රංගන ශිල්පියෙක් විදියට ලැබෙන චරිතයට උපරිම සාදාරණයක් කරන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ධනංජ්ය සිරිවර්ධන කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ධනංජය සිරිවර්ධන සමග, ඉතින් ධනංජය මේ දවස්වල නිලමේ කෙනෙක් වෙලා නේද..? ”ඔව් ළඟදීම විකාශනය වෙන්න නියමිත වෙලා තියෙන චන්ඩි කුමාරිහාමි කියන ටෙලිනාට්‍යයේ උඩියන්කුලම නිලමේ කියන චරිතයට මම පන පොවනවා, ඒක ඉතිහාස කතාවක්, ඇත්තම කියනවනම් ටිකක් දුෂ්කර චරිතයක්, මේක වසර දෙසීයකට තුන්සියකට කලින් වෙච්ච දෙයක් නිසා ඇත්ත නැත්ත දන්නේ නෑ, හැබැයි සමහර අය කියනවා මේක ඇත්ත කතාවක් කියලා, ඒ වගේම මේක ප්‍රභන්ධයක් කියලත් කියනවා, මේ දවසල අපි ඒ නාට්‍යයේ වැඩ වෙනුවෙන් කතරගම ඇවිත් ඉන්නේ”

මේ වෙද්දී ධන්ජය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයෙක් ඉතින් කියන්නකෝ බලන්න ඒ ගැන විස්තර ටිකක් ”ඔව්, මම අධ්‍යෂණය කරපු පලවෙනි නාට්‍ය ළඟදීම විකාශනය වෙන්න පටන් ගනීවි, පහුගිය කාලයේ මම අධ්‍යක්ෂණය කරපු නම්බර් නයින් ටෙලිනාට්‍ය විකාශනය වුනා, ඒ නාට්‍ය රූගත කරන කාලයේ මම ජීවත් වුනේ ඒ චරිත එක්කමයි, ඒ චරිත සේරම මගේ මනසේ තිබ්බා, චරිත ඇතුලට ගිහින් තමයි මම දෙබස් ලිවුවේ, අධ්‍යක්ෂණය කරද්දී කැමරාව එක්ක මම හිතින් රඟපාලා තියෙනවා, ඉතින් මම නිර්මාණයක් කරන්නේ ලොකු කාලයක් අරගෙන, ඒ නිසා නිතර නිතර මගේ නිර්මාන එන්නේ නෑ, කාලෙකින්එකක් දෙකක් ආවත් හැමෝගෙම ආකාර්ශනය දිනාගන්න පුළුවන් වෙනවා”

ධනංජය ආදරණීය බිරිඳ හෂිනි එක්ක ගෙවන ජීවිතයට කොහොමද..? ”එයා මගේ ජීවිතයට සම්බන්ද වීම සහ, මගේ ජීවිතයට ඇයව සම්බන්ද කරපු පිරිසක් හිටියා, ඉතින් ඒ විදියට හෂිනි මගේ ජීවිතයට සම්බන්ද වීම එක්ක මගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වුනා, ඇය මගෙත් එක්ක සම්බන්ද වුනේ නැත්තන් අද මම මේ වගේ තැනක නෑ, සමහර විට මට ඇය හමුවුනේ නැත්තන් මම අදටත් විවාහ නොවී ඉන්නට තිබ්බා, ඇය පැමිණීම එක්ක සේරම වෙනස් වුනා, ඇය තමයි මගේ ජීවිතේ හොඳම කෙනා,”

හෂිනි හදන කෑමවලින් ඔයා කන්න ආසම කෑම මොනවද..? ”එහෙම විශේෂත්වයක් නෑ, සශිනි දන්නවා රස කියන දේ එක්ක මාව සතුටු කරන්න අපහසුයි කියලා, ඒ වගේම එයා හරියටම දන්නවා මාව කොහොමද සතුටු කරන්න පුළුවන් කියලා, එයා හදන ඕනෑම කෑමක් මට රසයි, ඒ වගේම කෑම කියන මාතෘකාවෙදී අඩුපාඩු නොකියන කෙනෙක් මම, හැබැයි හෂිනි හදන කෑම අපේ අම්මා හදන කෑම වගේ ගොඩක් රසයි,”

ඔබේ බිරිඳ යුටියුබ් බාලිකාවක් කරනවා, ඔයාට වඩා හොඳට බිරිඳ රඟපානවා වගේ නේද..? ”ඔව් එයාට ගොඩක් හොඳට රඟපාන්න පුලුඋවන්, ඒ වගේම නිර්මාණ කිහිපයකටම එයාට ආරාධනා ලැබුනා, මගෙනම් කිසිම අකමැත්තක් තිබ්බේ නෑ, හැබැයි ඇය කියන්නේ නළුවෙකුගේ බිරිඳ වීම කියන්නේ නිළියක වීමට සුදුසු දෙයක් නෙවෙයි කියලා, එයා හොඳට දන්නවා මට චරිතයක් ලැබුනම මම කරන කැපවීම, ඉතින් එයාට ඒ වගේ කැපකිරීමක් කරන්න බෑ කියලයි රඟපාන්න යන්නේ නැත්තේ”

පැරණි පුවත්

තම සිහින හඹා ගිය, මුහුණ පුරා රැවුල වැවෙන ලොව ලාබාලතම කාන්තාව

තම පෙනුම සම්බන්ධයෙන් අපහාසවලට ලක් වීමට සිදු වීම බොහෝ කාන්තාවන්‍ට ඇති ගැටළුවක්.එවැනි තත්ත්වයක් සාර්ථකව ජයගත් දිරිය ගැහැනියක් ගැන අද අපි ඔබට කියන්නට හිතුවා.

1990 නොවැම්බර් 29 වන දින උපත ලැබූ හර්නාම් වයස අවුරුදු 11 දී මුහුණේ හිසකෙස් වර්ධනය වන බව මුලින්ම දැකීමට පටන් ගත්තා.

අවසානයේදී ඇයට PCOD ඇති බව හඳුනා ගත්තා. මේ තත්ත්වය නිසා සාමාන්‍ය කාන්තාවන්ට වඩා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩි ප්‍රමාණයක් ඇයට ඇතිවන අතර එය ඇගේ මුහුණේ හිසකෙස් වැඩීමට හේතු වෙනවා.

සිදු වූ Bully කිරීම් ජයගෙන අවසානයේ ඇගේ පෙනුමට පිළිගැනීමක් ලබා ගැනීමට වසර ගණනාවක් ගත වූ බව ඇය පිළිගන්නා අතර, 24 හැවිරිදි ඇගේ නොපසුබට උත්සාහය සහ ඇය ඇයටම දක්වන ආදරය බොහෝ දෙනා මවිතයට පත් කළා.

” කලින් bully වීමට ලක් වූ , ලැජ්ජාවට පත් වූ දෙයක් වෙනුවෙන් දැන් ලෝක ප්‍රසිද්ධියට පත්වීම ගැන මම අතිශයින් සතුටට පත් වෙනවා. ඔබ, ඔබ වෙනුවෙන් සත්‍යවාදීව ජීවිතය ගත කරන්නේ නම් ඔබට ඕනෑම දෙයක් සාක්ෂාත් කර ගත හැකි බව මගේ කතාවෙන් ඔබට පැහැදිලි වෙනවා.”

“මගේ සිහින හා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මගේ පෞද්ගලික ජීවිතය කැප කිරීමට මට සිදුවී තිබෙනවා. අද දක්වාම මම සමාජය තුළ වෙනස්කම් කිරීම්, කොන්කිරීම් වලට මුහුණ දී සිටිනවා.” හර්නාම් පවසන්නේ එලෙසින්.ඒ ඉතා අභිමානයෙන් සහ විශ්වාසයෙන් යුතුවයි.

“මම තවමත් අන්තර්ජාලයේ විවිධ පෝස්ට් ඔස්සේ හිරිහැරයට ලක්වෙනවා. සමහර අවස්ථාවලදී මට මරණ තර්ජන එල්ල වීම් පවා සිදු වෙනවා. නමුත් මගේ අරමුණ සහ ජීවිතය ඔවුන්ගේ අපයෝජනයට සහ වධ හිංසාවලට වඩා බෙහෙවින් උසස් බව මම විශ්වාස කරනවා.”

එසේ පවසන හර්නාම් ඇගේ අනාගත අරමුණ නොබියව හෙළි කරන්නට පුරුදුව සිටිනවා.

“මේ බාධක අනාගතය සඳහා මගේ සැලසුම් වළක්වන්නේ නෑ, මම මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන කීර්තිමත් motivational speaker කෙනෙක් බවට පත් වෙනවා”

“විවේචනවලට මුහුණ දුන්, ගිනස් ලෝක වාර්තා හිමිකාරියක් වීමට සිහින දකින ලෝකයේ ඕනෑම කාන්තාවකටයි මේ පණිවිඩය. නොපසුබටව උත්සාහ කරන්න. අත් නොහරින්න. ඔබ අසමත් වූවත්, දිගටම කරගෙන යන්න. ජයග්‍රහණය නිසැකව ම ඔබ කරා එනු ඇති.”

රැවුල වවාගත් ගැහැණියක් ලෙස මේ ලෝකයේ මා ඉටු කළ යුතු කාර්යභාරය කුමක්දැයි මට කිසි දිනක හරියටම වැටහුණේ නෑ. වසර ගණනාවක් ගෙවී යද්දී මට තේරුණා මම ඉපදුණේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ශරීරය පිළිබඳ විශ්වාසය ප්‍රවර්ධනය කරන කාන්තාවක් ලෙස ආඩම්බරයෙන් නැගී සිටීමට බව. මම ‘සමාජ සම්මතයෙන්’ බැහැරව වෙනත් දෙයක් ලෝකයට පෙන්වීමට උපත ලැබූ අතර, මම ඉපදුණේ මිනිසුන්ට තමන් ගැන විශ්වාසයෙන් සිටීමට සහ සුවපහසු වීමට උපකාර කිරීමටයි.”

අප හැම කෙනෙකුම අපේ පෙනුම පිළි ගත යුතු බවත් ඒ සම්බන්ධයෙන් තැවීම සහ දුක් වීම ඵල රහිත බවත් හර්නාම්ගේ කතාවෙන් හෙළි වෙනවා. අපහාස කිරීම්වලට ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකු ලක් විය හැකියි.නමුත් සෑම අපහාසයක්ම විඳ දරාගෙන හිස කෙලින් තබා ඇවිද යන ගැහැනියකට ජය ගත නොහැකි අභියෝගයක් නැහැ.

තමන්ට සහ තමන්ගේ පෙනුමට ආදරය කරන සෑම හර්නාම් කෙනෙකුම වීරවරියක්!

මෙන්න බලන්න තවත් පුවත්