ගායන ශිල්පිනියක් වෙන්න හීන දැක්කත් අහම්බෙන් රංගන ශිල්පිනියක් වෙන්න දොරගුළු විවර වුනු දක්ෂ සුරූපී ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මියැසි සන්දීපනී කියලා කියන්නේ. ඉතින් ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන මල් පිපෙන කාලේ සහ ගඟන පියවර කියන ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

ඉතින් ඒ වගේම ඇයට කවදාවත් රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් තිබ්බෙම නැහැ කියලයි ඇය කියන්නේ. හැබැයි ඇයට පොඩි කාලේ ඉදන් සිංදු කියන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ අම්මත් හිතන් ඉදලා තියෙන්නේ ඇය ගායිකාවක් වෙයි කියලා. කොහොම හරි ඒ බලාපොරොත්තුව වෙනුවට රංගන ශිල්පිනියක් වෙන්න තමයි ඇයට අවස්ථාව ලැබුණේ. ඒ වගේම දැන් අවුරුදු හතක් විතර වෙනවා ඇය කළා ක්ෂේත්‍රයට එකතු වෙලා.

ඉතින් ඒ වගේම ඇය ගායිකාවක් වීමේ බලාපොරොත්තුව වෙනුවෙන් කිහිප සැරයක්ම උත්සාහ කරළා තියෙනවා ඇයගේම ගීතයක් කරන්න. ඒත් රටේ තිබ්බ ප්‍රශ්න එක්ක ඒ අදහස මගහැරුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට ඉදිරියෙදී නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවාලු. හැබැයි ඒ ගායිකාවක් වෙන්නම අදහසින් නෙමෙයි. ඇයගේ ආසාවට තමයිලු ගීතයක් කරන්න හිතාගෙන ඉන්නේ.

ඒ වගේම ඇය දැනට ටෙලි නාට්‍ය දහයකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඇයගේ ගමනේ ලොකු හදිසියක් නෑ කියලයි ඇය කියන්නේ. ඒ ඇගේම ලොකු ලොකු ටාගට් නැති නිසා ලැබෙන දේවල් ගැන ඇය ගොඩක් තෘප්තිමත්ලු. හැබැයි ඇය කැමැතියිලු කවදාහරි ඇයගේ රංගනය වෙනුවෙන් සම්මානයක් ලබන්න. අඩුම තරමේ සම්මානයකට නිර්දේශ වෙන්න හරි. කොහොම නමුත් ලොකු ලොකු අරමුණු තියාගෙන වැඩ කරන්න කැමැති නැහැ කියලත් ඇය කියනවා. මොකද ඒ දේවල් ඉෂ්ට නොවුණොත් දුක නිසා.

ඒ වගේම ඇයගේ පෙම්වතා තමයි චතුරංග කොඩිතුවක්කු. ඉතින් මේ දෙන්නා එකට වැඩ කරපු නිර්මාණයකින් තමයි මුණගැහිලා ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නේ. කොහොම නමුත් විවාහය නම් දැන්ම වෙන්නේ නැහැ කියලයි ඇය නම් කියන්නේ. මොකද ඒ වෙන දෙයක් නිසා නෙමෙයි චතුරංග සහ ඇය ස්ථාවර වෙලා ඉන්න ඕනේලු හැමදේටම කලින්. ඉතින් ඊට පස්සේ තමයි ඔවුන් විවාහය ගැන හිතන්නේ.

ඒ වගේම රංගන ක්ෂේත්‍රයේම ඉන්න කෙනෙක් නිසා ඔහුට ඇය ගැන හොඳ තේරුම් ගැනීමක් තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඔහු ඇයට ඉදිරියට යන්න සෑහෙන උදවු කරනවා. ඒ නිසාම ඔහු ඇයටවත් ඇය ඔහුටවත් සීමා දාගෙන ජීවත් වෙන්නෙ නෑ කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

පැරණි පුවත්

අපි අදටත් ඉන්නේ අද ඊයෙ බැන්දා වගේමයි. මල් යහනාවක් මතින් අපි මේ ගමන ආවේ නැහැ

අද වන විට ලංකාවෙහි ප්‍රේක්ෂකයන් තුළ නොමඳ ආදරයක් දිනාගත් කලා පවුලක් ලෙස සතරසිංහ පවුල හැඳින්විය හැකිය. එම ආදරණීය කැදැල්ලෙහි ආදරණීය බිරිය එනම් ජෙනී සතරසිංහ කාගෙත් පැසසුමට ලක්වන්නේ ඇය සතු නිහතමානීකම සහ ආදරණීය කතා බහ නිසාමය. මේ දිනවල ඇය සංගීත් සතරසිංහ සමඟ එකතු වී කරන Sangeeth Vlogs Youtube නාළිකාවට ඉහළ ප්‍රතිචාර ලැබෙන අතර ඒ පිළිබඳව මෙන්ම ඇගේ නවතම තොරතුරු ඇය හදගැස්මට පැවැසුවේ මේ ආකාරයෙන්.

කොහොමද මේ දිනවල වැඩකටයුතු?

මම විශ්‍රාම සුවයෙන් තමයි දැන් කල්ගත කරන්නේ. ගුරුවරියක් විධියට සේවයේ යෙදිලා දැන් විශ්‍රාම අරගෙන මගේ පුතා සංගීත් සතරසිංහගේ වැඩකටයුතුවලට උදවු වෙනවා. ඒ ගමන් නිවෙසහි වැඩකටයුතුත් කරගෙන සුරංගටත් සහයෝගය ලබා දෙනවා. එහෙම තමයි ජීවිතය ගෙවෙන්නේ.

ඔබ දැන් පෙර පරිදි රංගනයේ නියැළෙන්නේ නැහැ. එයට විශේෂ හේතුවක් තිබෙනවද?

ඇත්තටම මට කලින් ඉඳන්ම රංගනයේ යෙදෙන්නට ලොකු අසාවක් තිබුණෙ නැහැ. මගෙ වෘත්තිය සමඟ වෙලාවක් තිබුණෙත් නැහැ. ඒ වගේම මට නිවාඩු තිබුණු දවස්වලට මගේ මහත්තයගෙ වැඩසටහන්වලට පමණයි සහභාගි වුණෙත්. නිවාඩු දිනවලදි නාටක මාරයි වැඩසටහනෙහි කොටස් සියයකට පමණ සහභාගි වුණා. මම ඉගැන්වූයේ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට. ඉතින් ඔවුන් සමඟ වැඩකටයුතු කරනකොට නිවාඩු ලබා ගන්නට අපහසුයි. මට අවශ්‍ය වුණේ මගේ රැකියාව පැත්තෙන් උපරිම දෙයක් කරන්න පමණයි. මගේ රැකියාවට මම ගොඩක් ආදරෙයි.

මවක් ලෙස සංගීත්ට සමාජයෙන් ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන ඔබට මොකද සිතෙන්නේ?

අපි කිසිම දවසක සංගීත්ට මේක කරන්න කියලා බලපෑම් කළේ නැහැ. මට ගුරුවරියක් විධියට දරුවන් විනිවිද දකින්න පුළුවන්. සෑම දරුවකුටම කුමක් හෝ හැකියාවක් තිබෙනවා. දරුවා සතු එම හැකියාව එළියට ගැනීමට ගුරුවරයා දක්ෂ විය යුතුයි. ඒ වගේම අපේ දරුවා සතුව තිබුණේ කලාව. එයා උසස් පෙළ හැදෑරුවේ විද්‍යා අංශයෙන්. නමුත් ඔහු සතුව තිබුණේ කලාව නිසා ඔහු කලාවට යොමු වුණා. සංගීත් පෙර පාසල් යන කාලයේ චිත්‍ර ඇඳලා චිත්‍රයේ තිබෙන දේවල් කතාවක් විධියට අනිත් අයට කියනවා. ඒ වගේ පෙර පාසල් කාලයේ සිටම කලාව ඔහු තුළ තිබුණා. පවුලේ එකම දරුවා විධියට මුළු රටකම ආදරය හිමි වෙනවා පේනකොට අම්මෙක් විධියට මම නිහතමානීව සතුටු වෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්