ශ්‍රී ලංකාවේ නර්තන කලාව තුළ අලුත් පරපුරක් තනමින් නව පරපුරක දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන මේ සුන්දර කලාකාරිනිය තමයි අසේකා විජයවර්ධන කියන්නේ. අසේකා විජේවර්ධන හෙවත් චන්න විජේවර්ධනගේ ආදරණීය දියණිය කිවුවහම ගොඩක් දෙනෙක් ඇයව දන්නවා.

පුංචි කාලේ ඉඳන්ම ගෙදර නර්තන පරිසරයක් තිබුණු නිසා ඇයත් නර්තනයට ආසාවෙන් ඒ දේවල් පුරුදු පුහුණු වුණා. මේ වන විට අතිශයින් දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහට නර්තනාංග ඉදිරිපත් කරන ඇය තවත් සුවහසක් දරුවන්ට නර්තනය උගන්වන ආචාර්යවරියක් විදිහටත් කටයුතු කරනවා.

ඒ වගේම තමයි ආසේකා ගැන කතා කරද්දී ඇය පසුගිය දවසක විවාහ දිවියට පා තැබුවා. මේ විදිහට අසේකා විවාහ වෙන්නේ අපි කොයි කවුරුත් ආදරේ කරපු අති දක්ෂ සිනමා තරුවක් වන ගාමිණී ෆොන්සේකාගේ ආදරණීය මුනුපුරෙක් සම්බන්ධයි. ඔහු නමින් ජනික්.

කලාවට සම්බන්ධ පවුල් දෙකක් එකතු වීම නිසා අසේකා සහ ජනික් හරිම සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා කියලත් සඳහන් කළා. මේ වෙද්දී විවාහ වෙලා අසේකා සහ ජනික් ජනික්ගේ ගෙදර පවුල කට්ටියත් එක්ක තමයි ජීවත් වෙන්නේ. මේ පවුලත් එකක් විශාල පවුලක් නිසා ඇයට කිසිම අවස්ථාවක පාළුවක් තනිකමක් දැනෙන්නේ නැහැලු.

ඒ වගේම තමයි අසේකා ගේ සහ ජනික්ගේ ගෙවල් දෙක තියෙන්නෙ විනාඩි 5ක පමණ දුරක. ඒ නිසා ඕනෑම අවස්ථාවක ඉතාමත් ඉක්මනින් අසේ කට ගෙදරට ගිහින් එන්න පුළුවන්කම තියෙන නිසා ඒක ගොඩක්ම වටිනවා කියලත් ඇය සඳහන් කළා. ඉතින් මේ විදිහට අද වෙද්දි ආදරණීය යුග ජීවිතයක් ගත කරන ඔවුන් දෙදෙනා හමුවෙලා තියෙන්නේ ඥාති හිත මිතුරෙකුගේ මාර්ගයෙන්. ඒ වගේම සම්බන්ධෙ පටන් ගත්තු මූල සිද්ධ වෙච්ච මිහිරි අත්දැකීම් ගැන ඔවුන් දෙදෙනා කිව්වේ මේ වගේ කතාවක්.

“මුලදී මම ජනික්ට ලොකු වදයක් වුණා. මම කියන කියන එකට බෑ කියනවා. එක එක තැන්වලට යමු කිවුවහම බෑ කියනවා. හම්බ වෙමු කිව්වහම බෑ කියනවා. මම ලොකු කරදරයක් වුනා එයාට.”

ඊට පස්සේ ජනිත් කිව්වේ මේ වගේ දෙයක් – “අපි දෙන්නගෙ හොඳම යාළුවෙක් ඉන්නවා ධනූ කියලා. මම කිව්වා මුලින්ම එයාට මම අසේකට ආසයි කියලා. සන්ධ්‍යා ආන්ටි අපි දෙන්නව මුන ගැසුවාට අපිට ගොඩක් සපෝට් කරේ ධනූ. අසේකත් එක්ක තරහ ගියාම මම ඒ තරහ ගන්නේ දනුත් එක්ක. මම කෝල් කරලා බනිනවා අසේකා ආන්සර් කරන්නෑ කියලා. “

ඉතින් ඔය විදිහට තමයි මේ ආදර කතාව පසුකාලීනව විවාහයක් දක්වා දුර දිග ගියේ. අද වෙද්දිඋ මේ දෙන්නම ඉතාමත් සතුටින් තමන්ගේ ජීවිත ගත කරනවා. ඒ සතුට තව තවත් රැඳී පවතී වා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

පැරණි පුවත්

දෙව්නක පෝරගේ කියන්නේ මේ වනවිට ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක්, බොහොම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් දෙවනක ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම ජනප්‍රිය ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂනය කළ ඝරසර්ප සිනමාපටය හරහායි. ඒ වගේම දෙවුනකගේ ආදරවන්තිය නිසාත් හැමෝම මේ යුවල ගැන කතා වෙන්න පටන් ගත්තා. දෙව්නකගේ ආදරවන්තිය තමයි හසිනි වෑදණ්ඩ. මේ දෙව්නක සමඟ කළ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත් කොටසක්.

දෙවුනක ඇයි හසිනිව තෝරාගත්තේ?

”ඒක වුනේ කොහොමද කියන්න මම හරියටම දන්නේ නෑ, ඒක හදවතේ තියෙන දෙයක්, මම ආදරේ ගොඩක් හෙව්වකෙනෙක්, ඒ වගේම මම කවදා හරි මගේ බිරිඳ වෙන්න ඕන කෙනා ළඟ තියෙන්න ඕන ගුණාංග ගැන හිතුවා, අපේ අම්මට තාත්තට ගරු කරන, මම වගේම එයාලට සමීප කෙනෙක් තමයි මට ඕන වුනේ, හසිනි හමුවුණාට පස්සේ මගේ ඒ හීනය සැබෑ වුනා”

දෙව්නක දෙන්නා යාලු වුනාට පස්සේ මොකද වුනේ..?

”එක ඇත්තටම හරිම සුන්දර අවස්ථාවක්, මොකද මේ දේවල් වලදී අපේ අම්මා හරිම සූක්ෂමව බලන කෙනෙක්, ඒ නිසා අපි අපේ සම්බන්දය ගැන අම්මාට කිවුවේ හරිම බයෙන්, අම්මට කියන්න කලින් මේ සම්බන්දය ගැන අපි කිවුවේ අපේ තාත්තට, තාත්තා කිවුවා කලබල වෙන්න් නැතුව ටිකක් ආශ්‍රය කරලා බලන්න කියලා, ඉතින් අපි කාලයක් ආශ්‍රය කළා, ඊටපස්සේ හසිනි කිවුවා අපි දැන් අම්මට කියමු නේද කියලා, ඒත් මම බයෙන් හිටියේ, පස්සේ මම අම්මට කිවුවා අම්මේ මට කෙල්ලෙක් ඉන්නවා කියලා, දැන් අපේ අම්මට හසිනි නැතුවම බෑ, මට වඩා එයා ආදරේ හසිනිට”

මෙන්න බලන්න තවත් පුවත්