ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ක්‍රීඩකයෙක් තමයි ධන්ජය සිල්වා කියන්නේ හැමෝම ආදරේට ධන්ජයට කියන්නේ ධනා කියලා, නිතරම හිනාවෙලා ඉන්න අහිංසක චරිතයක් වන ධනා එක්කයි අද අපේ කතාබහ, ඉතින් ධනා දැන් තාත්තා කෙනෙක් නේද කොහොමද ඇත්ත ජීවිතේ ”ජීවිතේ සතුටින් විඳිනවා, බිරිඳ සහ දරුවා ළඟ ඉන්නවා කියන්නේ මගේ සතුට තියෙන්නේ එතන, මැච් එකකට ගියොත් ඇරෙන්න මම එයාලා එක්කයි ඉන්න කැමති, මගේ දුව ආන්‍යා අමේලි මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන්නේ මගේ බිරිඳටයි මගේ දුවටයි,”

ධනා කියන්නකෝ බලන්න ආදරණීය බිරිඳ ගැන විස්තර ටිකක් ”මගේ ආදරණීය බිරිඳ සඳුනි නිසංසලා, එයා පාසල් ගිහින් ඉවර වෙනවත් එක්කම තමයි අපි දෙන්නගේ ආදර සම්බන්දය පටන් ගත්තේ, එයා පාසල් ගියේ ගාල්ලේ රීෆන් බාලිකා විද්යාලය, මම පාසල් ගියේ ගාල්ලේ රිච්මන්ඩ් විද්යාලයට, සඳුනිත් ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආසයි, අපි යාලු වෙන කාලේ මම පාසලේ විතරයි ක්‍රිකට් ප්ලේ කරලා තිබ්බේ. අපේ ගෙවල්වල අයත් ඉස්සර ඉඳන්ම හඳුනනවා, ඉතින් ඒ හඳුන්ම් කමත් එක්ක කතාබහ කරද්දී තමයි අපේ ආදරේ පටන් ගත්තේ”

ධනා කියන්නේ දැන් ලංකාවේම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නේ, ඉතින් දැන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ බිරිඳ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද..? ”මෙහෙමයි ඒවා දැන් සාමාන්‍ය දේවල් වෙලා තියෙන්නේ, රසිකත්වය වෙනයි නේ, පුද්ගලික ජීවිතය වෙනයි, අපි එලියට කෑමකට ගියොත් රසිකයෝ මාව වටකරගෙන පොටෝ ගන්නවා, ඉතින් ඒ වෙලාවට මගේ බිරිඳත් ඒ අයට පොටෝ අරගෙන දෙනවා, එයා ඒ දේවල් ගැන හිතනේවත් තරහා ගන්නෙවත් නෑ සඳුනි කියන්නේ හරිම නිහතමානී කාන්තාවක්, මම එයාට ආදරේ කරන්න හේතුවලින් එකක් ඒක”

පිටරට ටුවර් එකක් ගියාම බිරිඳට මොනවද ගෙනත් දෙන්නේ..? ”ටුවර් එකක් ගියාම මම බිරිඳටයි දරුවටයි තමයි හැම දෙයක්ම ගන්නේ, මම මට මොකවත් ගන්නේ නෑ, විශේෂයෙන්ම ඒ දෙන්නට ගන්නේ ඇඳුම්, බබාටයි බිරිඳටයි එකම වගේ ඇඳුම් ගන්නවා, ඒ වගේම සඳුනි කැමති සුවඳ විලවුන් එහෙම ගන්නවා, මම තෑගී ගෙනාවට ඇත්තට එයාට ඕන මැච් වින් කරන්න, සඳුනි කියන්නේ මොනවත් ගෙන්න ඕන නෑ දිනලා එන්න කියලා මොකද එයා ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරෙයි එක මැච් එකක්වත් මිස් කරන්නේ නෑ ඒයා හැම මැච් එකක්ම බලනවා”

පැරණි පුවත්

අපි දෙන්නා අවුරුදු 5ක් ආදරේ කරලා විවාහ වුනේ, ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙක් කියලා මම දන්නෙත් පස්සේ – ටනාෂා හතරසිංහ

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන විවාහ මංගල්‍යයක් තමයි ජනප්‍රිය සුරූපී නිලි ටනාෂා හතරසිංහගේ සහ ව්‍යාපාරිකයෙක් වූ අනුරාධ වීරරත්නගේ විවාහ මංගල්‍යය. ඉතින් හැංගි හොරා අවුරුදු 5ක් ආදරේ කළ මේ දෙන්නා විවාහ වෙනකම්ම බොහෝ දෙනෙක් දන්නේ නැහැ ටනාෂා ආදරවන්තියක්ද කියලවත්. ඉතින් මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය තරුවක් වූ ටනාෂාගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් විවාහ වුණාට සුපුරුදු පරිදිම දැන් ආපහු වැඩ ටික කරගෙන යනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම වෙඩින් එකේ වැඩ නිසා නීල පබළු හා නොනිමි නාට්‍ය දෙකේ ෂූටිං යන්න බැරි වුණා කියලත් ඇය කියනවා. ඉතින් වෙඩින් එක ඉවර වුණු ගමන් ඇයට ආයෙමත් එක දිගට වැඩ කරන්න සිදු වුණාලු. ඒකයි සිද්ධ වුණේ.

කොහොම නමුත් මේ දෙන්නා අවුරුදු 5ක් ආදරේ කරලා තමයි විවාහ වෙලා තියෙන්නේ. ඉතින් ඇයගේ ආදරණීය සැමියා තමයි අනුරාධ වීරරත්න. ඉතින් ඔහු ව්‍යාපාරිකයෙක් ඇය නිළියක් කියලා ඔහු දැනගෙන හිටියට මුලින් කතාබහ කරද්දී එයා ව්‍යාපාරිකයෙක් කියලා ඇය දැනගෙන හිටියේ නැහැ කියලයි ටනාෂා නම් කියන්නේ. මොකද ඇය ආදරේ කරේ අනුරාධ කියන පුද්ගලයාගේ තිබුණු හොඳ ගතිගුණ නිසා. ඒ වගේම ඇයගේ පවුලේ ගෑනු අය විතරක් හිටපු නිසා දැන් ඇයගේ අම්මට අනුරාධ හොඳ පුතෙක් වගේම ඇයගේ නංගිලාට හොඳ අයියා කෙනෙක් වගේ කියලත් ඇය කියනවා.

ඉතින් ඇයට ජීවත් වෙන්න සුදුසුම කෙනා මුණගැහුන නිසා එයාගේ රස්සාව බලන්න ගියේ නැහැ කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ආදරේ කළා, විවාහ වුණා මිසක් ඇයගේ විවාහය ඇය ෆැෂන් එකක් කර ගත්තේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට හොඳට උයන්න පුළුවන් කියලයි ටනාෂා නම් කියන්නේ. ඒත් නිතරම උයන කෙනෙක් නෙමෙයි නිසා කසාද බැඳලා ආවට පස්සෙ නම් තවම උයන්න අවස්ථාවක් ලැබුණේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය නිළියක් වෙන්නේ කැමරාව ඉස්සරහා විතරක් නිසා එතැනින් එහාට හරි සිම්පල් ජිවිතයක් ගෙවනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්