ඊයේ (17) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී තරුණියක් තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම තරුණියගේ පෙම්වතා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබූ තරුණිකයකගේ මළසිරුර කොළඹ තුරඟ තරග පිටියේ පඩිපෙළක් මතදී ඊයේ දහවල් සොයා ගැණුනි. එලෙස ඝාතනයට ලක්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති 24 හැවිරිදි හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මියගිය තරුණිය මීට මාස දෙකකට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමට පෙම්වතාට යෝජනා කර ඇති අතර ඇයව වෙනත් අයෙකුට අයිති වේ යැයි සිතා අදාළ තරුණයා එම ඝාතනය සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

විශ්වවිද්‍යාලයේ දේශන අවසන් වීමෙන් අනතුරුව ඊයේ පෙරවරු 11ට පමණ ඇය සිය පෙම්වතා සමඟින් කතාබහ කිරීම සඳහා තුරඟ තරඟ පිටිය දෙසට පැමිණ ඇති බවත් ඇයගේ පෙම්වතාද කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේම අධ්‍යාපනය ලබන තරුණයෙක් බවත් පොලිසිය පවසයි.

සිද්ධිය වූ අවස්ථාවේ අදාළ තරුණයා තුරඟ තරඟ පිටිය අසලින් ගමන් ගන්නා ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි. සිද්ධියට අදාළව සැකකාර පෙම්වතා කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත මාරපන මහතාගේ අධීක්ෂණයෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

මියගිය තරුණිය මීට මාස දෙකකට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමට පෙම්වතාට යෝජනා කර ඇති අතර ඇයව වෙනත් අයෙකුට අයිති වේ යැයි සිතා අදාළ තරුණයා එම ඝාතනය සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

පොලීසිය සඳහන් කළේ අදාළ ඝාතනයෙන් පසු සැකකාර සිසුවා ද සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවට තහවුරු නොකළ තොරතුරු වාර්තා වී ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්