විනෝද චාරිකාවක් සඳහා පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අද (20) පස්වරුවේ එම අනතුර සිදුවී තිබුණි. නානුඔයදී සිදුවූ එම රිය අනතුරෙන් 07 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් 57 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වෙයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ සිටි 06 දෙනෙකු සහ ත්‍රීවිල් රථයේ සිටි පුද්ගලයෙකි. අනතුරට පත් පාසල් බස් රථයේ ගමන් කර ඇත්තේ කොළඹ  තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් පිරිසකි.

නුවරඑළිය – නානුඔය මාර්ගයේ රදැල්ල බෑවුම් පෙදෙසින් දික් ඔය දෙසට අදාළ බස් රථය පැමිණීමත් සමග, බෑවුම් ප්‍රදේශයේදී බස් රථයෙහි තිරිංග යෙදීමට රියැදුරු උත්සහ කළ ද එහි තිරිංග අක්‍රීය වී ඇති බව සඳහන් ය.

ඉන් අනතුරුව පහළ බෑවුම දෙසින් ආ වෑන් රියෙහි ගැටී, බස් රිය විසි වී ගොස්, වෑන් රියට පසුපසින් ආ ත්‍රිරෝද රථයක ද ගැටී මාර්ගයේ එක් පසෙකට මීටර් 50ක් පමණ ඇදී ගොස් ඇතැයි සඳහන් වේ.

 

 

 

මෙන්න බලන්න තවත් පුවත්