පාසලක ඉගෙනුම ලබන සිසුවියක් නිවසේ නාන කාමරය තුළ දී දරුවකු ප්‍රසූත කළ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වේ. තිස්සමහාරාම ප්‍රදේශයේ එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක් මෙලෙස දරුවකු ප්‍රසූත කර ඇති බවත් නිවසේ නාන කාමරයෙන් බිළිඳකු හ ඬන ශබ්දයක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර බැලීමේ දී එහි සිටි දියණිය දරුවෙකු ප්‍රසූතකර ඇති බව දැක තිබෙන බවත් සදහන් වේ.

දියණිය විසින්ම පෙකණිවැල කපා ගැනීම නිසා රුධිර වහනය වෙමින් තිබෙන අයුරු දුටු මව වහා ක්‍රියාත්මක වී දැරිය සිය බිළිඳා ද සමග රෝහල් ගත කර ඇති අතර දියණිය දරුවකු ප්‍රසූත කිරීමට සිටින බවක් තමන් නොදැන සිටියේ යැයි එම සිසුවියගේ මව පවසන බව තිස්සමහාරාම පොලිසියේ නිලධාරියෙක් මාධ්‍යට පවසා තිබේ.

කෙසේවෙතත් සිසුවිය දෙබරවැව රෝහල වෙත යොමුකර ඇති අතර, රෝහල විසින් මේ සම්බන්ධයෙන් තිස්සමහාර පොලිසිය දැනුවත් කිරීමට ඊයේ 19 කටයුතු කර තිබෙන අතර සිසුවිය අසල්වැසි නිවෙසක පදිංචි යු ද හමුදාවේ විවාහක සෙබළකු සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු ඔස්සේ පොලිසිය විමර්ශන පවත්වයි. දියණිය සහ ඇය බි හිකළ බිලිඳා බාර ගැනීමට ඇයගේ මවුපියන් අකැමැත්ත ප්‍රකාශ කර ඇති බව පොලිසිය පවසයි.

සිසුවිය ගැබිනියක් කළ පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට තිස්සමහාරාම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති. තිස්සමහාරාම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

උපුටා ගැනීම – ලංකාදීප

මෙන්න බලන්න තවත් පුවත්