පසුගිය වසරේ අගෝස්තු මස සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් පවසමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

එම නිවේදනයට අනුව, ආණ්ඩුව අත්තනෝමතික ලෙස මෙම ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයා රඳවා තබාගැනීම දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව සදහන් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2022 අගෝස්තු 18 වනදා අත්අඩංගුවට ගත් මුදලිගේ රඳවාගෙන දින 140 කට ආසන්න කාලයක් ගතවුවත් ඔහුට එරෙහිව කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නීතිය හමුවේ ඔප්පු කිරීමට බලධාරීන් අසමත්ව ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

source – lankadeepa

මෙන්න බලන්න තවත් පුවත්