රටක් ආදරය කරන ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙක් සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞශල්‍යය මහතාගේ ආදරණීය බාල දියණිය තමයි අමන්ද්‍යා උත්පලි කියලා කියන්නේ. කොහොම නමුත් ඇය මුලින්ම ප්‍රේක්ෂක හදවත් දිනා ගන්නේ සහන් රන්වල ප්‍රමුඛ රන්වල බළකායේ යාවජීව සාමාජිකාවක් සහ දක්ෂ ගායිකාවක විදිහටයි. ඉතින් මේ වෙද්දීනම් ඇය රංගන ශිල්පිනියක් විදිහට තමයි බොහෝ දෙනෙක් හදුනන්නේ.

ඉතින් පහුගිය කාලයේ නාඩගම්කරයෝ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආපු ඇය දැන් කී ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයට නොනිමි ටෙලි නාට්‍යයට සුරාජ් මාපා ආරාධනා කල නිසා ඉස්සරහට ඇයව එම ටෙලිනාට්‍ය හරහාත් දකින්න ලැබෙයි කියලයි ඇය නම් කියන්නේ. ඒත් එක්කම ඇයගේ අලුත්ම ගීතය මේ මාසේ 22 රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ රංගනයට ඇයගේ තාත්තාගෙන් ඉතාම උසස් ප්‍රතිචාරයක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රඟපාන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම හැමදාම ඇය ඉන්න එපිසෝඩ් එකක් ගියොත් ඇය තාත්තට කතා කරලා අහනවාලු බැලුවද කියලා. ඒ වගේම අදටත් ඇය key සහ නොනිමි නාට්‍යයේ ඇය ඉන්න කොටස් ගියාම ඇය කෝල් කරනවා කියලත් අමන්ද්‍යා කියනවා.

ඉතින් ඇයගේ හොඳම විචාරකයන් දෙන්නා තමයිලු ඇයගේ තාත්තා සහ මහත්මයා. ඒ වගේම ඉස්සර ඉදන්ම තාත්තා කැමති වුණේ ඇය ගායිකාවක් වෙනවා බලන්නලු. ඒ නිසා ඇය පාසල් යන කාලේ රංගනයට ආව ඇරයුම්වලට පවා ඇයව යොමු කළේ නැහැ කියලයි ඇය කියන්නේ. නමුත් අද ඇයව රූපවාහිනී තිරයෙන් දකිද්දි තාත්තා ලොකු සතුටක් ලබනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ ආදරණීය සැමියා තමයි සාරංග කළුගල. ඉතින් ඇයගේ මේ ගමනට පිටුපස ඉඳන් ලොකු ශක්තිය දෙන්නේ සාරංග කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ හැකියාවන් ඔප්නංවලා ඒකට සහයෝගය දෙන්නේ කොහොමද කියන අවබෝධය ඔහුට තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

පැරණි පුවත්

18ට පැන්න ගමන් අම්මා කිවුවා දැන් ඔයා කැමති දෙයක් කරන්න මට ප්‍රශ්නයක් නෑ කියලා

ලංකාව ඉන්න තරුණ රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම කතාබහට ලක්වෙන වගේම හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසංගා කියන්නේ, ළමා රංගන ශිල්පිනියක් විදියට කළා ලෝකයට එකතුවුන හර්ෂි දැන් ආදරවන්තියක්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හර්ෂි රසංගා සමග, ඉතින් හර්ෂි මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල ඉතින් වැඩ ගොඩක් නෑ, හිරු නාලිකාවේ විකාශනය වෙන ලංවී කියන ටෙලිනාට්‍යවලට සම්බන්ද වෙලා ඉන්නවා, එකේ ෂූටින් තමයි ඉතින් වෙන විශේෂ වැඩක් නෑ”

හර්ෂි කොහොමද කලාවට සම්බන්ද වුනේ ”දවසක් මම අපේ ගෙදර කට්ටිය එක්ක දවසක් හවස විනෝද වෙලා ඇවිදින්න කියලා එලියට ගියා, එදා කොඩිනේටර් කෙනෙක් මාව දැකලා අපේ ගෙදරින් අහලා දුවව ටීවී වෙළඳ දැන්වීමකට දෙන්න පුලුවන්ද කියලා, එදා තාත්තා කැමති වෙලා, මම පලවෙනි දැන්වීම කලාට පස්සේ මට දිගටම වෙළඳ දැන්වීම් වලට අරාධනා ආවා, මම අවුරුදු හතරක් විතර කලේ වෙළඳ දැන්වීම් විතරයි, පස්සේ මට සුජාතා නාට්‍යට ආරාධනා ලැබුනා, ඉතින් මම ඒ විදියට තමයි රංගනයට සම්බන්ද වෙන්නේ”

හර්ෂනී කාගේත් අතර වැඩිම කතා බහට ලක්වුණේ ඔයාගේ ටැටූ නිසා, ඉතින් දැන් ටැටූ කියක් විතර ගහලා තියෙනවද..? දැනට ටැටූ 11ක් ගහලා තියෙනවා, මම සාමාන්‍යපෙළ කරලා මාස හතරකින් තමයි පලවෙනි ටැටූ එක ගැහුවේ, මගේ ඇඟේ තියෙන ටැටූ 11ම මගේ ජීවිතේ වැදගත් සිදුවීම්වලට සම්බන්ද ඒවා,

හර්ෂනී කළාවට සමුදෙන්න හදනවා කියලා අපිට ආරංචි වුනා මොකද්ද ඒ කතාව, ඔයාගේ ආදරේ නිසාද රංගනයට සමුදෙන්නේ ”නැහැ මගේ ආදරණ නිසා නම් නෙවෙයි, මම කලාවෙන් ඈත් වෙන්නේ ටික කාලයකට ඒ විදෙස්ගතවෙලා මගේ උසස් අධ්‍යාපනය හදාරන්න, මම රටයන්න හිටියේ ගිය අවුරුද්දේ, මම ලංකාවෙන් යන්න ඉන්න කාලේ තමයි ලංවී නාට්‍යයේ පිටපත් තිමිර අයියා මට ගෙනත් දෙන්නේ, ඉතින් මම ඒ පිටපත අතට ගන්නේ නැතුවම කිවුවා මම ළඟදීම ලංකාවෙන් යනවා කියලා, තිමිර අයියා කිවුවා කියවලා බලලම උත්තරයක් දෙන්න කියලා, ඒක කියෙවුවම මට ආස හිතුනා, ඉටපසේ මම හිතාගත්තා මේක කරලා යනවා කියලා”

ඔයාට දුක නැද්ද මච්චර ජනප්‍රිය වෙලා ඉද්දී කලාවෙන් ඈත්වෙලා යන්න වෙන එක, ”ඇත්තම කියනවනම් මම මෙච්චර කල් කලාවට සම්බන්ද වෙලා හිටියේ මගේ අම්මගේ ආසාවට, මට අවුරුදු 18ක් උන ගමන් අම්මා කිවුවා දැන් ඔයා කැමති දෙයක් කරන්න මට එකේ ප්‍රශ්නයක් නෑ කියලා, ඒ නිසා තමයි මට රටගිහින් ආයේ ඉගනගන්න හිතුනේ, ලබන අවුරුද්දට මට අවුරුදු 20ක් වෙනවා තව වයස තියෙන නිසා මම රටගිහින් ඉගන ගන්නවා”

මෙන්න බලන්න තවත් පුවත්