ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ගොඩක් දෙනෙක්ගේ හදවත දිනා ගත්තු අති දක්ෂ ගායිකාවක් තමයි ශානිකා වනිගසේකර කියන්නේ. ඇය කලාවට එන්නේ අවුරුදු හයක පුංචි දැරියක කාල සීමාවේදීමයි. ඒ තරම් පුංචි වයසක කෙනෙක්ට ලස්සනට ගීත ගායනා කරන්න හැකියාවක් තියෙනවා කියන්නේ ඇය කොයි තරම් කොයිතරම් දක්ෂ කෙනෙක් වෙන්න ඇත්ද. ඒ විදිහට අවුරුදු ගණනාවක්ම ඇයව ගායිකාවක් වෙන ගමන් මග තුළ සෑම ප්‍රසංග වේදිකාවකට ම ඇය ව එක්කන් ගිහින් තියෙන්නෙ ආදරණීය අම්මා සහ තාත්තායි.

ඉතින් ඒ සියලු කැපකිරීම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි අද වෙද්දි බේබි ශානිකා කියන ආදරණීය නමින් බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්න පටන් ගන්නේ. එදා අම්මගෙ තාත්තගෙ අතේ එල්ලිලා වේදිකාවට ගොඩ වුණු ඇය ටිකක් වයස යන්න යන්න සෑම ප්‍රසංගයකට ගෙනියන වගකීම බාරගන්නේ ආදරණීය සැමියා වන සජිත් ඩිලේන්ද්‍රයි.

ඇය විවාහ වෙලා මේ වන විට දරුවන් තිදෙනකුගේ සෙනෙහෙබර අම්මා කෙනෙක් වෙන්නත් වාසනාවන්ත වුණා. පවුලේ වැඩ කටයුතුත් එක්ක සංගීත වැඩ කටයුතු කරද්දී දරුවන් තුන්දෙනාගෙන් විශාල සහයෝගයක් ඇයට ලැබෙනවා ලු. අම්මව තේරුම් ගත්තු අම්මගෙ රැකියාව තේරුම් ගත්තු ආදරණීය දරුවන් තුන්දෙනෙක් ඇයට ඉන්නේ. ඒ නිසාම ගෙදර දොරේ වැඩපළ ගැන වුණත් ශානිකාට අමුතුවෙන් හිතන්න ඕනෙ නැහැ.

ඇයගේ ආදරණීය ස්වාමි පුරුෂයා ගැන කතා කරද්දි වයස අවුරුදු දාසයක් වෙද්දී ශානිකා නුවරට ගිහින් මට නුවරින් කොල්ලෙක් ඕනේ කියලා දළදා මාලිගාවේ ද එක්තරා ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් ඒ විදිහටම ඇයට නුවරින් ආදරණීය ස්වාමි පුරුෂයා ව මුණ ගැසුණා. මේ මුණ ගැසීම සිද්ධවෙන්නේ හරිම අමුතු විදිහට. ඒ තමයි ඇයට ප්‍රථම ආදර කතාවක් තිබිලා තියෙනවා ඒ ආදර කතාව ඒ වෙද්දි breakup වෙලා. ඊට පස්සේ තමයි දැන් ඇය විවාහ වෙලා ඉන්න සජිත් ඇයට හම්බ වෙන්නේ. ඒ ගැන ශානිකා කිව්වෙ මේ වගේ කතාව.

“සජිත් මගේ පළමු පෙම්වතා ගෙ යාළුවා මගේ ආදර කතාව නැති වුණාට පස්සේ සජිත් තමයි මගේ දුක අහපු කෙනා. අන්තිමට හිතපු නැති විදිහට අපි දෙන්නා යාළුවො වුණා. කොහොමත් මට වැඩිපුර හිටිය පිරිමි යාළුවෝ ඒ නිසා මම එයාලගේ සිතුම් පැතුම් තේරුම් අරන් හිටියේ. සජිත් හරියට මගේ තාත්ත වගේ මම ගැන හෙව්වා බැලුවා දවසක් එයා මට විවාහයට යෝජනා කළා. විරහ වේදනා විඳලා තිබ්බ නිසා මට බය හිතුනා මම සජිත්ට කිව්ව මගේ අම්මට තාත්තට කියන්න කියලා. ඊට පස්සේ අවුරුදු විසි දෙකේදී එයාට ආදරෙයි කිව්වා 23 විසි තුනේදී විවාහ වුණා. මගේ දුක අහන්න ගිහින් අන්තිමට එයාට මාව කර ගහන්න ඕනා”

ඒ විදියට අදහස් දක්වන ඇය සඳහන් කරන්නේ එදා කරපු ප්‍රාර්ථනා නිසා වෙන්න ඇති මේ වගේ හොඳ සැමියෙක් ඇයට ලැබුණේ කියලයි. ඉතින් තවත් බොහෝ කාලයක් ආදරණීයයන් විදිහට ජීවිතය තුළ ජීවත් වෙන්නට ඔවුන්ට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

පැරණි පුවත්

ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා මගේ දැඟලිල්ල අඩුවෙලා නෑ – නෙහාරා පීරිස්

පුංචි තිරයේ ඉන්න සමානනීය වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ, කොහොම වුනත් නෙහාරා දැන් නම් ඇය වැඩිය පේන්න නෑ, ඉතින් අපි හිතුවා මේ දවස්වල කාගේත් ආදරේ දිනාගෙන ඉන්න නෙහාරා පීරිස් සමග, ඉතින් නෙහාරා ඔයාලගේ පවුලට අලුත් සාමාජිකාවක් එකතු වුනා නේද..? ”ඔව් දැන් අපේ පවුලට තවත් සාමාජිකාවක් එකතු වෙලා ඉන්නේ, දියනියන්ම දෙන්නෙක් තමයි මේනකටයි මටයි ඉන්නේ, දැන් මගේ සහ මේනකගේ ජීවිතේ තවත් ලස්සන වෙලා කියන්න පුළුවන්, ඇත්තටම ඒ සතුට වචන වලට හරවන්න බෑ, හරිම සතුටින් ඉන්නේ මේ දවස්වල”

දියණියන් දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් නේ දැන්, ඉතින් ඔබට වගකීම් ගොඩක් වැඩියි නේද..? ඔව් ඒක ඇත්ත ඒක හැම අම්මා කෙනෙක්ට හැම තාත්තා කෙනෙක්ටම පොදු දෙයක්, මොකද දැන් අපි බබාලා දෙන්නගේ ඉදිරි අනාගතය ගැන හිතන්න ඕන, ආරක්ෂාව ගැන හිතන්න ඕන, දරුවෝ දෙන්නා ඇස්දෙක වගේ බලාගන්න ඕන, ආදරේ වැඩි නිසා හරිම බයයි, ඒ හැඟීම දැනෙන්නේ අම්මා කෙනෙක්ටම විතරයි, ඒ දේවල් ගැන හිතත්දී ඔලුවට පීඩනයක් එනවා, මොකද ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් නේ,”

නෙහාරා කියන්නේ ටිකක් දඟකාර කෙළිලොල් කටකාර චරිතයක්, හැබැයි දැන් මවක් ඉතින් දැන් ගෙවන ජීවිතේ එක්ක කලින් ගෙවපු ජීවිතේ ගැන මොකද හිතෙන්නේ..? මෙහෙමයි අම්මා කෙනෙක් වුනා කියලා මම මගේ දැඟලිල්ල නතර කරලා නෑ, බිරිඳක් වුනා කියලා අම්මා කෙනෙක් වුනා කියලා වෙනසක් නෑ නෙහාරා නෙහාරාමයි, හැබැයි මම බිරිඳක් විදියට වගේම මවක් විදියට මගේ යුතුකම් සියයට සියයක්ම ඉටු කරන්න කැපවෙලා ඉන්නවා, මම පළවෙනියට අම්මා කෙනෙක් වෙලා බබා ගෙදරට ගෙනාව දවසේ ඉඳලා බබා නාවන කවන පොවන වැඩ හැම දෙයක්ම කලේ මම, මේ පාරත් එහෙම තමයි, මගේ අම්මටවත් බබා නාවන්න දුන්නේ නෑ, හැබැයි නෙහාරා ඉස්සර වගේමයි වෙනස්වෙලා නෑ”

නෙහාරා ආයේ කළා නිර්මාණ හරහා අපිට දැකගන්න ලැබෙන්නේ කවදද..? ”මෙහෙමයි ආයේ ටෙලිනාට්‍ය හරහා නම් මාව දකින්න ලැබේවිද කියලා කියන්න අමාරුයි, මොකද මම දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්, දැන් ජීවිතේ වැඩිම තැනක් දීලා තියෙන්නේ මගේ පවුලට සහ ළමයි දෙන්නට, ඒ හේතුව නිසා කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්න වෙන්නේ බොහොම අඩුවෙන්, මම නර්ථන ප්‍රසංග වලටනම් සම්බන්ද වේවි, හැබැයි ඒ දේවල් කරන්න කලින් මම මගේ බර අඩු කරගන්න ඕන, දැන් මගේ බර 80ක් වෙලා, මේ බර මටම දරාගන්න අමාරුවෙලා ඉන්නේ,”

මෙන්න බලන්න තවත් පුවත්