90 දශකයේ ඉඳන් වර්තමානය දක්වා තරුණ හදවත් ආදරෙන් දිනාගෙන ඉන්න ගායන ශිල්පියෙක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නේ. ඔහුගේ ගීත ප්‍රමාණය පිළිබඳව අදට බොහෝ දෙනාට හිතා ගන්න බැරි දෙයක් වෙලා. 90 දශකයේ වැඩිම ගීත නිර්මාණ අයිතිය ඇත්තේ ඔහුටයි. ඒ හේතුවෙන් කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ අජිත් මුතුකුමාරණ සමගයි අද අපේ මේ කතාබහ, ඉතින් අජිත් කොහොමද, පහුගිය කාලේ කළා ලෝකයෙන් වැඩිය දැක්කේ නෑ මොකද වුනේ ”මම ගොඩක් සතුටින් සුවෙන් සතුටින් ඉන්නවා, පහුගිය කාලයේත් මම කලාවට සම්බන්ද වෙලා හිටියා, මම කලාව නැවැත්තුවේ නෑ, තාවකාලිකව මම පොඩි හුස්මක් ගත්තා, දැන් මම ආයේ වැඩේට සන්නද්ධ වෙලා ඉන්නේ”

ඒ කාලේ අජිත් ගැහැණු ළමයින්ගේ සිහින කුමාරයා වෙලා හිටියා නේද..? ”මෙහෙමයි මගේ ගීත සරලයි. මම ඕන තරම්, අපි හැමෝම ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක, අපි විඳින සහ විඳවන තැන් තියෙනවා, සින්දු එක්දහස් දෙසීය ගානක හිමිකරුවෙක් මම, ඉතින් එක්කෙනෙක්ට හරි එයාගේ ජීවිතේ සිදුවීමක් ඒ ගීත වල තියෙනවා, මම විශ්වාස කරන දෙය තමයි මගේ ජනප්‍රියත්වය තියෙන්නේ මගේ අතේමයි, ඉතින් මම සිහින කුමාරයෙක් වුන එකගැන මට පුදුමයක් නෑ, ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ මාව අත් හරියේ නෑ”

ඒ කාලේ ලියුම් එහෙම ගොඩක් එන්න ඇති නේද ”ඒ කාලේ විතරක් නෙවෙයි තාම එනවා, හැබැයි දැන් වැඩියෙන් එන්නේ මැසේජ්, ඉතින් ඒ ප්‍රේක්ෂකයන්ගේ කරමතින් තමයි මම මේ ගමන ආවේ ඇත්තටම ගොඩක් ස්තුතියි ඒ අයට, එදා වේදිකාවේ තිබ්බ තැන අදත් මට ඒ විදියටම තියෙනවා, අවුරුදු පහක් මගේ සින්දු ඇහුනේ නෑ නේ, දැන් අලුත් බෑන්ඩ් එකේ කොළඹ එක මල්ලි කෙනයි ඉන්නේ අනිත් ඔක්කොම දකුණෙන් ගත්තේ, එයාලගේ අනාගතේ තියෙන්නේ මගේ අතේ, යම් යම් කාලවලදී එක එක දේවල් සිද්ද වුනා, ඒ වෙලාවට මම කලේ නිහඬව ඉන්න එක, නොගැලපෙන තැන්වලින් ඉවත් වෙන එක තමයි හොඳම දේ, අඩියක් පස්සට ගත්තට ඒක ලොකු වාසියක් කියලයි මට හිතෙන්නේ”’

පැරණි පුවත්

මචං උඹේ එක්කෙනා අරූ එක්ක සීන් එකක් තියෙනවා- බොරැල්ල කම්පාවට පත් කළ සුරූපී අයේෂා හිත්පිත් නැතුව පරළොව යැවූ සැමියා ගැන වෙනස්ම හෙළිදරව්වක්..

අනේ ලොකු අම්මේ. ඉක්මනට ඇවිත් මාව බේර ගන්න. අනුරාධ මාව ම / න්නයි හදන්නෙ. එයා මාව ම ර නවා. අනේ බේරගන්න…“ අයේෂා දියණියගෙන් ලැබුණ එම ඇමතුමෙන් ඇගේ ලොකු අම්මාගේ ඇඟ සීතල වී ගියේ ඇය මෙවැන්නක් කිසිදිනක බලාපොරොත්තු නොවූ නිසාය.

එම ඇමතුමත් සමඟ දුරකතනය විසන්ධි වී ගිය බැවින් ලොකු අම්මා තව තවත් කලබලයට පත් වූවාය. ඇගේ ‘ඇස’ නතර වුවෙ ඔරලෝසුව වෙතය.

එවිට වේලාව රාත්‍රි 12.45 ට පමණ විය. අයේෂා අට හැවිරිදි පුතු සමඟ ලොකු අම්මාගේ නිවෙසට ආවේ රාත්‍රී නවයහමාරට පමණය.

ඒ පැමිණ මොහොතක් කතා කරමින් සිට ඇය පිටව ගියේ නැවත මෙවන් වදනක් තමාට පැවසීමට යැයි නිකමටවත් සිතුනානම් ඇය සමඟ තමන්ද එම නිවෙසට යනවා නොවේදැයි සිතූ ලොකු අම්මා පුතා සහ ලේළිය සමඟ අයේෂාගේ නිවෙස බලා පිටත් වීමට පය ඉක්මන් කළාය.

අයේෂා පදිංචිව සිටියේ බොරැල්ල, සර්පන්ටයින් පාරේ ජාතික මහල් නිවාස සංකීර්ණයේ ‘ඒ’ කොටසේය. ලොකු අම්මා පදිංචිව සිටියේ ද ‘එම්‘ කොටසේ බැවින් නිවෙස් දෙක අතර දුර මීටර් 50 ක් පමණ වී තිබිණ.

ඔවුන් එහි යන විට නිවාස සංකීර්ණය පාමුල වැටී සිටියේ ‘අනුරාධය’. මේ පිරිස දුටු විට ඔහු නැගිටීමට උත්සාහ කර නැවත වැටුණේ සවිබල සිඳී ගිය නිසා විය යුතුය.

මෙයින් තවත් තැති ගත් ලොකු අම්මලා සිවුවන මහලේ තුන්වන නිවෙස වෙත දිව ගියේ තත්ත්වය බරපතළ බව වටහා ගෙනය. එහෙත් දොර අගුළු දමා තිබු නිසා ඔවුන්ට සිදු වූයේ දොර කැඩීමටය.

අයේෂා සිටියේ සාලයේ ලේ විලක් මැද වැටීය. 1990 සුව සැරිය ගිලන් රථය ආවේ ලොකු අම්මලාගේ දැනුම් දීමටය. අයේෂා මිය ගොස් සිටි බැවින් ඔවුන් කටයුතු කළේ ගෙල සහ අත්වල තුවාල සහිතව මිදුලේ වැටී සිටි අනුරාධව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටය.

බොරැල්ල පොලිසියේ ජංගම මුර සංචාරක රථය ගමන් කළේ එම අවස්ථාවේ සර්පන්ටයින් පාර ආසන්නයේය.

මෙම නිවාස සංකීර්ණය දෙසින් ඇසුණු කෑගැසීම පිළිබඳ සොයා බැලූ නිලධාරීන් මෙම ඝාතනය පිළිබඳ පොලිසියට දැනුම් දෙන අතර, පොලිස් හදිසි දුරකතන අංකයට ද ඇමතුම් ලැබී තිබිණ.

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ජනක විතානගේ මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළේ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි චානක අබේසිරිගුණවර්ධනගේ අධීක්ෂණයෙනි.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිරෝෂ් වික්‍රමරත්න, සැරයන් (72025) කුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන (49091) නිරෝෂන්, (70648) බුලත්සිංහල, (76770) බුද්ධික යන නිලධාරින් සිද්ධිය වූ නිවෙස වෙත යන්නේ ඉන් පසුවය.

මෙසේ ඝාතනය වී ඇත්තේ ඉඳිකැටිය හේවගේ අයේෂා කුමාරි නැමැති 32 හැවිරිදි තිදරු මවක බව අනාවරණය වන්නේ ඒ අනුවය. මේ කතාව සුලමුල හෙළි වන්නේ පොලිසිය ඒ ගැන සිදු කරන ලද විමර්ශනයේදීය.

පවුලේ වැඩිමලා වූ ‘අයේෂා’ හැදි වැඩුණේ ලොකු අම්මාගේ සෙවණේය. ඒ ඇගේ මව පියා මෙන්ම බාල සහෝදරයින් දෙදෙනාද පදිංචිව සිටින්නේ ඉතාලියේ වන බැවිනි. ඇය අනුරාධ සමඟ විවාහ වන්නේ මේ අතරය.

ඔවුන් අවුරුදු 10 දියණියක් අවුරුදු 08 ක පුතෙක් හා අවුරුදු 04 ක දියණියකගේ මව්පියන් වූ අතර ත්‍රිරෝද රථ රියදුරෙකු වන අනුරාධ ඔවුන්ට හොඳින් සැලකීමට කටයුතු කළේය. එහෙත් මේ කැදැල්ලට කණකොකා හඬන්නට වැඩි කාලයක් ගත නොවීය.

ඒ අනුරාධ හෙරොයින් මත්කුඩුවලට යොමු වීමත් සමඟිනි. ඔහු බන්ධනාගාරගත වෙන්නේ ඒ අනුවය. අයේෂා වෙනත් පිරිමියෙකු සමඟ ඇසුරක් ඇති බවට මිතුරෙකු විසින් ඔහුට ‘කේලමක්’ කියන්නේ ඔය අතරය.

ඔහු නිදහස්ව පැමිණ වසරක් පමණ ගත වී ඇති අතර, එදා සිට අයේෂාව සැක කිරීම ඔහුගේ පුරුද්දක්ව තිබිණි. ඇහැට කනට පෙනෙන හැඩකාරියක් වන අයේෂා යන එන ගමන් බිමන් මෙන්ම කරන කියන දේ පිළිබඳ නුහුරට සිතන අනුරාධ සුළු දේටත් ඇය සමඟ රණ්ඩු සරුවල් ඇති කර ගැනීමට කටයුතු කළේ සැකය මුල් කරගෙනය.

මේ නිසා ලොකු අම්මා නිතරම කටයුතු කළේ මෙම පවුල සමගි කිරීමටය. දරුවන්ගේ අනාගතය ගැන සිතා කටයුතු කරන ලෙස ඇය අයේෂාටත් අනුරාධටත් නිතරම අවවාද කළාය.

පසුගිය නත්තල් දිනයේද ලොකු අම්මා මෙම දරු පවුලට දිවා ආහාරයට ආරාධනා කොට ගුරුහරුකම් ලබා දීමට කටයුතු කළේ ඔවුන් හොඳින් සිටිනු දැකීමට ඇති උවමනාව නිසාය.

මේ සිද්ධිය වූ දින ද දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීම ඝාතනයක් දක්වා දුරදිග යාමට වැඩි වෙලාවක් ගත නොවුණේ ඔහුගේ සිතේ මුල් බැසගෙන තිබු සැකය ඔඩුදුවා ඇති නිසා විය යුතුය.

බිරිය ඝාතනය කළ අනුරාධ එම මහල් නිවාසයේ තෙවැනි මහලෙන් බිමට පැන්නේ ජීවිතය නැති කර ගැනීමට වුවත් තවමත් ඔහු ජීවතුන් අතරය.

ඒ පොලිස් අත්අඩංගුවේ ආරක්ෂාව මැදය. මේ ඝාතනයට යොදා ගත් පිහිය පොලිසිය විසින් සොයා ගත්තේ ඔහු වැටි සිටිය ස්ථානයේ තිබියදීය.

කොළඹ අලුත්කඩේ, අංක 03 මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී පැවැත්වීමට කටයුතු කළේ බොරැල්ල පොලිසියේ සැරයන් (14704) හේරත් සහ පොලිස් කොස්තාපල් (15449) ධර්මරත්න විසිනි. අයේෂාගේ ශරීරයේ පිට පැත්තේ මරණාසන්න තුවාල පහක්ද ඉදිරිපස පැත්තේ හතක් ද ඇති අතර, ශරීරයේ විවිධ ස්ථානවල තුවාල පහක්ද තිබෙන බව මෙහිදී අනාවරණය වී තිබේ. මෙයින් පෙනෙන්නේ ඔහු ඉවක් බවක් නොමැතිව ඇයට පිහියෙන් ඇන ඇති බවකි.

කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රාහුල් හක් විසින් ලබා දුන් අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙම මරණය සිදු වී ඇත්තේ පපුවට සහ උදරය ප්‍රදේශයට සිදු වූ බහුවිධ ඇනීම් හේතුවෙන් අභ්‍යන්තර ලේ ගැලීම් නිසා හටගත් කම්පනය හේතුවෙන් බවය.

මෙන්න බලන්න තවත් පුවත්