්නේමු.

පැරණි පුවත්

මම මෙච්චර දවසක් සද්ද නැතුව හිටියේ මගේ මහත්තයාගේ නමට කැළලක් වෙන නිසා – මධුමාධවගේ බිරිඳ එරන්දි

කළා ලෝකයේ විවිද පැතිකඩවල් නියෝජනය කරපු ආදරණීය චරිතය තමයි මධුමාධව අරවින්ද කියන්නේ, එක එක කාලෙට එක එක මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වෙන මධුමාධව ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය චරිතයක්, කලාව හරහා වගේම මධුමාධව දේශපාලනය හරහාත් හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වෙලා තියෙනවා, ඉතින් අපි හිතුවා ඔයාලා හැමෝම ආදරය කරන රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම දේශපාලාන ක්‍රියාකාරිකයෙක් වන මධුමාධව ගැන ටිකක් කතා කරන්න,

මධුමාධව හැමෝම අතර කතාබහට ලක්වෙන්න හේතුව ඔහුගේ ජනප්‍රියත්වය ගොඩක් බලපෑවා, ඒ වගේම ප්‍රධාන වශයෙන් බලපෑවේ මදුමාධවගේ විවාහය, මොකද ඔහු මුලින්ම විවාහ වෙන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නිල්මිණි තෙන්නකෝන් සමග, කොහොම වුනත් මධුමාධවගේ සහ නිල්මිනී තෙන්නකෝන්ගේ විවාහය සාර්ථක වෙන්නේ නෑ, ඔවුන් අතර ඇතිවුන පුද්ගලික ගැටළු කිහිපයක් නිසා මධුමාධව සහ නිල්මිනී විවාහෙන් වෙන් වෙනවා,

හැබැයි මධුමාධව එතනින් නතර වෙන්නේ නෑ, ඔහු නැවත විවාහ වෙනවා, කාලයක් ආදරෙන් හිටියත් මදුමාධවගේ එම විවාහයත් අවාසනාවන්ත විදියට බිඳිලා යනවා, කොහොම වුනත් මධුමාධව නැවතත් විවාහ වෙලා ආදරණීය ජීවිතයක් ගතකරනවා, කොහොම වුනත් පසුගිය දවස්වල සමාජා ජාලා හරහා වයිරල් වුන චායාරූපයක් නිසා කොහොම වුනත් මධුමාධවගේ බිරිඳ එරන්දි හරිම අපූරු කතාවක් ඔහුගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා, ඒ ධීර්ඝ කතාවේ උපුටාගත් කොටස් කිහිපයක් තමයි මේ, ”අක්කා මදුමාදව අරවින්දගේ දැන් වයිෆ් ලක්ෂ පනහකට මුළු පවුලම යූකේ යවනවා, දෙන්නට දෙන්නේ ජොබ් වීසා, ළමයිට නොමිලේ ඉගනගන්න පුළුවන්, දන්නා අයට කියන්න කියලා එක එක කතා පලවෙනවා, අනේ ඕවට අහුවෙන්න එපා මම මේ මෙහෙට වෙලා පාඩුවේ මගේ වැඩක් බලාගෙන ඉන්නවා, ලක්ෂ පනහකට පවුලක් එංගලන්තයට ගන්නවා කියන එක මට නෙවෙයි කාටවත් කරන්න බැරි වැඩක්,”

”මේ කාලය මුදල් සහ මිතුරන් හිතවතුන් තියා දෙමාපියන් පවා විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක, රට යවන බවට පොරොන්දු වි අහිංසක මිනිස්සුන්ගෙ මුදල් අවභාවිතා කොට අතුරුදහන් වෙන කතා බහුලව මෙ සමාජයේන් ඇසෙන නිසා අමතර කරදර වල පැටලීමෙන් මෙතෙක් කාලයක් හොර කම් මුදල් වංචා තියා බැංකු නයකට වත් සම්බන්ධ නොවු මගෙ සැමියාගේ නමට කැළලක් විය හැකි බැවින් මේ දේවල් වලට සම්බන්ද නොවී සිරීම හොඳයි කියලා මම තීරණය කළා, මම එංගලන්තයේ හිටියට මට එංගලන්තයට මගේ සැමියා හැර වෙන කිසිවෙකු ගෙන්වා ගැනිමේ හැකියාවක් නැත. ඒ නිසා වංචාකරුවන්ට හසුවෙන්න එපා”

මෙන්න බලන්න තවත් පුවත්