කාලෙන් කාලෙට ලංකාවේ විවිද ආදර කතා ජනප්‍රිය වෙනවා, ඉතින් ඒ වගේ පසුගිය කාලයේ ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුන ආදර සම්බන්දය තමයි ජනප්‍රිය නිරූපන ශිල්පිනියක වගේම ජනප්‍රිය නිළියක වන ප්‍රගීත් ගේ ආදර කතාව, කොහොම වුනත් මේ ආදරණීය යුවලට දැන් ඇස්වහ වැදිලා කියලයි ගොඩක් කට්ටිය කියන්නේ, ඒ වගේම ප්‍රගීත් පියුමි හන්සමාලිට චීට් කරලා කියලා පියුමිගේ අතටම අහුවෙලා, ඉතින් ඒකට රිටන් එක දෙන්න පියුමිත් ප්‍රගීත්ට චීට් කරලා, දැන් මේ ආදරය දෙදරලා ගිහින් තියෙන්නේ, ඉතින් අපි අද කියන්න යන්නෙත් ඒ වගේම කතාවක්, ඒ තමයි හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ වෙනස්ම ආකාරයේ යුවලකගේ ආදර කතාවක්,

ලංකාවේ සම රිසි අයිතිය වෙනුවෙන් කෙලින්ම පෙනී හිටපු ආදරණීය යුවලක් තමයි රාජ් ජයවර්ධන සහ නදී ජයවර්ධන කියන්නේ, රාජ් කියන්නේ මීට වසර ගණනාවකට කලින් සුන්දර තරුණියක්, ඒ වගේම ඇය විවාහ වෙලා හිටියේ දකුණු පළාතේ තරුණයෙක් සමග, කොහොම වුනත් මේ විවාහය සාර්ථක වෙන්නේ නෑ, මොකද ඒකට හේතුව කියන්නේ මේ තරුණිය ආදරේ කලේ තවත් තරුණියකට, ඉතින් ඒ හේතුව නිසා රාජ් කාන්තාවක කාලයේ විවාහ වෙලා හිටපු තරුණයාගෙන් වෙන් වෙලා නදී සමග ආදරයෙන් බැඳෙනවා, ඉතින් මේ ගැටලුව නිසා රාජ් විවාහ වෙලා හිටපු තරුණයා විදේශගත වෙනවා,

කොහොම උනත් මේ වනවිට ඔයාලා හැමෝම ආදරේ කරන රාජ් ජයවර්ධන සහ නදී ජයවර්ධන ගේ ආදර කතාව අවසන් වෙලා කියලා අපිට දැනගන්න ලැබුනා, කාන්තාවක් විදියට ඉපදිලා ආදරේ කරන කාන්තාව වෙනුවෙන් තමන්ගේ කාන්තා ස්භාවය නැති කරගෙන පිරිමියෙක් බවට පත්වුණ රාජ් දැන් තනිවෙලා, කොහොමවුනත් රාජ් සහ නදී තවම නීතියෙන් වෙන්වෙලා නෑ කියලයි අපිට දැනගන්න ලැබුනේ, ඉතින් මේ සිදුවීම සම්බන්දයෙන් නදීගේ සහ රාජ්ගේ ආදරනීය මිතුරන් රැසක් විවිද කතා කියලා තිබුනා, කොහොම වුනත් මේ දවස්වල ආදරවන්තයින්ට හොඳ කාලයක් නෙවෙයි, ඉතින් රාජ්ටත් නදීටත් ආයෙමත් එකතුවෙන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,

පැරණි පුවත්

බොහෝ දෙනෙක් දන්න කියන රංගන ශිල්පිනියක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඇය හරිම සුරූපී ඒ වගේම ලස්සනට අඳින පළඳින ආකර්ෂණීය රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. නම කිව්ව සැනින් නම් බොහෝ දෙනෙක් ඇය ගැන දන්නවා ඇය නමින් චතූ රාජපක්ෂ. එක් අවස්ථාවකදී සිනමාව තුළ නුත් තවත් අවස්ථාවකදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුලිනුත් මේ සුන්දර මුහුණ නිරන්තරයෙන්ම අපිට දැක බලා ගන්න අවස්ථාව උදා වුණා.

ඇය මේ විදිහට අද රංගන ශිල්පිනියක් ලෙස ස්ථාවරත්වයක් අනන්‍යතාවයක් ගොඩනගාගෙන ඉන්නේ බොහොමයක් දුෂ්කරතා පහු කරගෙන ඇවිල්ලා. නමුත් ගොඩක් දෙනෙක් ඒ දේවල් ගැන දන්නේ නැහැ හැමෝම හිතන්නෙ ලස්සනට ඇඳලා කරලා ඉන්න නිසා හරිම සැපවත් ජීවිතයක් ගත කරපු කෙනෙක් කියලයි. නමුත් ගොඩක් දෙනෙක් නොදන්නා ඇගේ ජීවිතය අඳුරු පැතිකඩක් පිළිබඳව යූටියුබ් නාලිකාවක් සමග චතු අදහස් හුවමාරු කරගෙන තිබුණා.

ඇය රංගනයට එන්න කිසිසේත් හිටපු කෙනෙක් නෙවෙයි. මොකද ඇයට මහා ලොකු සල්ලි තිබිලා නැහැ ජීවත් වෙලා තියෙන්නෙ සාමාන්‍ය පවුලක. ඇය 4 වසර ඉද්දි තමයි ඇගේ අම්මා විදෙස් ගත වෙන්නේ පවුලේ ආර්ථික තත්වය නිසා. අම්මා විදෙස් ගත වුණාට පස්සෙ පවුල ටිකෙන් ටික බිඳ වැටෙන පටන් අරන් තියෙනවා. ඉතින් ඒ අතීතේ ගැන චතු කිව්වේ මේ වගේ කතාවක්.

“ඕනිම කෙනෙක්ට පොඩි කාලේ වගේම දැන් වුණත් ආදරය රැකවරණය ඕනේ. මට ඉතින් ඒ ආදරේ කරුණාව රැකවරණය කියන දේවල් ගොඩක් අඩුවෙන් තමයි ලැබුණේ. ඉතින් ඒවත් එක්ක රංගන ශිල්පිනියක් වෙන්න කොහෙත්ම හිතේ තිබුණෙ නැහැ. අම්මා දෙවැනි වතාවට විදෙස් ගත වුණාට පස්සෙ මම හිතුවා දැන් ඉගෙන ගත්තා ඇති ජොබ් එකක් කරන්න ඕනේ කියලා අම්මයි තාත්තයි එක ගෙදරක ජීවත් වෙලා තියෙන කාලයක් මට මතක නැහැ. අපි හතර දෙනා එකට බත් එකක් කාපු කාලයක් මතක නැහැ. “

ඒ විදිහට අදහස් දක්වන ඇය අම්මා තුන්වෙනි වතාවෙත් රට යන ලෑස්ති වෙද්දී එපා කියනවා. නමුත් ආර්ථික ප්‍රශ්න මැද අම්මා රට ගියාට පස්සෙ ඇයගේ ජීවිතය සෑහෙන්න කඩාගෙන වැටුනා ඒ නිසා චතු අවුරුදු දෙක හමාරක් විතර යනකන් තනියම ජීවත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඇය කලා ලෝකයට අවතීර්ණ වෙලා හැමෝමත් එක්ක නැවත වතාවක් සම්බන්ධතා පටන් ගත්තේ. ඒ වගේම ඇය අම්මා විදෙස් ගත වුණාට පස්සෙ අවුරුදු 12 කින් දැකලා නැහැ කියලත් සඳහන් කළා. ඒ වගේම තමයි ඇය සම්බන්ධතා නැතුව තනිකඩව ජීවත් වන කාලයේ ජීවිතය ඉදිරියට යන්න උත්සාහ දරලා තියෙනවා. ඒ සෑම අවස්ථාවකදීම ගෙදරට ලැජ්ජාවක් වෙන දෙයක් කරන්න හිතකින්වත් හිතලා නැහැ. ඒ ගැන චතු කිව්වේ මේ වගේ කතාවක්.

“කිසිම වෙලාවක මම කැමැති වුණේ නෑ එයාලා මං නිසා ලැජ්ජ වෙනවට. ඒක හිතේ තියාගෙන තමයි මම හැම වැඩක්ම කලේ. සමහර දවස් වලට කන්න බොන්න නැහැ. මට මුලින්ම හමුවුණේ දාසය දාහක්. හැමදේටම වියදම් උනහම අතේ සල්ලි ඉතුරු වුණේ නැහැ. සමහර දවස් වලට මම මම මේ දේවල් කවදාවත් කියලා නැහැ නිවාඩු දවසට උදේ නැගිටින්න නැහැ. ඒ කියන්නේ රෑ එළිවෙනකන් නැගිටලා ඉඳලා දවල් දෙක විතර වෙනකන් නිදාගන්නව. මොකද නැගිට්ටොත් කන්න නෑ මට’

ඉතින් ඇය ඒ විදිහේ දුක්බර අතීතයක් තමයි ගත කරලා තියෙන්නේ. ඉතින් ඒ ජීවිතය තුළින් තව තවත් ජීවිතය සාර්ථක කරගන්නට කරගන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේමු.

මෙන්න බලන්න තවත් පුවත්