
නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබොඩ ප්රකාශ කළේ අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවයි.
පෙරේදා ( 20) දින කොළඹ ප්රධාන පාසලක පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්රීරෝද රථයක ගැටීමෙන් මාරක රිය අනතුරක් සිදුවිය. ඉන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර සිසුන් 41 දෙනෙකු ඇතුළුව 53 දෙනෙකු එම අනතුරින් තුවාල ලබා තිබේ. ඔවුහු මේ වන විට නුවරඑළිය රෝහලේ ප්රතිකාර ලබන බව වැඩිදුරටත් සඳහන් වේ.