සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඉතින් මේ දිනවල හිරු නාලිකාව ඔස්සේ විකාශනය වන ‘ලංවී’ ටෙලි නාට්‍යයේ අපූර්වාගේ චරිතය හරහා ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා. කොහොම නමුත් ඇය හදිසියේම රට අත්හැර යන්නට තීරණය කර ඇති බව ඇය පවසනවා. ඉතින් ඒක හදිසි තීරණයක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. මොකද ඒක ඇය ගොඩක් කල් ඉඳලා ගත්ත තීරණයක්. ඒ වගේම ඇයගේ වැඩි දුර අධ්‍යාපනයට තමයිලු ඇය ලංකාවෙන් යන්නේ.

ඉතින් ඒ වගේම මේ දිනවල ඇයට ලැබෙන ජනප්‍රියත්වයට පයින් ගහල යන එක අපරාධයක් පසුතැවීමක් වෙන එකක් නැහැ කියලත් ඇය කියනවා. නමුත් ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ආදරය අහිමිවෙයි කියලයි ඇය කියන්නේ. ඒ වුණාට ඒ නිසා ඇයට ඇයගේ ජීවිතයේ ඇයට යන්න ඕන තැනට නොගිහින් ඉන්න බැහැ කියලත් ඇය කියනවා. මොකද පොඩිකාලේ ඉඳලා ඇයට තිබුණු හීනේට යන්න ඕනෑ කියලයි ඇය කියන්නේ. ඉතින් එතනට ගියාට පස්සෙ ආපහු එන්න පුළුවන් වුණොත් එනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය මේ ගෙවපු ජීවිතේ ගැන ආපස්සට හැරිලා බැලුවම ඇයට ගොඩක් සතුටුයිලු. ඒ ඉතින් ඇය මේ ක්ෂේත්‍රයට ආවේ එකපාරටම දෙවියෝ දුන්න දෙයක් වගේ නිසා. ඒත් එක්කම අවුරුදු 11ක් වගේ පොඩි කාලයක් ඇතුළත ලංකාවෙන් භාගෙකට භාගයක් වගේ දන්න තැනකට මෙච්චර පොඩි වයසකදී එන්න ලැබීම ගැන ඇයට හරිම සතුටුයි කියලත් ඇය කියනවා. ඇයට දැන් වයස අවුරුදු 19යි. ඉතින් ඒ වගේ වයසකදී මේ වගේ තැනකට එන්න පුළුවන්වීම ගැන නිහතමානී සතුටක් දැනෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය ලංකාව දාලා යන එක හැමෝටම කියලා යන්න හේතුව, අද ඇය මේ තැන ඉන්නේ ඇයට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා. ඉතින් එයාලා නිසා මෙතැනට ඇවිල්ලා එයාලට නොකියා යනවා කියන්නේ ඇය එයාලට කරන වැරැද්දක් කියලා ඇයට හිතුණාලු. ඉතින් ඒ නිසා ඇය ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියලා යන්න තීරණය කළා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

පැරණි පුවත්

මාව ආදරෙන් බලාගන්න කෙනෙක් මගේ පෙම්වතා වෙනවනම් මම කැමතියි- සුරූපී නිලි නවිදි ගෙන් පෙම්වතෙක්ට ඇරයුම්

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ වගේම දිව්‍යාදරී කියන ටෙලි නිර්මාණ දෙක හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නවිදි රැපියෙල් කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට තවම වයස අවුරුදු 19යි කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ වෙද්දි ඇය රංගන ශිල්පිනියක් වගේම ව්‍යාපාර කළමනාකාරණය පිළිබඳ උපාධිය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට කටයුතු කරනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ තාත්තා සංගීතඥයෙක්. ඒ වගේම ඇයගේ මල්ලිත් ඇයට කලින් ඉඳලම රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. ඒ නිසාම ඇයටත් ඉස්සර ඉදන්ම අදහසක් තිබුණාලු කලාවට සම්බන්ධ වෙන්න ඕන කියලා.

ඉතින් ඇය මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට. ඊට පස්සේ තමයි ප්‍රදීප් ධර්මදාස මහතා ඇයට දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ තුශීගේ චරිතය රඟපාන්න ආරාධනා කරළා තියෙන්නේ. ඉතින් ඒ අතරතුර සද්දාමංගල සූරියබණ්ඩාර මහතාගෙනුත් ඇයට ආරාධනාවක් ලැබිලා තියෙනවා පාරදිගේ ටෙලි නාට්‍යයේ රංගනයට දායකවෙන්නෙ කියලා.

කොහොම නමුත් ඇය රංගනයෙන් දායක වෙන දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ තුශී වගේ ඇය ඇත්තටම නපුරු කෙනෙක් නෙවෙයි කියලයි නවිදි නම් කියන්නේ. මොකද සාමාන්‍යය ජීවිතයේදි ඇය පාඩුවෙ ඉන්න කෙනෙක් නිසා. ඒ වගේම දැන් ඇයට දිව්‍යාදරී ටෙලි නාට්‍යයෙ තුශීගේ චරිතයට වගේම පාරදිගේ ටෙලි නාට්‍යයේ දිල්කිගෙ චරිතයටත් මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ආදරය කියන්නෙ හරිම ලස්සන දෙයක් නිසා ආදරය නැතිව අපි කාටවත් ජීවත්වෙන්න බැහැ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් මේ වෙද්දි නම් ඇය පෙම්වතියක් නෙවෙයිලු. නමුත් ඇය තාම ඇයගේ දෙමව්පියන්ගෙන් විතරක් ආදරය ලබන කෙනෙක් කියලත් නවිදි කියනවා. ඉතින් ඇයව හොඳින් බලාගන්න, ඇයගේ වැඩකටයුතුවලට සහයෝගය දෙන කෙනෙක් ඇයගේ පෙම්වතා වෙනවා නම් ඇය ගොඩක් කැමැතියි කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇඳගෙන ඉන්න අමාරු නැති පහසු ඇඳුම් අඳින්න තමයිලු ඇය වැඩිපුර අඳින්න කැමැති. ඉතින් හොඳටම දන්න යාළුවො හම්බෙන්න යන වෙලාවක නම් ෂර්ට්, කොට කලිසම් තමයිලු ඇය වැඩිපුර අඳින්නෙ. ඒ වගේම දිග ඇඳුම්ද කොට ඇඳුම්ද කියලා නැහැ, ඇයව ලස්සනට පේන සුවපහසු ඇඳුමක් නම් ඒක අඳිනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්