අංක 01 දරන ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා පැවති ඡන්ද විමසීමේදී පරාජයට පත්ව ඇත.

සභිකයන් 9 දෙනකුගෙන් යුත් අංක 01 දරන ප්‍රාදේශිකයේ ආසන 6ක් දිනාගෙන ඡන්දය ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේග කණ්ඩායම වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම සභික ධූර 3ක් පමණක් ජයගෙන ඇතත් එම සභිකයන් අතරට පැමිණෙන්නට සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාට හැකිව නැත.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 19 දෙනා අතරෙන් සනත් නිශාන්ත පෙරේරා ඇමතිවරයා 11 වන ස්ථානය හිමිකර ගනිද්දී ඔහුගේ සොයුරා වන කේ. ජගත් සමන්ත පෙරේරා 5 වන ස්ථානය හිමි කර ගෙන තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්