විහාරස්ථානයක උඩ මළුවට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් හිමිනමක් අපවත් වී තිබෙන බව වාර්තා වේ.

පේරාදෙණිය දඬුවාව පුරාණ රාජමහා විහාරස්ථානයේ උඩ මළුවේ ආගමික වතාවත් සිදුකරමින් සිටින අතරවාරයේ මෙම පස් කන්ද කඩා වැටී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව අපවත් වී තිබෙන බවත් අපවත් වී ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවූ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමකි.

අනතුර සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්