
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහා තමන් පාර්ලිමේන්තු මන්ත්රීධුරයෙන් ඉල්ලා අස්වූ මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් සඳහන් කරයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් මුජිබුර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත. මුජිබුර් රහුමාන් මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2023 ජනවාරි 20 වනදා සිට බලපැවැත්වෙන බවද මහලේකම්වරයා දන්වා තිබේ.
ඒ අනුව, නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබුර් රහුමාන් මහතාගේ අසුන හිස්වී ඇති බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්රකාරව දැනුම් දෙන බවද මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා සිටී.