දෙරණ නාලිකාව ඔස්සේ වසර ගණනාවක් තිස්සේ එක දිගට විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දඟකාර, කටකාර, හැඩකාර තරුණිය තමයි නෙත්මි රොෂෙල් කියලා කියන්නේ. ඉතින් 2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳීම තමයි ඇයගේ කලා ජීවිතය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ සක්කාරම්, හිරු ඇවිදින්, රාවණා වගේ ටෙලි නාට්‍යවලටත් ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒත් එක්කම මේ වෙද්දි ඇය රංගන කටයුතුවල වගේම නිවේදන කටයුතුවලත් සම්බන්ධ වෙලා ඉන්නවා.

ඉතින් රංගන ශිල්පිනියක් ලෙස කලා ගමන ආරම්භ කල රොෂෙල් පසුව නර්තනය, නිවේදනය, නිරූපණය කලාව සමග අපූරුවට මුසු කළ ඇය දැන් දෙරණ ලිට්ල් ටයිටෑන් වැඩසටහන ඉදිරිපත් කිරමින් නිවේදන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒ වගේම මේ දවස්වල රොෂෙල්ගේ කුලුඳුල් සිනමා රංගනය ඇතුලත් ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටය තිරගත වෙමින් පවතිනවා. ඉතින් ආදරණීය ප්‍රාර්ථනාහි පාරමී චරිතය නිසාම දැන් දැන් ඇතැම් ප්‍රේක්ෂකයින් රොෂෙල්ට පාරමී කියලා කතා කරනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම දෙවෙනි ඉනිම කියලා කියන්නේ ඇයගේ රංගන ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක්. ඉතින් අනුහස් ආක්ෂා ආදර කතාවට වගේම ආක්ෂාගේ ආදරයට, නපුරුකමට, කතාවට, පුංචි පුංචි හිතුවක්කාරකම්වලට බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. කොහොම නමුත් තව මාසෙකින් දෙකකින් විතර දෙවෙනි ඉනිම අවසන් වෙනවා කියලයි රොෂෙල් කියන්නේ. ඉතින් කතාවට වගේම ඇයගේ චරිතයටත් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරේ ඇයට වචනවලින් කියන්න බැරි තරම් වටිනවා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් දෙවෙනි ඉනිම කතාව ඉවර වෙන එක ගැන වගේම ආක්ෂාගේ චරිතයට සමු දෙන්න වෙන එක ගැන ඇයට හිතේ ලොකු දුකකුත් තියෙනවා කියලයි ඇය කියන්නේ. මොකද ප්‍රේක්ෂකයන් වගේම දෙවෙනි ඉනිමේ අයත් ඒ කතාවට ආදරෙ කරන නිසා. ඉතින් මෙතරම් කාලයක් දෙවෙනි ඉනිම එක්ක වගේම ආක්ෂා එක්ක හිටපු හැමෝටම තවත් ටික කාලයක් අපිත් එක්කම කතාවේ අවසානය දක්වාම රැඳිලා ඉන්න කියලයි ඇය කියන්නේ.

ඒ වගේම රොෂෙල් කියන විදියට ඇය තවමත් ආදරවන්තියක් නම් නෙවෙයි. ඇය මේ වන විටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් ඉන්න නිසා මේ දවස්වල අධ්‍යාපන කටයුතු සහ කලා කටයුතු සමබරව කර ගන්න මූලිකත්වය දීලා ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

පැරණි පුවත්

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම ඔබ දකින නෙත්මි සත්සරණි තරුණ පිරිස් බොහෝ දෙනෙකු ආදරය කරන චරිතයක් බවට වර්තමානයේ පත්ව සිටියි. ක්ෂේත්‍රය තුළ ‘නෙතු’ නමින් කතබහට ලක්වන ඇය රංගන ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නටද බලාපෙරොත්තුවෙන් සිටියි. මේ දිග හැරෙන්නේ සාරවිට අපි ඇය සමග කළ කතාබහයි..

නෙත්මි කියන්නේ කවුද?

මම නිරූපිකාවක්. ඒ වගේම රංගන ශිල්පිණියක් විදිහටත් දැන් කටයුතු කරනවා.

කලා ක්ෂේත්‍රයට ඔබගේ පිවිසීම කොහොමද?

මම නිරූපණය පිළිබඳව අධ්‍යාපනය ලැබුවෙ catwalk model academy එකේ. Model කෙනෙක් විදියට තමයි මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ. ඊට පස්සේ රංගනයට සම්බන්ධ වෙනවා. මම දායක වුණ පළමු ටෙලි නිර්මාණය තමයි හිරු රූපවාහිනි නාළිකාවේ විකශය වුණ අඳුරු සෙවණැලි. එතැනින් තමයි රංගනයට මුලින්ම අත්පොත් තැබුවේ.

දැනට ඔබ දායක වුණ නිර්මාණ?

අඳුරු සෙවණැලි වලින් පස්සේ මම හිරු එකේම විකාශය වුණ අකුරු මැකි නැහැ, හිරු ටෙලි ෆිල්ම්ස්, දිවිතුරා, සකර්ම, සිහින ගෙනෙන කුමාරියේ වැනි ටෙලි නාට්‍ය වල රඟපෑවා. තවත් ටෙලි නාට්‍ය කිහිපයක් ඉදිරියට විකාශය වෙන්න තියනවා. මේ දිනවල අලුත් නිර්මාණ කීපයකටත් මම තව සම්බන්ධ වෙලා ඉන්නවා.

මේ ක්ෂේත්‍ර ගැන මොකද හිතෙන්නේ?

මේ ක්ෂේත්‍රයේ තමන්ගෙ උත්සාහය කැපවීම තියෙයි නම් ගොඩක් දුර ගමනක් යන්න පුළුවන්. ඉගෙන ගන්න අලුත් දේ ගොඩක් තියනවා. ඉතින් ඒ දේවල් ඉගෙන ගෙන තමන්ගෙ මහන්සියෙන් ගමනක් යන්න පුළුවන් නම් තමයි ගොඩක්ම වටින්නේ.

මේ ක්ෂේත්‍ර ගැන විවිධ කතා තියෙනවනේ. ක්ෂේත්‍රයට සම්බන්ධ වෙද්දි ඒ ගැන යම් අදහසක් ඔබට තිබුණද?

ඇත්තටම බයක් දැනුණේ නෑ මට නම්. තමන් හරි විදියට තමන්ගේ ගමන යනවා නම් බය වෙන්න දෙයක් නැහැ. මිනිස්සු විවිධ කතා කියනවා කතා හදනවා ඒක මේ ක්ෂේත්‍රයට පොදු දෙයක්නේ. හරි වැරදි දේ අපිම තෝරාගෙන අපේ ගමන නිවැරදිව යන්න ඕනා කියලායි මම නම් හිතන්නේ.

දිගටම මේ ක්ෂේත්‍ර තුළ රැදෙන්නද අදහස ඔබේ?

මම උසස් අධ්‍යාපනය හැදෑරැවෙ Aquinas university college එකේ කෘෂිකර්ම පීඨයේ. මේ ක්ෂේත්‍රය වෘත්තියක් විදියටම නෙමෙයි මම කරගෙන යන්නේ. මම මේ ක්ෂේත්‍රයට ගොඩක් අසයි ඒ වගේම ආදරේයි. ඒ නිසාම මේ ක්ෂේත්‍රයේ දිගටම රැදිලා ඉන්නවා.

නිර්මාණ භාරගනිද්දි ඔබ යම් සිමාවන් පනවා ගෙන ඉන්නවද?

ඔව් යම් සීමාවන් පනවාගෙන ඉන්නවා. මම මගේ ඇගට ගැළපෙන ඇදුම් අදිනවා. කොට ඇදුම් අඳිනවා දිග ඇදුම් අදිනවා මට ගැළපෙන විදියට. ඒ වගේම මට ගැළපෙන නිර්මාණ පමණක් මම තෝරාගෙන භාර ගන්නවා.

උදව් කරපු අය?

මගේ පවුලේ අයව මුලින්ම මතක් කරන්න ඕනා. ඊට පස්සේ ඉඳුනිල් අයියා, සුරේෂ් ද අල්විස්, කසුන් තාරින්ද, ප්‍රියන්ත ප්‍රනාන්ඳු. මේ අධ්‍යක්ෂවරු හැමෝටම මේ වෙලාවේ ස්තුති කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්