කලා ලෝකය තුළ සමහර රංගන ශිල්පීන්ටත් ශිල්පිනියන්ට වඩා ක්ෂේත්රය තුළ නිරූපිකාවක් විදියට ප්‍රසිද්ධ වෙච්ච මේ සුන්දර චරිතය තමයි පියුමි හංසමාලි. ඇය රංගන ශිල්පිනියක් උනේ නැතත් සමාජ මාධ්‍ය පුරාවටම ඇය අති දක්ෂ නිරූපිකාවක් විදිහට ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි ලංකාවේ වැඩිම instagram අනුගාමිකයන් පිරිසක් හිටියෙත් ඇයට.

ඇය ගැන කතා කරද්දි කියන්න තියෙන දේ මූණටම කියන චරිතයක් තමයි පියුමි කියන්නේ. එනිසාම ගොඩක් අය ඇයට දෝෂාරෝපණ එල්ල කරනවා පියුමි කතා කරන්න දන්නේ නැහැ. අඳින්න දන්නෙ නැහැ කියන දේවල් තමයි නිතරම ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වෙන චෝදනා. නමුත් ඒ කිසිම දෙයක් ගානකට ගන්නේ නැතුව ඇගේ විදිහට ජීවිතය ගත කරන්නත් පියුමි අමතක කරන්නේ නැහැ.

ආදරණීය පුතත් එක්ක බොහෝ කාලයක් තනිකඩව ජීවත් වෙච්චි ඇය කලකට ඉහතදී ආදරවන්තයෙක්ටආදරය කළා. නමුත් ඔහුගේ දෙමව්පියන් අකමැති වුණ නිසා මේ දෙන්නා මේ සම්බන්ධය නවත්වනවා.ඊට පස්සේ අවුරුදු ගාණක් ඇය ඉන්නවා ආයෙ කවදාවත් ආදරය කරන්නේ නැහැ කියන තැන ඉඳගෙන. නමුත් ඊට පස්සේ ඇගේ හිත වෙනස් කරපු ආදරණීය පෙම්වතෙක් පියුමිගෙ ජීවිතයට හම්බවුණා.ඔහු තමයි ප්‍රගීත් තනුෂ්ක.

ඉතින් මේ නිහතමානී සුන්දර පුද්ගලයත් එක්ක හරි අපූරුවට ජීවිතය විඳිමින් ඇය ජීවිතය ගත කරනවා. අපි හිතුවා ඒ නිසාම ප්‍රගීත් පියුම් පිළිබඳව පුවත්පතකට ඉදිරිපත් කරපු අදහස් කිහිපයක් ඔබත් එක්ක හුවමාරු කරගන්න. ගොඩක් අය දන්නවා ඔහු පියුමිගෙ පස්සෙන් අවුරුදු එකහමාරක් විතර ගිහින් තියෙනවා කියන එක. ඒක හරිම කට්ටක්. මොකද කැමති වෙයිද අකමැති වෙයිද කියලා කියලා හිතන්නවත් බැරි තැනක තමයි ඔහු ඉඳලා තියෙන්නෙ. පියුමිගේ පස්සෙන් ආදරෙයි ඉල්ලගෙන ආපු ප්‍රගීත් ඒ ගැන කිව්වෙ මේ වගේ කිව්වේ මේ වගේ කතාවක්.

“බොහොම අමාරුවෙන් තමයි ආදරේ ඉල්ල ගත්තෙ එයා ආයෙ ආදරය කරන්නැහැ කියන තැන හිටියේ. කොච්චර ආදරේ තිබ්බත් එයාට මදි පොඩි දේටත් හිත උනුවෙන සංවේදී කෙනෙක්. ඒ නිසාමයි මම එයාගේ ගතිගුණ වලට ආදරේ. මට සමාජය කතා අදාල නෑ හේතුව එයාව මම හොඳින් දන්න නිසා. ඒ වගේම මමත් එයාගේ පුතාට ආදරේ කිසිම වෙනසක් මම එයාට කරන්නේ නැහැ. ඒක පියුමිත් දන්නවා පුතත් පියුමිගෙ අම්මත් මට ආදරෙයි. ගැහැණු ළමයි දිහා බලන්න නම් මට තහනම්.ඒත් ඉන්ස්ටගෑම් එකේ මට එන මැසේජ් බලන්නෙත් එයා.”

ඉතින් මේ විදිහට තමයි ප්‍රගීත් එක්ක පියුමි ජීවත් වෙන්නේ. ඒ වගේම ඔහු අවසානයේ සඳහන් කළා එයා කැමති දවසක විවාහ වෙන්න ඔහු සූදානම් කියන දේ. ඒ නිසා තවත් බොහෝ කාලයක් මේ විදිහට දෙන්නව තේරුම් අරගෙන ජීවිතය විඳින්නට ඔවුන්ට හැකියාව වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

පැරණි පුවත්

එක එක්කෙනාගේ හිත්වලට වෙන වෙන හැඟීම් දැනෙන්න යම් යම් දේවල් මගේ අතින් වුණා. ඒ දේවල්වලට සමාවෙන්න-උපේක්ෂා ස්වර්ණමාලි කළ පාපොච්චාරණය

උපේක්ෂා… ජීවිතේ කොහොමද?

ජීවිතේ ටිකක් මේ දවස්වල කාර්යබහුලත්වය වැඩි වේගෙන එනවා කියලා හිතෙනවා. දැන් දුවත් පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. එයා ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබනවා. පසුගිය කාලේදී කොවිඩ් ඇතුළු විවිධ හේතුන් නිසා නිර්මාණවලට දායක වුණෙත් නැහැ. පිටපත් කිහිපයක්ම ගෙදර තිබුණත් ඒ නිර්මාණ පටන් ගත්තේ නැහැ. හැබැයි අද වෙද්දී ටෙලිනාට්‍ය තුනක රූගත කිරීම් වෙනවා.

ඒ වගේම නත්තල සහ අලුත් අවුරුද්දත් ළඟයි. ඒ නිසා වැඩසටහන් කිහිපයකටම නර්තනයෙන් දායක වෙනවා. මේ දවස්වල ඒවායේත් පුහුණුවීම් කටයුතු කරනවා.

මේ හැම වැඩකටයුත්තක්ම එක්ක දියණිය වෙනුවෙන් ලබාදෙන කාලය වෙන්කර ගන්නේ කොහොමද?

ඇත්තටම ඒක ලෙහෙසි නැහැ. දුව ඉන්නෙත් මාත් එක්කමයි. උදව්වට දුවගේ තාත්තාගේ ගෙදරත් දුවව තියන වෙලාවල් තිබෙනවා. ඉස්කෝලේ වෙලාවල්වල හැර මම රූගත කරන තැන්වල දුවව තියාගෙන ඉන්නවා. අනිත් දවස්වල දුවත් එක්කම කාලය ගතකරන්නයි මම වෙන්කරගෙන ඉන්නේ. “මට පොඩි නිවාඩුවක් ඕනේ” කියලා මම එයා නැතිව විවේකයක් ගන්නේ නම් නැහැ. මගේ ජීවිතේ මොන නොලැබීම් තිබුණත් මගේ දුව හරිම ඉවසිලිමත් හරිම හොඳ දරුවෙක්. රූගත කිරීම් තැන්වලදී අමතර සද්ද කරන්න බැහැ. දඟලන්න බැහැ. හැබැයි දුව ඒකට හරිම අනුගතයි. දුවට මාස හයේ ඉඳන් මම එයාව රූගත කිරීම් කරන තැන්වලට අරන් ගිහින් තියෙනවා. දුව තේරෙන කාලේ ඉඳන් රූගත කිරීම් කරන තැන්වලදී සිදුවෙන දේවල් බලන්න ආසයි. අධ්‍යක්ෂණය කරන විදිහ, කැමරා කරන විදිහ දිහා එයා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒ තැන්වලට යන්න දුව අකමැති වෙන්නේ නැහැ. එයා හැමෝ එක්ක හරි එකතුයි. හරිම උනන්දුවෙන් ඒ දේවල් දිහා බලාගෙන ඉන්නවා.

එදා දේශපාලනයට සම්බන්ධ වීම ගැන අද උපේක්ෂාට කලකිරීමක්, දුකක් තිබෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම… පක්ෂ දේශපාලනයට සම්බන්ධ වීම තුළින් මට ආදරය කරපු රසික රසිකාවියන් බෙදිලා ගියා. දේශපාලනය නිසා මට වෛර කරපු අය හිටියා. ඒක මම මට කරගත්තු ලොකු හානියක්. හැබැයි මාව හරියට තේරුම් ගත්තු ලොකු පිරිසක් හිටියා. කාටවත් හැමෝගෙම හිත් සනසන්න බැහැනේ.

පුංචි කාලේ උපේක්ෂා ආසාවෙන් හිටියේ නිළියක් වෙන්නද?

නැහැ. මම එහෙම ලොකු අරමුණක් එක්ක ජීවත්වුණ ළමයෙක් නෙමෙයි. කලාව කියන දේට මම හරි ආසයි. මම ඉපදෙද්දී කුවේට්වල මගේ අම්මාට වාදක මඩුල්ලක් තිබුණ. පුංචි කාලේ ඉඳන් මම දැක්කේ ඒවායි. මටත් වඩා මගේ අම්මා කලාවට හරි ආසයි. මට අවුරුදු තුනේදී ඉඳන් මගේ අම්මා මාව නර්තන පන්තිවලට යොමු කළා. ඒ ආසාව පාසැලේදීත් තිබුණා. කලාවට මගේ හරි උනන්දුවක් තිබුණා. කලාවත් එක්ක තිබුණ ඒ බැඳීම මිසක් වෙන අරමුණක් තිබුණේ නැහැ.

උපේක්ෂාගේ ජීවිතේ හිමිවීම් වගේම අහිමිවීම්, කඩාවැටීම් තිබුණා. මේ දේවල් දරා ගත්තේ කොහොමද?

ජීවිතේ මොන දේ නැතිවුණත් අපිට ඉතිරිවෙන යම් දෙයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. මගේ ජීවිතේත්, කඩාවැටීම් තිබුණා. කලකිරීම් තිබුණා. ඒ මොන දේ තිබුණත් මට ඔළුව උස්සන්න හේතුවක් අනිවාර්යයෙන්ම තිබුණා. අපි ඒ හේතුන් දිහා වැඩිය බලන්නේ නැහැ. ඒවාට නැඹුරු වෙන්නේ නැහැ. ඒවාට වටිනාකමක් නොදී නැති දේ ගැනම දුක් වෙනවා. මම හැමවෙලේම උත්සාහ කළේ ඒ තියෙන දේ රුකගන්නයි. ඒවා හඳුනාගන්නයි. මගේ ගෙදර නරක අත්දැකීමක් ආයෙ මතක් කරන පින්තූරයක් වුණත් මම තියාගන්නේ නැහැ. මම කිතුණු භක්තිකයෙක්. තමන්ගේ මොන විශ්වාසය තිබ්බත් ඒ පැත්තටත් අපි නැඹුරු වෙන්න ඕනේ. අපි කරන පව්, පින් කවදාහරි අපිට පල දෙනවා.

විවේක වෙලාවලදී උපේක්ෂා…. දියණිය සමඟ මොනවද කරන්නේ?

ඒ වෙලාවට දෝණි කැමැති දේට මම ඉඩදීලා ඉන්නවා. වෙලාවකට අපි දෙන්නා එකතුවෙලා චිත්‍ර අඳිනවා. සෙල්ලම් කරනවා. දෝණි පොඩි පොඩි දේවල් අත්හදා බලන්න ආසයි. ඒ නිසා එයා කැමැති දේවල් එයා එක්ක එකතුවෙලා කරනවා.

තාමත් ඔබට ආදරය කරන පිරිසක් උපේක්ෂාට ඉන්නවා?

ඔව්. අනිවාර්යයෙන්ම. මට ඒක දැනෙනවා. ඒ ආදරය මට දැනෙන තැන් තියෙනවා. ඒ ළෙංගතුකමක් තියෙන හැමෝටම ගොඩක් ස්තූතියි. කලාකාරියක් විදිහට වෙන ක්ෂේත්‍රවලට ගිහින් එක එක්කෙනාගේ හිත්වලට වෙන වෙන හැඟීම් දැනෙන්න යම් යම් දේවල් මගේ අතින් වුණා. ඒ දේවල්වලට සමාවෙන්න කියලත් මම ආදරණීය මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙන්න බලන්න තවත් පුවත්