“සත්තයි මට ඔබ වාගේ” ගයමින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ම නැඟි දිල්කි උරේෂා යුග දිවියට පිවිසුණා.

දිල්කිගේ විවාහයට ජනප්‍රිය තරු රැසකුත් ඇවිත් හිටියා.ඒ වගේම දිල්කිට ඇගේ හොඳම යෙහෙළියකුත් මේ විදිහේ සුබ පැතුමක් එකතු කරලා තිබ්බා.

මැණිකේ ඔයාව දැක්ක ලස්සනම ලස්සන දවස අද..සතුට කියන්න වචන නෑ.ඇස් වලට කඳුලු ආපු තැන කඳුලු හංගන් ආදරෙන් බලන් හිටියෙ අද ඔයා දිහා.ඒ තරම් ලස්සනයි.
අදින් පටන් ගත්ත අලුත් ජීවිතය හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හැම හීනයක්ම හැබෑ වෙලා අයියත් එක්ක සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා සුබ පතනවා.හැලහැප්පීම් නින්දා ප්‍රශංසා එක්ක යන්න තියෙන දුර තව වැඩියි.ඉතින් ඒ ගමනත් සාර්තකව යන්න ඕනි ඔයා.
ඉතින් අවුරුදු 14ක් ඔයත් එක්ක හිටියා වගේම සැපේදි නැතත් දුකේදි ඔයත් එක්ක ඉදියි මං.වැරැද්දක් නොවෙන්න දුර ඉදන් හයියක් වෙන්නම්.ඉතිම්.. ආදරෙයි ගොඩාරියක්

ගායිකාවක විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රුවකට හිමිකම් කියන දක්ෂ ගායිකාවක් තමයි දිල්කි උරේෂා කියන්නේ, කාලෙන් කාලෙට එක එක රිද්මයන් වලින් ප්‍රේක්ෂක හදවත් වශී කරගන්න දිල්කි සමගයි අද අපේ කතාබහ, ඉතින් දිල්කි කොහොමද..? රටේ තත්වය එක්ක දැන් ප්‍රසංග එහෙම තියෙනවද කියන්නකෝ බලන්න විස්තර ටිකක් ”මම නම් සුවෙන් ඉන්නවා, හැම කෙනෙක්ටම වගේ පහුගිය කාලයේ තිබ්බ ගොඩක් ප්‍රශ්න මටත් අදාළ වුනා, කොහොම වුනත් දැන් නම් පසුගිය කාලයට සාපේක්ෂව වැඩ ටිකක් ලැබෙනවා, ඒ වගේම මම දැන් ප්‍රසංග වලටත් සම්බන්ද වෙනවා, ඒ වගේම පහුගිය කාලයට වඩා ආරාධනා ලැබෙනවා”

ඉතින් ප්‍රසංග අඩුකාලේ ඒක ඔයාගේ ආර්ථීකයට බලපෑවේ නැද්ද..? ”මෙහෙමයි කොවිඩ් කාලේ කිසිම ක්ලාකරුවෙක්ට වැඩ ලැබුනේ නෑ, ඉතින් ඒක මටත් අදාලයි, ඒ කාලේ කලාකරුවන් ගතකලේ බොහොම අමාරු කාලයක්, මොකද කළාකරුවාන් කියන්නේ කෝටිපතියෝ නෙවෙයි නේ, ඉතින් ඒ දේවල් හැමෝටම එකවගේ බලපෑවා, හැබැයි මට ඒක ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ, මොකද මම ඉන්නේ අම්මා තාත්තා එක්ක නේ, ඒ අය මම මොන තත්වෙක හිටියත් මට ඕන කරන දේවල් මම ආස කරන දේවල් කොහොම හරි ගෙනත් දෙනවා, ඒ නිසා මට ඒක ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ”

චාමික කරුණාරත්නගේ ඇස් දෙක දිහා බලාගෙන ගීතයක් ගයනා කල නිසා මේ දවස්වල දිල්කි කතාබට ලක් වෙන චරිතයක් වෙලා නේ ද..? ”මෙහෙමයි කතාබහට ලක්වෙලාද කියන්න මම නම් හරියටම දන්නේ නෑ, හැබැයි නිහතමානිව කියන්න ඕන මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් තම ටික කාලයයි, හැබැයි මදි නොකියන්න මට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා, චාමිකගේ සිද්දීයනම් පොඩි රඟපෑමක් විතරයි, මට කිවුවා එයාගේ ඇස් දෙක බලාගෙන සිංදුව කියන්න කියලා ඉතින් මම එහෙම කරා,

හැබැයි මෙහෙමයි ඒ වෙලාවේ පොඩි අපහසු තාවයක් දැනුනා, මොකද චාමික කියන්නේ කා අතරත් කතාබහට ලක් වුණු ක්‍රිකට් ක්‍රිඩකයෙක්නේ, හැමෝම ආදරේ කරන චරිත ටිකක් නේ එදා හිටියේ මටයි කාවින්ද්‍යා අධිකාරිටයි ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒක මට නම් විශේෂ අවස්ථාවක්.”

ඇත්තම කියන්න චාමිකට ආදරේ හිතුනේ නැද්ද..? ”මම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක්ම ආදරෙයි, මම ක්‍රිකට් ක්‍රීඩාවේ ඩයි හාට් ෆෑන් කෙනෙක් කිවුවොත් හරි, ඒ වගේම මම කැමතිම ක්‍රීඩකයත් චාමිකම තමයි, ක්‍රීඩකයෙක් විදිහට මම චාමිකට ආදරෙයි ආදරෙයි. හැබැයි එතනින් එහාට වෙන කිසිම දෙයක් නැහැ, ගොඩක් අය මගෙන් අහනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ආදරේ ප්‍රකාශ කලොත් කැමති වෙනවද කියලා, ඒ හැමෝටම මම දෙන උත්තේ තමයි නැහැ කියන එක, ඒකට හේතුව තමයි මම පෙම්වතියක්, මම මගේ ආදර කතාව ප්‍රසිද්ධ කියලා තියෙන්නේ, මම එයාට ආදරේ නිසා හිත වෙන කෙනෙක්ට යන්නේ නෑ, චාමික ඇහුවත් මම කැමති වෙන්නේ නෑ”

පැරණි පුවත්

පුංචි කාලෙ පෙන්නපු පුංචි පුංචි රංගන දක්‍ෂතා හඳුනාගත්තු ඇගේ දෙමවුපියන් එ් හැකියාවන් ඔපමට්ටම් කරගෙන රංගන ක්‍ෂේත‍්‍රය ජයගෙන ඉදිරියට යන්න ආශිර්වාදයක් වෙනවා. එ් ගමන් මගේ මූලික අඩිතාලම වෙන්නෙ සිරස නාලිකාව හරහා විකාශය වූ රන්සිත්යාය ළමා වැඩසටහන. එදා රන්සිත්යායෙන් පටන් අරගෙන අද දිවිතුරාහි රෙහානා රාජිනී හි රෝස් වගේම පාරවසා ඇත ටෙලි නාට්‍යයේ සවනි ලෙස පුංචි තිරය ඔස්සේ අප ඉදිරියට එන සුධීක්‍ෂා සමාධි පැමිණි ගමන් මගේ අසිරිය මේ විදියට මතක් කළා.

මා සතුව රංගන හැකියාවන් තියෙනවා කියල මූලින්ම හඳුන ගන්නෙ මගේ අම්ම තාත්තා. එ් අවබෝධය මත තමයි මට නොතේරෙන පුංචි වයසෙදි ඔවුන් මාව කලා කටයුතුවලට යොමු කරන්නෙ. එ් යොමු කිරීම නිසා තමයි අද දවස වෙනකොට රංගන ශිල්පිනියක් ලෙස ක්‍ෂේත‍්‍රයට පයතින්න හැකියාව ලැබුණෙ.

ළමා වැඩසටහනක – පාසලේ හතර වසරෙ ඉගෙනුම ලබද්දී තමයි සිරස නාලිකාවෙ විකාශය වුණ රන්සිත් යාය ළමා වැඩසටහනට මාව යොමු කළේ. සාමාන්‍ය පෙළ පංතියට එනකම් මම එ් වැඩසටහනට සහභාගි වුණා.

අධ්‍යාපන කටයුතු – පන්නිපිටිය ධර්මපාල විiාලයේ තමයි මම ඉගෙන ගත්තෙ. විෂයක් හැටියට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. වේදිකා නාට්‍යවලට තිබුණෙ පුදුම කැමැත්තක්. උසස් පෙළ කරන කාලෙ මම ම පිටපත ලියල මම ම රංගන කටයුතුවලට යාළුවො දම්මල නාට්‍ය ඉදිරිපත් කළා. එ් හරහා මම හොඳම අධ්‍යක්‍ෂිකාව ලෙස සම්මානයටත් පාත‍්‍ර වුණා. එ්ක මම පාසල් මට්ටමෙන් ලබපු විශාල ජයග‍්‍රහණයක්.

රංගනයට – රංගන ක්‍ෂේත‍්‍රයේ මගේ මුල්ම ගුරුවරයා වෙන්නෙ වසන්ත ඥානප‍්‍රිය සර්. ඔහු රන්සිත් යාය වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්‍ෂ විදියට කටයුතු කරමින් සිටින අතරතුර තමයි මා තුළ තිබූ සැ`ගවුණ රංගන හැකියාවන් එළියට අරගෙන මාව දිරිමත් කළේ.

මුල්ම තිර පරීක්‍ෂණය – තුන්පත් ?න කියලා ෆිල්ම් එකකට අවුරුදු 18 ක විතර තරුණ ගැහැනු ළමයෙක් අවශ්‍යයි කියලා රේණුකා බාලසූරිය මිස් පත්තරේ දැන්වීමක් දාල තියෙනවා දැකලා තමයි මම අම්මත් එක්ක එ් සඳහා යන්නෙ. එදා පරීක්‍ෂණයෙන් මම සමත් වුණා. එ්ත් මට එ් අවස්ථාව මග හැරෙනවා. මොකද කථාවෙ හැටියට කොණ්ඩෙ කපන්න වෙනවා. එ්කට මගේ අම්ම වගේම තාත්තත් අකමැති වුණා. එදා මම අඬල කිව්වා කොණ්ඩෙ කපල හරි එ් චරිතය ර`ගපාන්න මම කැමතියි කියලා. එ්ත් අන්තිමට කල්පනා කරලා බැලූවම මටත් එ් දේට එක`ග වෙන්න වුණා. මොකද මගේ කොණ්ඩෙ වැවෙන්නෙ හරිම අඩු වේගයකින් නිසා.

රංගනයට පාර කැපෙනවා – එ්ක අදහගන්න බැරි අවස්ථාවක් වුණා. එ් ඔඩිෂන් එකේදිම මට හමුවෙනවා ප‍්‍රවීන රංගන ශිල්පියකු වන අනිල් ජයසිංහ මහතාව. ඔහු එ් සිදුවීම දැකල අම්මට කියනවා ටෙලිනාට්‍යයකට ගෑනු ළමයෙක් හොයනවා මම තැන කියන්නම් කැමති නම් යන්න කියල. එ් විදියට ගිහින් දෙරණ නාලිකාවේ විකාශය වූ දේදුණු කියන ටෙලිනාට්‍යයේ ජනීශා කියන චරිතය නිරූපනය කළා.

දිගින් දිගටම ආරාධනා – එදා කොණ්ඩෙ කපල හරි රංගන සිහිනය සැබෑකරගන්න අඬපු මට දෙයියන්ගෙ පිහිටයි කියලා දේදුණු ටෙලිනාට්‍යයෙන් පස්සෙ කලූ අරලිය නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා. එ් විදියට එකක් ඉවර වෙනකොට තව නිර්මාණයකට සම්බන්ධවෙමින් මොනර කඩදාසි, ලබැඳියේ, අන්කල් සෑම්, වරාමලී, ස්නේහා, වස්සානේ පේ‍්‍රමය, පැහැසරා, උතුම් පැතුම් ඇතුළු තවත් ටෙලිනාට්‍ය ගණනාවක විවිධ චරිත නිරූපනය කරන්න අවස්ථාව හිමිවුණා.

චරිත තෝරා බේරා ගැනීම – මම දකින දෙයක් තමයි අද අවුරුදු කුමාරියක් වෙලා ක්‍ෂේත‍්‍රයට එන අයත් බලාපොරොත්තු වෙන්නෙ ප‍්‍රධාන චරිත. මා ළ`ග එවැනි බලාපොරොත්තු එදා තිබුණෙත් නෑ අද තියා ගන්නෙත් නෑ. නිර්මාණයකට ආරාධනා ලැබෙන්නෙ එක දවසක විකාශය වන චරිතයක්ද එ්කට මට සාධාරණයක් කරන්න පුළුවන්නම් මම ගිහින් ර`ගපානවා.

අද දවසේ රංගන කටයුතු – මේ දවස්වල ස්වර්ණවාහිනියේ පාරවසා ඇත දෙරණ නාලිකාවේ රාජිනී වගේම හිරු නාලිකාවේ දිවිතුරා කියන මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය තුනක්ම විනාශය වෙනවා. වැඩ ඉවර කරපු තවත් නාට්‍ය තුනක් විකාශය වීමට නියමිතව තියෙනවා. මම හිතන්නෙ මේ ටික ඉවර වෙනකොටම වගේ එ්වත් විකාශය වේවි.

සිනමාවට ආරාධනා – ඇත්තටම එ්කත් කාලෙක ඉඳල මගේ හිතේ තිබුණ ලොකු හීනයක්. මම වැඩකරපු ෂැඩෝ නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා වූ නාලක විතානගේ මහත්මයා තමයි මට මුලින්ම රිදී තිරයට ආරාධනා කරන්නෙ. එ්ත් මේ පවතින කාලයත් එක්ක එ්ක පොඞ්ඩක් පස්සට ගියා. ඔය අතරේ දෙවැනියට ලැබුණ ආරාධනාවකට අනුව කැලූම් ආර්යන්ගෙ චිත‍්‍රපටයකට සම්බන්ධ වුණා. එහි වැඩකටයුතු දැන් බොහෝ දුරට අවසන්. එ් අනුව 2023 වසරේ ආදරණීය රසිකයන්ට මාව රිදී තිරය හරහා දැක ගන්න පුළුවන්.

රංගනය රැුකියාව වෙනවා – මුල්කාලෙ මම ට‍්‍රැවල් එ්ජන්සි එකක එකවුන්ට් ඇසිස්ටන් කෙනෙක් විදියට රැුකියාවක් කළා. එ් ආයතනයෙන් මට ලැබුණ විශාල සහයෝගයත් එක්ක මට වසර දහයක් රැුකියාවේ නිරත වෙමින් ක්‍ෂේත‍්‍රය තුළ බැලන්ස් එකේ ගමනක් ගියා. එ්ත් දැනට අවුරුදු දෙකක පමණ ඉඳල මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක් විදියට තමයි වැඩ කරන්නෙ.

පවුලේ විස්තර – අම්ම තාත්තා ඇරුණහම මට ඉන්නෙ මල්ලියෙක් විතරයි. ඔහු තමයි මට ඉන්න ළ`ගම සහ හොඳම පේ‍්‍රක්‍ෂකයා. මගේ රංගනය හොඳනම් එයා කියනවා අක්කෙ ඔයා නියමෙට එ්ක කරා කියලා. එහෙම නැති වුණොත් එ්කත් මගේ මූණටම කියනවා. එ් නිසා මම නිතරම විමසිල්ලෙන් ඉන්නෙ මල්ලිගෙන් ලැබෙන කමෙන්ට් එක දිහා බලාගෙන. එතකොට අඩුපාඩුවක් තියෙනව නම් හදාගන්න ලේසියිනෙ.

පෙම්වතාගේ ප‍්‍රතිචාර – හොඳයි හෝ නරකයි කියලා ප‍්‍රතිචාර ලබන්න මට මේ වෙද්දී පෙම්වතෙක් නෑ. මම ආදරය කරල තියෙනවා. එ්ත් මම ආදරේ කරපු තරමට මට ආදරේ ලැබුණෙ නෑ. ආදරේ කියනදේ කවදාවත් බලෙන් ගන්නත් බෑ. එහෙම අරගෙන වැඩකුත් නෑ. එ් නිසා මේ කාලෙ මගේ වැඩ ටික කරගෙන සතුටින් ඉන්නවා. ගෑනු ළමයෙක් විදියට මමත් කැමතියි පෙම්වතියක් බිරිඳක් මවක් විදියට ලස්සන ජීවිතයක් ගතකරන්න. රංගනය කියන මගේ ආදරණීය වෘත්තියටත් මට වගේම ආදරය කරන කෙනෙක් මගේ ජීවිතේට එයි කියලා මට විශ්වාසයක් තියෙනවා. එදාට බොහොම ආදරෙන් මම ඔහු ළ`ග නතර වෙයි.

පැමිණි ගමන්මග – ඒ දිහා ආපහු හැරිල බලද්දි හිතට දැනෙන සතුට කියල නිම කරන්න බෑ. රංගනයට යොමු වෙලා මම මගේ සිහිනය සැබෑ කරගත්ත වගේම අම්ම තාත්තගෙ හීනත් සැබෑ කරා. මං ගැන එකම සහෝදරයා ඉන්නෙත් ලොකු සතුටකින්. අනිත් අතට කරන රංගනය හරහා ආදරණීය පේ‍්‍රක්‍ෂකයො සතුටු කරන්න ලැබීමත් හැමෝටම නොලැබෙන අවස්ථාවක්. එ් දේවල් කල්පනා කරද්දි ජීවිතේ සුන්දරද මෙතරම් කියල හිතෙන වාර අනන්තයි. අප‍්‍රමාණයි.

ධම්මික හේවාවසම් – නවලිය පුවත්පත

මෙන්න බලන්න තවත් පුවත්