මේ දිනවල දේශපාලන කරළියේ දේශපාලඥයන් අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්සගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියන්නේ හැමෝම කතාබහ කරන චරිතයක්. පසුගිය දිනෙක සිය ෆේස්බුක් ගිණුම හරහා ලයිව් වීඩියෝවක් හරහා පැමිණ ජනතාව නඟන පැනවලට ඔහු පිළිතුරු ලබාදුන්නා.

මේ අතරවාරයේ නාමල් රාජපක්ෂ යූටියුබ් නාළිකාවක කළ සම්මුඛ සාකච්චාවකදී නාමල් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන පැවසුවා.

ඒ අතරින් පහත දැක්වෙන්නේ ඔහුගේ බිරිඳ, පුතා සහ පියා ගැන කියූ දෑ…

“තව දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් හදන්න බලාපොරොත්තු වෙනවා. මම නිතරම උත්සාහ කරනවා කේසර පුතා එක්ක කාලය ගත කරන්න. සෙල්ලම් කරන්න. මට දැනෙන්නේ මම ආදරවන්ත ස්වාමි පුරුෂයෙක් කියලා. මම දැක්කා පළවෙනි ප්‍රෙග්නන්සි එක වෙලාවේ අපේ නෝනා විඳපු දුක. ඒ කරපු කැප කිරීම.”

“මගෙයි තාත්තාගෙයි අතරේ ඉතාම කිට්ටු සබඳතාව තියෙන්නේ. සමහර වෙලාවට මටත් අමතකවෙනවා ඒ මගේ තාත්තා කියලා. සමහර වචන කියද්දි අම්මා ඔරෝලා බැලුවාම තමයි මතක් වෙන්නේ තාත්තා ළඟ ඉන්නේ කියලා. අපි දෙන්නා හරි යාළුයි. අපේ අදහස් ගත්තත් එක සමානයි.”

“තාත්තායි මමයි හුඟක් දෙමළ ෆිල්ම් බලනවා. මගේ කැමැතිම විජයට. තාත්තා කැමැතිම රජිනි කාන්ත්ට. ඊයේ පෙරේදා පීඑස් 1 බලන්න ගියා මමයි තාත්තායි. ඒකේ දෙවෙනි එකත් එනවා ලු. මමයි තාත්තයි හුඟක් දෙමළ ෆිල්ම් බලන්න යනවා.”

පැරණි පුවත්

මට එහෙම වාහනයක් නැහැ. මම තවම යන්නේ බස් එකේ- එදා වගේම අදත් පොළොවේ පය ගහලා ඉන්න නිලුෂි

කොහොමද මේ දිනවල නිලූෂීගේ වැඩ කටයුතු?

මේ දිනවල දිවිතුරා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා. ඒ වගේම චන්දන ලියනගුණවර්ධන නිෂ්පාදනය කරන සිතාංගි ටෙලි නිර්මාණයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඉදිරියේදී පැමිණෙන්නට නියමිත ටෙලි නාට්‍ය ලෙස සමන් කුමාර ලියනගේ සර්ගේ “ඇවිත් මාව හම්බවෙන්න” සහ “වත්සුනු” ටෙලි නාට්‍යය විකාශය වන්නට නියමිතයි. එයට අමතරව ත්‍රිශූල දීප තඹවිට මහත්මයගේ “කළු දල රළ” ටෙලි නාට්‍යයත් පැමිණෙන්නට නියමිතය.

මේ දිනවල නම් වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ වින්ඩිට නේද?

ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ආරම්භයට වඩා දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වින්ඩි කියන්නේ නපුරු චරිතයක් වුවත් බොහෝ දෙනෙක් ඒ චරිතය ආදරයෙන් වැලඳ ගත්තා. සමහරු බනිනවා ඊෂාට මගේ කැමැත්ත ලබාදෙන්නේ නැහැ කියලා. ඒ තරම්ම වින්ඩිගේ චරිතය ප්‍රේක්ෂකයන්ට සමීප වෙලා. නපුරු චරිතවලට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා අඩුයිනේ.

එහෙම චරිතයක් භාර ගැනීම පිළිබඳව ප්‍රේක්ෂකයන්ගෙන් දෝෂාරෝපණ ආදිය එල්ල වූයේ නැද්ද?

ඇතැම් අය අහනවා ඇයි මේ වගේ චරිතයක් භාරගන්න සිතුවේ කියලා. බොහෝ අය විශ්වාස කරනවා හොඳ චරිත භාරගත් විට ලැබෙන ආදරය වැඩියි යනුවෙන්. නමුත් වින්ඩි නපුරු චරිතයක් වුවත් ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. වින්ඩිගේ චරිත තරමක් අභියෝගාත්මක වුවත් ලැබෙන ප්‍රතිචාර සමඟ චරිතය වෙනුවෙන් ආදරයක් ඇතිවෙනවා. මුලින්ම මම මේ චරිතය කරන්න බැහැ කිව්වා. නමුත් චාමර අයියා මාව දිරිමත් කරලා චරිතය පිළිබඳව අවබෝධයක් ලබාදුන්නා.

ප්‍රවීණ අය සමඟ වැඩකටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් පිළිබඳ මතකය අවධි කළොත්?

සිතාංගි ටෙලි නාට්‍යය රූගත කිරීමේදී මට බොහෝ ප්‍රවීණයන් මුණගැසෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි අපි ඔවුන් සමඟ සිටින ආකාරය අනුව තමයි අපිට ඔවුන්ගෙන් දේවල් ලැබෙන්නේ. දැන් ක්‍ෂේත්‍රයට එකතුවන නවකයන් විශ්වාස කරන්නේ අපි තරම් දන්න කිසිම කෙනෙක් නැහැ කියලයි. අපි ඒ ආකල්පයෙන් ඉන්නට සුදුසු නෑ. හේතුව ප්‍රවීණයන්ට අපි ගරු කළ යුතුයි. ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට අපට බොහෝ දේවල් තිබෙනවා.

නිලූෂි කලා ක්‍ෂේත්‍රයට පියවර තබන්නේ නිරූපිකාවක් ලෙසයි. ඒ ආරම්භය පිළිබඳ කතා කළොත්?

මම 2015 වර්ෂයේ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගාවලියෙන් තමයි නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන්නෙ. ඒ කාලයේ නිරූපණය පමණයි මම සිදු කළේ. රඟපෑමට හීනෙකින්වත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් 2018 වර්ෂයේ මට සනෝජා බිබිලේ මහත්මියව මුණගැහෙනවා. ඇය මගෙන් අහනවා ඇයි ඔබ රඟපෑම සඳහා යොමුවුණේ නැත්තේ කියලා. ඇය නිසා තමයි මම මුලින්ම තිර පරීක්ෂණයකට සහභාගි වුණේ. ඉන්පසුව තමයි රංගනය සඳහා යොමු වෙන්නට සිතුවේ.

නර්තන උපාධියක් හදාරා රංගනයට යොමුවීම පිළිබඳ කනගාටුවක් දැනුණේ නැද්ද?

කනගාටුවක් දැනුණේ නැහැ. මම කුඩා කාලයේ සිටම කැමැත්තෙන් සිටියේ ගුරුවරියක් වීමට. ඒ සිහිනය යථාර්ථයක් බවට පත්වුණේ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට පෙරමයි. ජාත්‍යන්තර පාසලක මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන ගමන්ම ඉගැන්වීම් කටයුතු සිදුකළා. නමුත් විශ්වවිද්‍යාල වැඩකටයුතු සමඟ ඉගැන්වීම් සිදුකිරීම තරමක්දුරට අපහසු වනවා. මම පාසලෙන් ඉවත් වන විටත් විදුහල්පතිතුමා නැවත ආරාධනාවක් සිදුකළා පාසලට පැමිණ දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සිදුකරන්න යනුවෙන්. මම බොහෝ විට දිගටම රංගන කටයුතු කරන්නේ නම් නැතිවෙයි. තෝරා බේරාගෙන රංගනය හදාරන විට නර්තනය වෙනුවෙන් කැප කරන්න කාලයක් ඉතිරි වෙයි යනුවෙන් මම විශ්වාස කරනවා.

ලංකාව තුළ නිරූපණ ක්ෂේත්‍රයට හිමි වී තිබෙන ස්ථානය සිරූපිකාවක් ලෙස ඔබ දකින්නේ කොහොමද?

මම සිතන ආකාරයට නිරූපණ ක්ෂේත්‍රයට ලංකාවේ තැනක් නැහැ. නිරූපණය පමණක් නොවෙයි රංගනයටත් අද ලංකාවේ තැනක් නැහැ. හැදෑරීමක් නැහැ. නියමිත තත්ත්වයක් නැහැ. නිරූපණය වගේම සෑම දෙයකටම ලංකාවේ තැනක් තිබිය යුතුමයි. ප්‍රංශය, ඉතාලිය ආදී රටවල්වල තිබෙන විලාසිතා වැඩසටහන් ඉතාමත්ම ලස්සනයි. ජාත්‍යන්තර මට්ටමේ විලාසිතා තරග තමයි තිබෙන්නේ. ලංකාවේ ඒ දේවල් හැදෑරීමටවත් තැනක් නැහැ. විශ්වවිද්‍යාලය තුළ නර්තනය හැදෑරුවත් එතනින් එහාට නර්තනය හදාරන්න අපට තැනක් නැහැ. මේ දේවල් ලංකාවේ හැදෙන්නට අවශ්‍යයි.

සමාජයේ වැඩි අවධානයක් ලබාගන්නා රංගන ශිල්පිනියක් ලෙස තම නම හා චරිතය නිසි අයුරින් පවත්වා ගැනීමට ඔබ වෙහෙසෙන්නේ කෙසේද?

2018 වර්ෂයේ තමයි මම රංගනය ආරම්භ කරන්නේ. මම කුඩා කාලයේ සිටම අධ්‍යාපනය ලැබූ පාසලේ පසුබිම සහ ජීවත්වුණු වටපිටාව සමඟ මට සිතුණ දෙයක් තමයි මට කුමක් හෝ දෙයක් ලැබෙන්නට තිබෙනවා නම් එය ලැබෙයි කියන විශ්වාසය. මෙය මම බොහොම හෙමින් පැමිණි ගමනක්. බොහොමයක් අය කලාකරුවෙක් වූ විට මවා ගත්ත ප්‍රතිරූපයක් තිබෙනවා. හොඳ වාහනයක්, හොඳ ගෙයක් ‍ෙදාරක් හදාගන්න ස්ථාවරයේ සිටිනවා. මට එහෙම වාහනයක් නැහැ. මම තවම යන්නේ බස් එකේ. රංගනයෙන්ම මුදල් ගොඩනඟා ගන්න බැහැ. මම කලින් පැවසූ විධියට ස්ථාවරයක් හදාගන්න නම් දීර්ඝ කාලයක් මේ ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටිමට අවශ්‍යයි. මට කිසිම කෙනෙක්ට වචනයක් කියන්නට බැරි වෙන්න නම තබාගෙන සිටිනවා. කිසිම කෙනෙක්ට චෝදනා කරන්නත් බැහැ නිලුෂී මේ විදිහෙ කෙනෙක් මේ දේ කරලා තමයි මෙතැනට ආවේ කියලා. ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් ලබා ගැනීමට මම කවදාවත්ම මාව හෝ මගේ ආත්මය පාවලා දෙන්නේ නැහැ.

ඔබගේ වැඩ කටයුතුවලට නිවෙසින් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?

මුලදී මගේ ලොකු අයියා මම ක්‍ෂේත්‍රයට පැමිණෙනවාට වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. තාත්තාගෙත් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දැන්නම් කැමැතියි. අම්මා තමයි හැමදේකටම සහයෝගය ලබාදෙන්නේ. මම කොළඹට එනකොටත් අම්මා සෑම විටම මට ජීවත් වෙන්න අවශ්‍ය විධිය කියලා දුන්නා. කොළඹ පරිසරය තරමක් වෙනස්. මම අද තැනක ඉන්නවානම් මුලින්ම සතුටු වෙන්නේ මගේ අම්මා.

මෙන්න බලන්න තවත් පුවත්