ජර්මනියේ පැවැත්වෙන නර්තන වැඩමුළුවකට සහභාගි කරවීමට යැයි පවසා දෙමව්පියන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් රැගෙන වංචාකළ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලබන 23 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉකුත් 18 වෙනිදා නියම කළාය.

ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි සැකකාර ගුරුවරියක් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

ගම්පහ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සැකකාරිය සේවය කරන බව පොලිසිය පවසයි. ගුරු වෘත්තියේ නිරත සැකකාරිය එම ජාත්‍යන්තර පාසලේ දරුවන්ව ජර්මනියේ පැවැත්වෙන නර්තන වැඩමුළුවකට සහභාගි කළ හැකි බව දෙමාපියන්ට පවසා තිබේ. ඊට අවශ්‍ය ලිපි ලේඛන සෑදීම සඳහා යැයි පවසමින් සැකකාරිය දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා ඇති බව අධිකරණයේදී සඳහන් විය. සැකකාරිය ලබාදුන් බැංකු ගිණුමට දෙමාපියන් වරින් වර මුදල් බැර කළද දරුවන්ව විදේශ ගත කිරීමට සැකකාරිය උනන්දුවක් නොදක්වා මුදල් වංචාකර ඇති බව පොලිසිය කීය.

දෙමව්පියන් සිව්දෙනකු කළ පැමිණිලි මත පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් මෙම පැමිණිලිකරුවන් සිව්දෙනාගෙන් පමණක් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් සැකකාරිය වංචනික ලෙස ලබාගෙන ඇති බව පොලිසිය පැවසීය.

පරීක්ෂණ අවසන් නොමැති බව පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිනි පො.ප. ප්‍රියදර්ශනී සේනාරත්න නිලධාරිනිය අධිකරණය හමුවේ පවසා සිටියාය. ගම්පහ මූලස්ථාන ප්‍ර.පො.ප. මොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

පැරණි පුවත්

ගෙදර ගියහම කුඹුරු කොටනවා – තාත්තා අපව ජීවත් කළේ කළු ගල් කඩලා

දෛවයට පිටුපෑමට අපහසුය. එහෙත් දෛවය පරදවා ලොව ජයගත් මිනිස්සු ඕනෑ තරම් වෙති. ඒ අතර අප අද කතා කරන පාලිත බණ්ඩාර නම් ක්‍රීඩකයාට හිමි වන්නේ ඉහළ තැනකි. ඔහු යුද හමුදාවේය. ගම මාතලේ ය. ලොව ඔහු දැන හඳුන ගත්තේ එංගලන්තයේ දීය. එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් එකම රිදී පදක්කමේ හිමිකරු ඔහුය. එය පාලිතට මෙන්ම මෙරටට ද අපමණ සතුටකි. විරල භාග්‍යයකි. එහෙත් පාලිත ඒ විරල භාග්‍ය සොයා ගිය ගමන එතරම් සුමට එකක් නොවේ. අසීරු ගමනක අවසන ඔහු ඒ සතුට උදාකර ගත්තේය. ඒ සතුට ඔහු මෙසේ අප සමග බෙදාහදා ගත්තේය.

‘ඇත්තටම මෙම ජයග්‍රහණය හීනයක් සැබෑවීමක් තමයි. පදක්කමක බලාපොරොත්තුවක් තිබුණා. ඒත් රිදී පදක්කමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. මාස හයක් පුරා මා කළ කැප කිරීමේ ප්‍රතිඵල බර්මින්හැම්වලදී ඵල දැරුවා. මීට මාස හතක් පමණ වන තුරුම මගේ ක්‍රීඩා ඉසව්ව වුණේ යගුලිය විසි කිරීමයි. ඒත් මේ තරගාවලිය ඉලක්ක කරලා පැරාලිම්පික් කමිටුවෙන් මට පැවසුවා කවපෙත්ත විසි කිරීමට සූදානම් වෙන්න. ඊට අවශ්‍ය පරිසාධන මට්ටමට ළඟා විය හැකි නම් එම තරගාවලියට යන්න පුළුවන් බව.”පාලිත බණ්ඩාර එසේ පැවසුවත් මීට තවත් වසර කීපයකට ඉහතදී පාලිත බණ්ඩාරගේ ප්‍රධාන ඉසව්ව වී තිබුණේ වොලිබෝල්ය. එකල පාලිතගේ දෙපාදයම හොඳින් ශක්තිමත්ව තිබුණි. අද ඔහුගේ වම් පාදයට ඉහළින් මාංශ පේශීන් ආබාධයට ලක් වී ඇත.

“2011 වසරේ නොච්චියාගම දී පැවති යුද හමුදා කඳවුරු අතර ක්‍රීඩා උළෙලේදී වොලිබෝල් පුහුණුවීම් සිදු කරන අතරතුර තමයි මම ආබාධයට ලක් වුණේ. එහිදී සිදුවුණු වැටීමකින් මගේ වම් දණහිස කැඩුණා. යකඩ ප්ලේට් එකක් දැම්මා. අංශක 37 යි දැන් දණහිස නවන්න පුළුවන්.”දණහිසට යකඩ ප්ලේට් දැමුවද මනසට යකඩ ප්ලේට් දමන්නට නොහැක. දණහිස බිඳී යෑමෙන් බිඳී ගිය හිත තමන් විසින්ම හදාගත යුතුයමුල් දවස්වල ඒ ගැන මට ලොකු දුකක් තිබුණා. ඇයි මට මෙහෙම වුණේ කියලා හදවතින් හැඬූ වාර අනන්තයි.

ඒත් යුද හමුදා සෙබළුන් ලෙස අපි ගතට වඩා මනසින් සවිමත්. පෙරටත් වඩා ශක්තිමත්ව මම යළි නැගිට්ටා. හුළං ගහලා පුම්බන වොලිබෝලය වෙනුවට යකඩ බෝලයක් අතින් අරගෙන මම යළි නැගිට්ටා. ඒ කාලේ මට පුහුණුකරුවෙක් හිටියේ නැහැ. යගුලිය වීසි කරන වීඩියෝ බලල තමයි මම ඉගෙන ගත්තේ. හැබැයි ඊටත් පෙර පටන් දක්ෂ ක්‍රීඩකයකු වීමේ වුවමනාව මට තිබුණා. ඒ කාලේ අපේ වීරයෝ වීරවරියන් වුණේ සුසන්තිකා අක්කා, දර්ශා අක්කා සහ සුගත් අයියලා. ඒ අයගේ විස්තරයක් තියෙන පත්තර පිටුවක් අහුවුණොත් අකුරක් නෑරම කියෙව්වා. පින්තූරයක් තිබුණොත් ගෙදර ගිහින් බිත්තියේ ඇලෙව්වා.”පාලිත දැන් දෙදරු පියෙකි.

එහෙත් දරු සෙනෙහස පිරි තම කැදැල්ල ද මාස කීපයකට අමතක කළ පාලිත ඔවුන් බැලීමට යෑම ඒම ද සීමා කොට අසීමිත ඉලක්කයට අවධානය යොමු කළේය.“තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම කළ දවස් ටිකේ මම ගෙදර ගියෙත් අඩුවෙන්. බිරිඳ තමයි දරුවන් ගේ යුතුකම් ඉටුකළේ. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුවට අවුරුදු හයයි.“ඊළඟට ආසියානු තරගාවලිය එනවා. එය තමයි ආසන්නම ඉලක්කය. හැබැයි ලොකුම ඉලක්කය පැරාලිම්පික් තරගාවලියේ පදක්කමක් ජය ගැනීමයි”.

මෙන්න බලන්න තවත් පුවත්