රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් ලබන 23 වනදා සිට “කළු සතියක්“ ප්‍රකාශයට පත් කිරිමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ විධායක සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු බවත් ඊට සමගාමීව එළඹෙන සිකුරාදා දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි

මෙන්න බලන්න තවත් පුවත්