ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.

ශ්‍රී ලාංකීය සිනමාවේ සිටින විශිෂ්ඨ අධ්‍යක්ෂකවරියක වන සුමිත්‍රා පීරිස්  1935 මාර්තු 24 දින උපත ලදී. 1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස  මහඟු සේවයක් ඉටු කළ ඇය ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ආදරණීය බිරිදයි. ඇය  විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි. යහළු යෙහෙළි, ලොකු දුව, දුවට මවක මිස ආදී වූ සිනමා නිර්මාණ රැසක් මෙරට සිනමාව වෙනුවෙන් දායාද කොට තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්