“සුකේෂ් චන්ද්‍රසේකර් මගේ හැඟීම් එක්ක සෙල්ලම් කළා.. මගේ ජීවිතේ විනාශ කළා..” බොලිවුඩයේ ජනප්‍රිය නිළි ජැකලින් ෆර්නෑන්ඩස් දිල්ලියේ පටියාලා හවුස් අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් එසේ පවසා තිබෙනවා.

ෆෝර්ටිස් හෙල්ත්කෙයාර් හි ප්‍රවර්ධක ශිවින්දර් මෝහන් සිංගේ බිරිඳ අදිති සිං වැනි ඉහළ පෙළේ පුද්ගලයින්ට වංචා කිරීම සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුකේෂ් තවමත් සිටින්නෙ සිරගතව යි‍.

චන්ද්‍රසේකර ඔහුව හඳුන්වා දුන්නේ ‘සන්ටිවී’ හි අයිතිකරු ලෙසින් බවත් හිටපු තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා සිය නැන්දණියක ලෙසින් බවත් ජැකලින් සඳහන් කර තිබුණා.

නිවසේ සහ නීති අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් චන්ද්‍රශේකර් අත්අඩංගුවට ගෙන ඇති බව තමා දැනගත්තේ පසුව බවයි ඇය කියන්නෙ.

ඔහුගේ සැබෑ නම දැනගත්තේ ඔහුගේ අපරාධ පසුබිම ගැන දැනගත් පසුව පමණක් බවත් ඇය කියනවා.

“ඔහු කිව්වා එයා මගේ ලොකු රසිකයෙක් කියලා.. මට දකුණු ඉන්දියාවේත් චිත්‍රපට කරන්න කිව්ව.. සන් ටීවී එකේ අයිතිකාරයා හැටියට, එයාලට ගොඩක් ව්‍යාපෘති පෙළගැහිලා තියෙනවා, අපි දකුණු ඉන්දීය චිත්‍රපටවල එකට වැඩ කරන්න උත්සාහ කරමු කියලා සුකේෂ් මාව නොමග යැව්වා. මගේ වෘත්තිය සහ මගේ ජීවනෝපාය විනාශ කළා..” ජැකලින් එසේ අධිකරණය හමුවේ අනාවරණය කර තිබෙනවා.

“පින්කි ඉරානි චන්ද්‍රශේකර්ගේ ක්‍රියාකාරකම් සහ පසුබිම ගැන දැන සිටියා.. නමුත් ඇය කවදාවත් මට මේ බව හෙළි කළේ නැහැ..”

අධිකරණය හමුවේ පෙනී සිටි ජැකලින් ෆර්නෑන්ඩ්ස් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස මෙතෙක් නම් කර නැහැ.

“අවස්ථා දෙකක දී මම ඔහු‌ගේ පෞද්ගලික ජෙට් යානයේ ගමන් කළා..” ඇය එය ද පිළිගෙන තිබුණා.

රිද්මා පිලපිටිය. ඇය රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ. කාලයක් නිර්මාණ කටයුතුවලින් ප්‍රේක්ෂක ඔබ හමුවුණත් “රාහුල් පුතු”ගේ පැමිණීමත් එක්ක ඇය ක්ෂේත්‍රය තුළ වැඩිපුර දකින්න ලැබුණේ නෑ. කාගෙත් ආදරය දිනාගත්ත රිද්මා සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරී චරිතයක්. පසුගිය දවසක රිද්මා යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් මෙසේ හෙළිදරව් කළා.

පැරණි පුවත්

සිං..ග.ල් මාම් කන්සෙප්ට් එක ගැන රිද්මා කියන කතාව

ඒක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඉස්සර හිටිය සිං..ග.ල් මාම්ලා හරි ගෞරවාන්විතව ජීවත් වෙනවා. දැන් ඉන්න අය ගැන නම් කියන්න බැහැ. මම හිතන්නෙ සිං..ග.ල් මාම් කෙනෙක් වුණාම ඇයට තියෙන වගකීම අඩුවක් නෑ. හැබැයි මම නම් කියන්නෙ පුළුවන් තරම් තමන්ගේ පවුල රැකගන්න. මොකද ඔයාගේ දරුවට අම්මා වගේම තාත්තාත් වුවමනයි. ඒ අයිතිවාසිකම කවදාවත් නැති කරන්න එපා. සිංගල් මාම්ලා පොෂ් අය ඉන්නවා. එයාලා කරන දේ තමයි මම කිව්වේ. නැතුව අහිංසක අය ඉන්නවා. ට්‍රෙන්ඩ් එකට ඉන්න අයට මම කියන්නෙ මුරණ්ඩුකමට හස්බන්ලා නැතිකරගන්න එපා.

රිද්මාටත් තනි මවක් වෙන්න වුණොත්?
තනි මවක් වෙන්න වුණොත් දරුවගේ ගෞරවය ගැන හිතනවා විනා මම එතනින් එහාට හස්බන් ගොඩ නඟගත්ත ගෞරවය, පවුලේ ගෞරවය ගැන හිතනවා මිසක තව තාත්තා කෙනෙක් නම් ගේන් නෑ. මට මගේ හස්බන් ආදරේ කරපු තරම් කිසිම කෙනෙක් ආදරේ කරන් නෑ. ඒ ආදරේ හොයන්නත් බෑ. ඒ කෙනාගෙන් ම ඒ ආදරේ වළ දාලා ගෞරවාන්විතව ජීවත් වීමයි හොඳ..

දෙවැනි පාර විවාහ වීම ගැන මොකද හිතන්නේ?

ගොඩක්ම ලංකාවේ තමයි.. ලංකාවේ කාන්තාවකට ගොඩක් දේවල් තියෙනවා සංස්කෘතිතමය වශයෙන්. පිරිමිත් කාන්තාව යූස් කරන්න බලනවා. දියණියක් ඉන්න මවක් නම්.. එයා බඳින්න හිතනවා නම් සිය පාරක්වත් හිතන්න වෙනවා. ඒ වගේ හින්දා ගැහැනියක්ට ලේසි නෑ. පිරිමියෙක්ට ප්‍රශ්නයක් නෑ.. කාන්තාවකට එහෙම පුළුවන් කමක් ඇත්තටම නෑ. කාන්තාව ආයෙ ආයෙ රැවටෙනවා. එහෙම දේවල් ඔ්න තරම් සමාජයේ දකින්න ලැබෙනවා.

රොෂාන් රිද්මා ආදරේට මුලින්ම සමාජයේ බලපෑම? කටකතා? ඒවට මුහුණ දුන්නෙ කොහොමද ?

එදත් මං මේ වගේම හිනාවෙලා හිටියේ. අදත් එහෙමයි. මොකද ඒවාගේ බලපෑම් එල්ල කරපු දෙන්නා හෝ තුන්දෙනා. මැරි කරපු අලුත එහෙම සල්ලි දීලා ගොසිප් ගහන්න කියලා කපල් එකක් ගිහින් දෙනවා. අපි මේ ෆීල්ඩ් එකේ ඉන්න අයනේ. එයාලා අනිත් පැත්තට කියනවනේ. එහෙම කරලා ගොසිප් ගැහුවා.. මටත් කිව්වා, මම මැරි කරලා දරුවෙක් ඉන්නවා කියලා ගොසිප් ගහලා තිබ්බා. හස්බන්ට මට මගේ පවුලට මොන දේ කිව්වත් අපි දෙන්නාගේ ආදරේ බැඳීම හරි ශක්තිමත්. මට මතකයි ප්‍රසිද්ධ පුවත්පතකට කියලා තිබුණා, අවුරුදු තුනක් වෙද්දි අපේ කසාදේ ඉවර වෙනවා කියලා. දැන් මේ අවුරුදු පහ ගතවෙන්නේ. හරි ආදරෙන් අපි ජීවත් වෙන්නෙ. ගොසිප් කියන්නෙ හුළ‌ගේ යවන්න ඔ්නි දේවල්.. ක්ෂේත්‍රයේ ඉන්න හින්දනේ කතා.. සාමාන්‍යයෙන් ඉන්න අයටත් වෙනවනේ. ඒ දේවල් වුණත් ගණන් ගන්න එපා. තමන් හරි නම් වරදින් නෑ. මඩ නෙවෙයි මොනා ගැහුවත් දිදුලනවා..

මෙන්න බලන්න තවත් පුවත්