පාසල් අධ්‍යාපනය නිම කරන දරුවකුගේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ සිය අනාගතය ගොඩනගා ගැනීම සදහා වූ සිහිනය සැබෑ කර ගැනීමටයි. ඒ සදහා බොහෝ දරුවන් උසස් අධ්‍යාපනයට, වෘත්තීමය පාඨමාලාවක හෝ යම් වෘත්තියකට යොමු වීමට තීරණය කරනවා. එහිදී උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීමය පාඨමාලාවක් තෝරා ගන්නා දරුවෙකුට සිය අනාගත ඉලක්ක සඳහා වූ නිවැරදි පාඨමාලාව තෝරාගන්නේ කෙසේද? ඒ සඳහා සුදුසු විශ්වවිද්‍යාලය කුමක් ද? එය රජයේ යටතේ පවතින විශ්ව විද්‍යාලයක් ද? වැනි ගැටලු රැසක් පැන නගින්නට පුළුවන්.

එසේනම් අද අප සූදානම් වන්නේ ලාංකීය අධ්‍යාපන ක්‍රමවේදයේ පවතින ව්‍යුහය පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙමින් එම ව්‍යුහය ට අනුකූලව පවතින පාඨමාලා පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

Sri Lanka Qualification Framework (SLQF)

ලෝකයේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමවේද අතරින් මෙරට පාසල් අධ්‍යාපන ක්‍රමවේදයේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යුහය පිළිබඳ කතා බහ කිරීමේ දී ,

ලාංකීය අධ්‍යාපන ක්‍රමවේදය නිර්මාණය කර ඇත්තේ Sri Lanka Qualification Framework යනුවෙන් නම් කරන ලද අධ්‍යාපනික සුදුසුකම් රාමුව තුළයි.

පාසලේ ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය නිම කල දරුවෙකු තෘතීක අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමේදී ඒ යන මාර්ගයට පියවරක් ලෙස අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් කර ඇති ක්‍රමවේදය තමයි  Sri Lanka Qualification Framework (SLQF) ලෙස නම් කර තිබෙන්නේ.එය මෙරට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද්දකි.

Sri Lanka Qualification Framework (SLQF) රාමුව ආරම්භ වන්නේ SLQF 01 කියන අදියරෙන්. SLQF 01 යනු අපොස සාමාන්‍ය පෙළ වන අතර SLQF 02 යනු අපොස උසස් පෙළයි. SLQF 03 යනු ඩිප්ලෝමා අදියරයි. SLQF 04 යනු උසස් ඩිප්ලෝමා (Higher diploma) SLQF 05 යනු අවුරුදු තුනේ සාමාන්‍ය උපාධියයි. SLQF 06 යනු විශේෂ ගෞරව උපාධියයි. මේ ආදි වශයෙන් SLQF අදියර 12 කින් සමන්විත වෙයි. එනම් පශ්චාත් සහතික පත්‍ර, පශ්චාත් උපාධි අවුරුදු එකේ පාඨමාලා, පශ්චාත් උපාධි අවුරුදු දෙකේ පාඨමාලාව, දර්ශනවේදී උපාධි පාඨමාලාව, ශාස්ත්‍රපති උපාධිය යන ආදී වශයෙනි.

එහි පිළිවෙළ පහත රූප සටහනින් දැක්වෙයි.

එලෙස  Sri Lanka Qualification Framework (SLQF)  රාමුව තුළින් අධ්‍යාපනයේ මට්ටම් කාණ්ඩවලට සකසා අදියරයන් කිහිපයක් යටතේ සිදුකළ හැකි පාඨමාලා පිළිබඳ දක්වා තිබෙනවා.

උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් මාස්ටර්ස් (Masters) උපාධියක් කරන්න නම් තියෙන්න ඕන සාමාන්‍ය උපාධිය ඒ කියන්නේ Bachelor Degree එකක් .සාමාන්‍ය උපාධිය කරන්න පුළුවන් වෙන්නේ  Sri Lanka Qualification Framework Level 02 හෝ NVQ level 04 සුදුසුකමක් තිබිය යුතුයි.ඒ වගේම Masters උපාධියක් තියෙන කෙනෙක්ට PHD උපාධියක් කරන්න පුළුවන්. බොහොම දක්ෂ ළමයෙක් නම් දරුවාට අපොස උසස් පෙළ වලට හොඳ සාමාර්ථයන් ලබා ගනිමින් ඉදිරියට ගිහිල්ලා  SLQF 06 අදියරේ ඉහළම සාමාර්ථයක් ( First Class ) එකක් ගෙන මාස්ටර් එකක් නොකර කෙලින්ම PHD උපාධියකට යන්න හැකියාව පවතිනවා. . විශේෂයෙන්ම මෙහිදී සාමාන්‍ය උපාධිය තුළ අවුරුදු 03 සහ 04 වශයෙන් උපාධි දෙකක් පවතිනවා. එතනදි අවුරුදු 03 උපාධිය අවසන් කලත් එක්වරම PHD උපාධියකට යෑමට නොහැකියි. PHD උපාධිය කරා යාමට නම් අනිවාර්යෙන්ම සාමාන්‍ය උපාධියේ අවුරුදු 4 උපාධිය first class හෝ second class එකක් සහිතව සමත් යුතුව තිබෙනවා.

මෙවැනි දේවල් තියෙනවා අපි විසින් අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණු කාරණා. මේ ආදි වශයෙන් අධ්‍යාපනය ලබන දරුවකු පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය කරා යොමු වීමේදී මෙම අදියර කීපය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි.

The National Vocational Qualifications (NVQ)

ඊට අමතරව මෙම රාමුව හා සමාන වූ වෘත්තීමය සුදුසුකම් පාඨමාලාවලුත් මෙරට අධ්‍යාපන අමාත්‍යාංශයේ මග පෙන්වීම ඔස්සේ වෘත්තීය පුහුණු අධිකාරිය මගින් හඳුන්වා දී තිබෙනවා. එය නම් කර තිබෙන්නේ The National Vocational Qualifications (NVQ) ලෙසයි.

මෙය ආරම්භ වන්නේ NVQ 01 කියන අදියරෙන් NVQ මට්ටම් 7 කින් සමන්විත වන අතර, සහතිකය, ඩිප්ලෝමාව සහ උපාධිය වැනි විවිධ මට්ටමේ පාඨමාලා එක් එක් මට්ටමින් (පහත රූප සටහනට යොමු වන්න). බොහෝ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් NVQ ක්‍රමයට සමාන වෘත්තීය කුසලතා සහතික කිරීමේ ක්‍රම හඳුන්වා දී තිබෙන බව සදහන් කල යුතුය

මෙම ක්‍රමවේදය පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරනවා නම්, උදාහරණයක් වශයෙන් විදුලි කාර්මිකයෙක් (electrician) ගත්තොත් විදුලි කාර්මිකයෙක් කියන්න එක්තරා වෘත්තීයක්. අදාල වෘත්තීය ට අනුව උසස් අධ්‍යාපනය තුළ ලංකාවේ තියෙනවා අධ්‍යාපන ක්‍රමවේද දෙකක් .එය තෘතික හා උසස් අධ්‍යාපනය වශයෙන් වෙන්කර දක්වන්නට පුළුවන්. තෘතීක වෘත්තීය අධ්‍යාපනය යනු සම්ප්‍රදායිකව අධ්‍යාපනයට අයත් නොවන සහ නිශ්චිත වෙළඳාමකට, රැකියාවකට හෝ වෘත්තියකට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වන, ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම් වූ රැකියා සඳහා ලබා දෙන අධ්‍යාපන ක්‍රමවේදයයි. (vocational education) . මේ අධ්‍යාපනය ක්‍රමය academic education වලට වඩා ප්‍රායෝගිකව වෙනස් වේ. vocation education මගින් ප්‍රායෝගික පුහුණුවක් සමග දැනුම ලබා දීමක් සිදු කරන අතර පිළිගත් වෘත්තීන්හි රැකියා සඳහා පුද්ගලයින් සූදානම් කිරීම මෙහි මූලික අරමුණ වේ.

එසේනම් ලබන සතියේ දී අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ උසස් පෙළ සමත් වූ හෝ අසමත් වූ දරුවකුට යොමු විය හැකි SLQF හෝ NVQ පාඨමාලා මොනවද යන්න පිළිබඳවයි.

සාකච්ඡා කළේ – ආචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally. Prof. Werawatta currently serves as the Director –School of ICT at the Naganananda International Buddhist University.

සැකසුම – බිනාලි රාජපක්ෂ

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්